සුරුලුමහමුනියාව රජමහා විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...

ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 6.5ක් පමණ ගියවිට සුරුලුමහමුනියාව රජමහා විහාරයට ලඟා විය හැක. මෙය 18 වන ශතවර්ෂයේ ජනප්‍රිය විහාරස්ථානයක්ව තිබූ  බව මෙම පුජා ස්ථානය පුරාන නම්පොතෙහි ඇතුලත් පවා ඇතුලත් වීමෙන් පෙනේ.  නම්පොත හෙවත් විහාර අස්න, 18 වන ශතවර්ෂයේදී හෝඩිය උගෙනීමෙන් පසු ව කුඩා දරුවනට වචන උච්චාරණය හුරු කිරීමට භාවිත වූ ග්‍රන්ථයකි.  මෙහි ඇතුලත් වුයේ එකල ප්‍රසිද්ධ විහාර නාමාවලියකි. 

මෙම විහාර සංකීර්ණයේ නටබුන් සමහරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණය කර ඇති අතර ඒවා අතර බෝධිඝරය, ස්ථූප, පිළිම මන්දිරය සහ තවත් ගොඩනැගිල්ලක් ඇත.

2022 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යතන යුගයේ සිංහල අක්ෂරවලින් ලියන ලද කුළුණු ලිපියක් සහ ගිරි ලිපියක් සොයා ගන්නා ලද අතර මේවා ආසන්න වශයෙන් ක්‍රි.ව. 9 – 10 වැනි සියවස්වලට අයත් විය. (Urugodawatte, 2022).

ආශ්‍රිත

  • Urugodawatte, B. (2022) ‘Recovering Newly Identified Inscriptions in the Trincomalee District’, Archeo Sri Lanka – Newsletter of the Department of Archaeology, Sri Lanka, 2(1), p. 4.

සම්බන්ධ වෙනත් පිටු

සුරුලුමහුමුනියාව රජමහා විහාරයේ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සුරුලුමහුමුනියාව රජමහා විහාරයේ නටබුන් රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට  සුරුලුමහුමුනියාව රජමහා විහාරයේ නටබුන් දක්වා
හරහා :ගෝමරන්කඩවල
මුළු දුර : කිලෝමීටර් 46
ගතවන කාලය : පැය 1
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply