
photo source : https://seneviruwan.blogspot.com/2021/03/blog-post_30.html
උරුතිරපුරම් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිවනගර් ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ පවතී. 1956 දී උරුතිරපුරම් හි පැරණි වැවකට මාර්ගයක් කපන අතරතුර මෙම ස්ථූප ගොඩැල්ල හඳුනාගෙන ඇත. ඉන්පසුව පුරාවිද්‍යා කොමසාරිස් පී. ඊ. පී.දැරණියගල මහතා 1958 පුරාවිද්‍යා කොමසාරිස් වාර්තාවේ මෙම වෙබ් පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ අනුව උතුරු පළාතේ උරුතිරපුරම් හි පුරාණ ස්ථූපයක් විනාශ වී ඇති බව වාර්තා වේ. උරතිරපුරම් වැව දක්වා මාර්ගයක් තැනවීමේදී කරන ලද සමතලා කිරීම් වලදී මෙම ස්ථූපය හඳුනාගෙන ඇත. මාර්ගයේ ඉදිකිරීම් වහාම නතර කරන ලදී. ස්තූප ගොඩැල්ල අසල ගල් කණු කිහිපයක් ද සොයා ගන්නා ලදී. නවීන කෝවිලක් මෙහි ඉදිවෙමින් පවතී. නව කෝවිලේ අත්තිවාරම කපන විට සිංහ හිසක් සහ පුරාණ මැටි භාණ්ඩ කිහිපයක් හා කාසි කිහිපයක් සොයාගෙන ඇත. මෙම ස්ථානයේ දේවාලයක් ද තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.
1956 දී මෙම නටබුන් වාර්තා වුවද, මෙම භූමිය පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ වසර 60 කට පසුව 2016 දී පමණි. මෙම පුරාණ නටබුන් සංරක්ෂණය කිරීමට තීරණය වන්නේ 2021දී ය. කෙසේ වෙතත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට පැමිණි විට, එහි පුසාරි සහ ගම්වාසීන් දෙමළ ජාතික සන්ධානය විසින් කුපිත කිරීමෙන් එම ස්ථානයට පිවිසීම ප්‍රතික්ෂේප කර තිබේ. අවසානයේ පොලිසිය කැඳවා සංරක්ෂණ කටයුතු කල් දැමීමට සිදු වී ඇත.
මෙම නටබුන් වල වර්තමාන තත්ත්වය නොදන්නා අතර මෙම පුරාණ උරුමයේ අනාගතය අඳුරු ය.

photo source : https://seneviruwan.blogspot.com/2021/03/blog-post_30.html
ආශ්‍රිත
- seneviruwan, m., 2021. උරතිරපුරම් දාගැබ කෝවිලක් වූයේ කෙසේද. [online] Seneviruwan.blogspot.com. Available at: <https://seneviruwan.blogspot.com/2021/03/blog-post_30.html> [Accessed 13 June 2021].
සම්බන්ධ වෙනත් පිටු
කිලිනොච්චියේ උරුතිරපුරම් බෞද්ධ නටබුන් භූමිය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
කිලිනොච්චියේ උරුතිරපුරම් බෞද්ධ නටබුන් භූමිය ගමන් මාර්ග
| කිලිනොච්චිය සිට උරුතිරපුරම් බෞද්ධ නටබුන් භූමිය දක්වා |
| හරහා : මුළු දුර : කිලෝමීටර් 12 ගතවන කාලය : විනාඩි 25 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)


(4 votes, average: 4.50 out of 5)