වනයෙන් වැසී ඇති වැවෙහි ඉහත්තාව Forest cover in the reservoir bed

අම්පාර පුරාණ දිගා වැව (මහකණ්ඩිය වැව) ජලාශයේ නටබුන්

දැනට මහකණ්ඩිය ලෙස හැඳින්වෙන අම්පාර දිශාවෙහි පිහිටි නටබුන් වූ පුරාණ වැව මහා වංශය ඇතුළු වංශ කථාවල සඳහන් වන්නේ දිගා වැව වශයෙනි. එය අන්දල් ඔය හා එහි අතු ගංගාවක් හරස් කරමින් තැනූවක් බව මිනින්දෝරු සිතියම් පෙන්වා දෙයි. වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම එය දීර්ඝ වැවකි.

Read More
View from the top of the rock at the Kanchikudichchi Aru Reservoir

කංචිකුඩිච්චි ආර නටබුණ්

අම්පාර දිස්ක්‍රි­ක්කයේ තිරු­ක්කෝ­විල් ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් තිරු­ක්කෝ­විල් සිට පොතු­විල් මාර්ගයේ ටික දුරක් ගොස් තාන්ඩිඅඩි හන්දි­යට පැමිණ කුඹු­රු­යා­යක් මැදින් වනය ඇතු­ළට කිලෝ­මී­ටර් 12 ක් ගමන් කළ විට කංජි­කු­ඩි­ච්චි­ආරු නට­බුන් පිහිටි පුද­බි­මට ළඟා විය හැකිය.

Read More
To infinity pool of the kings on the top of Nuwaragala Kanda, Ampara

අම්පාර නුවරගල කන්ද නටබුන්

නුවර ගල ඒ තරම් ම චිත්තාකර්ෂණීය දිය කඳුරු, දිය කඩිති හෝ පොකුණු ආදියෙන් ද සුපෝෂිත ලතා මඬුල්ලෙන් ද අලංකෘත ය. පිල් විදහා රඟන පිල්බරුන්ගේ කාහල නදින් ද නින්නාද දෙන්නා වු නුවර ගල සොබාදම් දියනියගේ මන්දස්මිතයෙන් ශෝහාමත් වු නන්දන උයනට උවම් තබන වන උයනකි.

Read More
Drip ledge caves of Unuwathurabubula Veheragala Aranya Senasanaya in Mahaoya

මහඔය උණුවතුරබුබුල වෙහෙරගල ආරන්‍ය සේනාසනය පුරාවිද්‍යා භූමිය

ශුෂ්කවූ මහඔය ප්‍රදේශයේ සැඟවුණු වෙහෙරගල, උණුවතුරබුබුල නමින් හැඳින්වෙන ගම්මානයේ පවතින ගල්පර්වත සහිත කඳු ප්‍රදේශයකි. මෙම පර්වතයේ තිබී හමු වූ පුරාණ නටබුන් ක්‍රි.පූ 2 වන සියවස දක්වා කාලයකට දිව යයි. වෙහෙරගල ආරන්‍ය සේනාසනය මහඔය නගරයේ සිට මාදුරුඔය මාර්ගයේ කිලෝමීටර 4 ක් පමණ දුරින් පිහිටා තිබේ.

Read More
Pulukunawa - the largest "asana gharaya" in Sri Lanka at Pulukunawa

පුළුකුණාව ආසනඝරය සහ රජමහා විහාරය

අම්පාර – මහියංගණ මාර්ගයේ ගල්ඔය යෝජනා ක්‍රමයේ මායිමේ අම්පාර පුළුකුණාව ගුහා සහ පෞරාණික නටබුන් විශාල වනාන්තරයකින් වැසුනු කන්දක් මත පිහිටා ඇත. කන්දේ දකුණු කෙලවරේ කටාරම් සහිත ලෙන් විශාල ප්‍රමාණයක් පිහිටා තිබේ.

Read More
Kiripokunahela Monastic Ruins inside the Yala National Park - යාල තුළ සැඟවුණු කිරිපොකුණහෙළ බෞද්ධ නටබුන්

කුමණ තුළ සැඟවුණු කිරිපොකුණහෙළ බෞද්ධ නටබුන්

කිරිපොකුණ කෙම දක්වා දුෂ්කර ධාවන පථය තවමත් පවතින අතර කිරිපොකුණහෙළට අලි කොටි ගහන වනාන්තරය හරහා කිලෝමීටර 1.5 ක දුරක් පයින් ගමන් කල යුතුය. කිරිපොකුණ කෙම ගල්තලාවක් ඔස්සේ දිගේ මීටර් 4 ක් පමණ දිගින් යුත් ඔරුවක හැඩැති ස්වාභාවික පොකුණකි.

Read More
Reclining Buddha statue destroyed by treasure hunters at the Bambaragasthalawa Caves inside Kumana

කුමන වන මැද සැතපෙන බඹරගස්තලාව බුදුරුව

නාග පබ්බත සේනාසනය නම් තවමත් වන මැද හැංගුනු නටබුන් ගොඩක් පමණි. එදා රහතුන් වැඩ සිටි ගල්ලෙන් වල අද වාසය කරන්නේ වලසුන් සහ දිවියන්ය. වනගත මාවත කෙමෙන් රූස්ස ගස් වලින් ගහණ විය. ඒ සමඟ අහසට නැගුණු විසල් ගල් කුළු රැසක් දර්ශනය වෙමින් තිබිණි.

Read More