Ruins of the Kavutharimunai Shiva Kovil in Pooneryn - පූනරීන් කවුතරිමුනෙයි ශිව කෝවිල නටබුන්

පූනරීන් කවුතරිමුනෙයි ශිව කෝවිල නටබුන්

ඔබ යාපනයට පූනරීන් හරහා ඇති මාර්ගයේ ගමන් කරන්නේ නම්, යාපනය අර්ධද්වීපයට පහළින් වැලිපර තීරුවේ ඔබට සංචාරය කල හැකි ස්ථාන ගණනාවක් තිබේ. මෙම භූමි ප්‍රමාණය කිලෝමීටර් 22 ක් පමණ දිගින් යුක්ත වේ. මෙම මාර්ගයේ තාර දමා නැත. මෙම භූමි ප්‍රදේශයම තැනින් තැන නිවසක්, පල්ලියක් හෝ හමුදා මුරපොලකින් පමණක් බාධා වන ක්ෂිතිජය දක්වා විහිදෙන වැලිපර සහිත වෙරළකි.

Read More
Map of early settlement sites on the Manniththalai Sand Bar from Early settlements in Jaffna : An Archaeological Survey

මන්නිතලෙයි වැලි පරයේ පුරාණ ජනාවාස හා පුරාවිද්‍යා ස්ථාන

මන්නිතලෙයි යනු යාපනය අර්ධද්වීපයට මදක් පහළින් පිහිටි ප්‍රධාන භූමියේ සිට මුහුදට විහිදෙන වැලි පරයකි. තවත් වැලි පරයක් වන අරියලායි, යාපනය අර්ධද්වීපයේ යටින් මන්නිතලෙයි හා සමාන්තරව පවතී. මන්නිතලෙයි භූමියේ පැති 3 ක් ආවරණය වන පරිදි කිලෝමීටර් 45 ක වෙරළ තීරයක්පවතී.

Read More
Losing Heritage of Uruthirapuram Buddhist Ruins in Kilinochchi - කෝවිලකින් වැළලෙන කිලිනොච්චියේ උරුතිරපුරම් බෞද්ධ නටබුන් භූමිය.

කෝවිලකින් වැළලෙන කිලිනොච්චියේ උරුතිරපුරම් බෞද්ධ නටබුන් භූමිය

උරුතිරපුරම් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිවනගර් ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ පවතී. 1956 දී උරුතිරපුරම් හි පැරණි වැවකට මාර්ගයක් කපන අතරතුර මෙම ස්ථූප ගොඩැල්ල හඳුනාගෙන ඇත. ඉන්පසුව පුරාවිද්‍යා කොමසාරිස් පී. ඊ. පී.දැරණියගල මහතා 1958 පුරාවිද්‍යා කොමසාරිස් වාර්තාවේ මෙම වෙබ් පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව ප්‍රකාශයට පත් කොට තිබේ.

Read More