නිස්සංගමල්ල රාජකීය නාන පොකුණ

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 5.00 out of 5)

පොළොන්නරුව තානායම සහ පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය අතර මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද නටබුන් සමූහයකි. පරාක්‍රම සමුද්‍රයේ ඉපැරණි බිසෝකොටුවක්, පොළොන්නරු රාජධානියේ නිශ්ශංක මල්ල රජුගේ (ක්‍රි.ව. 1187-1196) රාජකීය නාන තටාකවලින් සමන්විත විශාල ගඩොල් පොකුණක් මේවාට ඇතුළත් වේ.

පරාක්‍රම සමුද්‍රය ජලාශයේ සිට දැවැන්ත ගල් කුට්ටිවලින් තැනූ වෙනම වාන් දොරටුවක් හරහා ජලය ලබා ගන්නා ගඩොල් පොකුණෙන් නාන ස්නාන පොකුණට ජලය සපයනු ලබන අතර එයද ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම සොරොව්වේ බිසෝකොටුව තානායමේ කුස්සියේ දොරකඩ පිහිටා ඇත.

⚙️ [Google Ad 01 -EN]

පොකුණට විවෘත කර ඇති රාජකීය නාන කාමරය ඇඳුම් මාරු කරන කුටියක් සහිතව නිමවා ඇත. මෙම කුටිය සම්පුර්ණයෙන්ම ගල් කුට්ටි වලින් ඉදිකර ඇති අතර, ඇඳුම් මාරු කරන කුටියට බැසීමට ගලින් සැකසූ පඩි 4 ක් ඇත. මෙම කුටියේ සිට පොකුණට ඇතුළුවිය හැකිය.

නිශ්ශංක මල්ල රජතුමා දියකෙළිය මෙහි පැවැත් වූ බවට සෙල්ලිපියක් මෙම ස්ථානයට හමුවී ඇත.

මූලාශ්‍ර :

  1. Wikramagamage, C., (2004). Heritage of Rajarata: Major natural, cultural, and historic sites. Colombo. Central Bank of Sri Lanka. p.140.

සම්බන්ධ වෙනත් පිටු

මහා පරාක්‍රමබාහුගේ ගිම්හාන මාලිගාවේ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

Leave a Reply