හුලන්ගල නොහොත් සැළගම පුංචි ලෝකාන්තය සවාරිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (16 votes, average: 2.81 out of 5)
Loading...
Eranda Nalin Karunarathe
By Eranda Nalin Karunarathe

කවදාහරි ඉටුකරගන්නවා කියල හිතන හීන අපි හැමෝටම තියෙනවා. ගොඩක් අය දකින්නේ සල්ලි වලින් ඉෂ්ඨ කරගන්න පුළුවන් හීන විතරයි. හැබැයි සොභාදහමත් එක්ක රැඳෙන මිනිසාට මුදල්වලට එහා ගිය හීන රාශියක් තියෙනවා. ඒ හීන ඉෂ්ඨ කරගන්න ලක්ෂපතියෙක් හෝ කෝටිපතියෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් අන්න ඒ වගේ මගේ හිතේ තිබුණු සිහිනයක් තමයි ළඟදීම දවසක හුලන්ගල පුංචි ලෝකාන්තය බලන්න අනිවාර්යෙන්ම යනවා කියන හීනය. මොකද මේ ගමන සාමාන්‍ය වාහනයකින් යන්න පුළුවන් ගමනක් නෙවෙයි. ඒ හින්ද ආදරණීය තුසිත මල්ලිගේ ආදරණීය වන්ඩිය තමයි අපිව හුලන්ගලට රැගෙන ආවේ…

කුරුණෑගලට ඇවිල්ල මාතලේ පාරේ යටවත්ත හන්දියෙන් හැරිලා ඇල්කඩුව ප්ලාන්ටේෂන් ලිමිටඩ් ආයතනයට අයත් සැලගම වත්ත හරහා තමයි මෙම ස්ථානයට එන්න ඕනි. මාතලේ යටවත්ත ප්‍රධාන මාර්ගයේ වම් පසින් පෙනෙන දිගු කඳු වැටියේ මධ්‍යට වන්නට තමයි හුලන්ගල පුංචි ලෝකාන්තය පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ. ගම්මානය හරහා ගොස් ඉන්පසු සුන්දර තේ වතුයාය තරණය කරමින් ඉතාමත් අපහසු කඩතොළු වලින් පිරි මාර්ගයක තමයි මෙහි එන්නට ඕනි. වත්තේ ඔෆිස් එකෙන් රුපියල් 100/=ක ටිකට් පතක් මිලදී ගන්නත් ඕනි. මට මතකයි හුලන්ගල මෑතකදී ජනප්‍රිය වීමට බොහෝ කලකට පෙර රුපවාහිණී සැරිසර වැඩසටහනක් හරහා මෙම ස්ථානය ප්‍රථම වරට මාධ්‍ය මගින් ජනතාවට දැනගැන්වීමට සැලසූ අවස්ථාව . ඒ වීඩියෝ එක තාමත් මා අතේ තියෙනවා.

කාර්යාලය අභියස ඉඳන් කිලෝමීටරයක පමණ දුරක් වතුයාය මැදින් ආවහම මිහිපිට අසිරිමත්ම පිහිටීමක් දනවන මෙම හුලන්ගල පුංචි ලෝකාන්තයට පැමිණිය හැකියි. මේ පාරේ බයික් සහ ෆෝවීල් වාහනයකට ඇරෙන්න වෙන වාහනයකට පැමිණෙන්න නම් ඉතාමත්ම අපහසුයි. අපි බයික් එකේ ආවෙත් බොහොම අමාරුවෙන්. හැබැයි එන්න බැරිකමක් නැහැ. බස්වලින් වෑන් වලින් එන සංචාරකයින් කාර්යාලය අභියස සිය රථය ගාල්කොට දෙපයින්ම මෙම ස්ථානයට පැමිණිය යුතු වනවා. එහෙම එන අය මතක ඇතුව මාර්ගයේ පමණක්ම පැමිණෙන්න. මාර්ගයට පිටින් තේ වත්ත සහ වනය හරහා ඔබ ගමන් කොළහොත් දැඩි කූඩලු ප්‍රහාරයකට ඔබ ලක්වනවා නොඅනුමානයි. ඒ වගේම මෙහි ගල් පොත්තට පැමිණි පසු දැඩි සුලන් ප්‍රවාහයකට ලක්වීමත් ගල් පොත්ත ලිස්සන් සුලුවීමත් නිසා ඔබගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමටත් වගබලාගන්න…

සුන්දරත්වයේ අසිරිමත්ම තෝතැන්නක් වන මෙම හුලන්ගල පුංචි ලෝකාන්තය ලංකාවේ පිහිටි අනෙක් කුඩා ලෝකාන්ත වගේම ඉමහත් සංචාරක ආකර්ෂණයට ලක්වූ ස්ථානයක්. ඇත්තෙන්ම මෙය මෙතරම්ම ජනප්‍රිය වූයේ ඉතා මෑතකදී. එමනිසාම විවිධ ෆේස්බුක් සහ යූටියුබ් නාලිකා වලින් මෙම සැලගම පුංචි ලෝකාන්තය ගැන වැඩසටහන් රාශියක් ඉදිරිපත්කර ඇති ආකාරය ඔබට දැකගන්නට පුළුවන්. මෙහි යාමට නොහැකි අයට එම නාලිකා හරහා මෙම ස්ථානය ගැන කරුණු දැනගන්නට පුළුවන්. නමුත් මමනම් කියන්නේ ජීවිතේ එක්වරක් හෝ ඔබ මෙම ස්ථානයට පැමිණෙන්නේනම් එය ඔබේ ජීවිතයේ කිසි දිනෙක අමතක නොවන සුන්දර දිනයක් බවට පත්වේවි…

ප්‍රධාන කඳු පන්ති වලින් ඈත්ව අවශේෂ කඳු වැටියක පිහිටි ස්ථානයක් ලෙස තමයි මානම් මෙම හුලන්ගල පුංචි ලෝකාන්තය දුටුවේ. සාමාන්‍යයෙන් මෙම ස්ථානය මීට‍ර 400 – 500 ත් අතර බෑවුමකින් නැතිනම් උසකින් තමයි පිහිටන්නේ. මෙම ස්ථානයට ගමන් කරන මාර්ගය අවසන් වන්නේ මෙහි ලෝකාන්තය පිහිටි ගල් පොත්තට පැමිණීමෙන් පසුවයි. ඇත්තෙන්ම එය වෙනස්ම අත්දැකීමක්. මන්දයත් ලංකාවේ පිහිටි මෙවැනි බොහෝ ස්ථාන වලට අප ගමන් කරන්නේ ඉතා දුෂ්කර වනගත අඩි පාරවල් හරහා බැවින්. මෙම ගල් පොත්තට පිවිසි විට කුරුණෑගල නගරයෙන් නැගෙනහිර දෙසට වන්නට පිහිටි බොහෝ ස්ථාන දැකගැනීමට අවස්තාව සැලසෙනවා. වලාකුළු අතර සිට පහළ බලන ආකාරයෙන් තමයි එම දර්ශනය අපට දක්නට ලැබෙන්නේ. ඇත්තෙන්ම එම දසුන නිල්ල පිරුණු විචිත්‍රවත් චිත්‍රයක් ආකාරයෙන් අපගේ නෙත් අභිමුව දක්නට ලැබීම මෙහි යනඑන සුයළුම සංචාරකයින් අත්දකිනු ලබන මහගු අත්දැකීමක්.

මෙම ස්ථානයට කෑම්පින් කිරීම පිණිසත් බොහෝ සංචාරකයින් පැමිණෙනවා. ඒ සඳහා විශේෂ අවසරයක් වතු පාලන අධිකාරියෙන් ලබාගතයුතු වනවා. මෙම සුන්දර පරිසරය අපවිත්‍ර නොකොට එය රැකගැනීම මෙහි පැමිණෙන සියලුම සංචාරකයින්ගේ වගකීමක්. ඒ වගේම තමයි හාත්පස පිහිටි වන ලැහැබේ වෙසෙන වන සතුනට හිංසාවක් පීඩාවක් නොවන ආකාරයටද කටයුතු කලයුතු වනවා. ලක්මවගේ භාග්‍යට ලැබීඇති මෙවන් ස්ථාන අපගේ ඉදිරි පරපුරේ දන හඳුනාගැනීම පිණිසත් ඉතිරි කර ගැනීම ඔබේත් මගේත් අප සැමගේත් වගකීමක් නොවේද…

සම්බන්ධ වෙනත් පිටු

සේලගම හුලංගල කුඩා ලෝකාන්තය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සේලගම හුලංගල කුඩා ලෝකාන්තය ගමන් මාර්ගය

කොළඹ සිට හුලංගල කුඩා ලෝකාන්තය දක්වා
හරහා :කුරුණෑගල
දුර : කිලෝමීටර් 125
ගමන් කාලය : පැය 22.30
රිය පැදවීමේ දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

One thought on “හුලන්ගල නොහොත් සැළගම පුංචි ලෝකාන්තය සවාරිය

Leave a Reply