Urubokka Dam built by the Dutch

සොබාදහමට අභියෝග කරමින් ගංගා දෙකක් සම්බන්ධ කළ ඌරුබොක්ක ලංදේසි වේල්ල

ශ්‍රී ලංකාවේ ලන්දේසි පාලන සමයේ සිදු කරන ලද වැදගත්ම ජල විද්‍යාත්මක ව්‍යාපෘතිය වන්නේ 1787 දී ඌරුබොක්ක වේල්ල ඉදිකිරීමයි. එය වියළි කලාපයේ ගිරුවා පත්තුව හා මොරවක් කෝරලේ මායිම අතර මාතර දිසාවෙහි පිහිටා ඇත. තෙත් කලාපයේ පිහිටි ජලයෙන් පෝසත් වූ නිල්වලා ගඟේ ඉහළ පෙදෙසෙහි මොරවක් කෝරලේ එකතු වූ අතිරික්ත ජලය,ගඟෙහි පහළ ඇති කුඹුරුවලට,විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ බයිගම් ලෙස එකල හැඳින්වූ සහල් නිපදවන ගම්මාන 4කට නිරන්තර ගංවතුර හානි සිදු කළේය.

Read More
Tabbowa Reservoir during the rainy season

පුත්තලම තබ්බෝව වැව

පුත්තලම – අනුරාධපුර මාර්ගය හරහා කරුවලගස්වැව පසුකර ගමන් කරන විට මහත්වූ ජෛව විවිධත්වයකින් යුත් මනරම් දර්ශන මවන ජල කඳක් පසුකර ඔබ යන්නට ඇත. මේ ගමන් කරන්නේ මහ තබ්බෝව ජලාශයේ උඩු මත්තෙන් බව තේරුම් ගත හැක්කේ ස්වල්ප දෙනෙකුට පමණි. සුළු වේලාවකට නැවතීමට කාලය තිබේ නම්, දුරින් පිහිටි තබ්බෝව වැව් බැම්ම (2012-2014 කාලපරිච්ඡේදය තුළ ඉදිකළ රළ පනාව සමග) ඔබට දැක ගත හැකිය.

Read More
Sunset over Mahakandara Wewa

අනුරාධපුර මිහින්තලේ මහකනදරා වැව

මිහින්තලා ගල් පර්වතයේ සිට නෙත් යොමු කලවිට හාත්පසින් පෙනෙන විශාල වැව් සංඛ්‍යාව අතරින් ඊසාන දෙසට නෙත් යොමුකළ විට පෙනෙන චමත්කාර දර්ශනයක් මවන මහකන්දරා වැව ලංකාවේ සතර දිග් භාගයේ පිහිටි වෙනත් වාරි කර්මාන්ත මෙන්ම අතීත උරුමයකට හිමිකම් දරයි. වැව් කණ්ඩියේ සිට මහියංගන චෛත්‍ය දර්ශනය වන ආකාරයද කෙනෙකුගේ සිත් පහන් හැඟුමෙන් උද්දීපනය කිරීමට සමත්ය.

Read More
Uyanwatta Wewa

රයිගම් රාජධානියේ උයන් වත්ත වැව

දොළොස් වන ශතවර්ෂයෙන් පසුව වියලි කලාපයෙන් තෙත් කලාපයට සංක්‍රමණය වූවන් අතර වාරිතාක්ෂණය ලංකාවේ අභාවයට යා නොදී රැකගැනීමට කටයුතු කල කණ්ඩායමක් සිටි බවට බොහෝ උදාහරණ ඉතිහාසය අපට පෙන්වාදෙයි. කොලබ දිස්ත්රික්කයේ මුල්ලේරියාව වැව. තලංගම වැව, බොරලැස්ගමුව වැව හා කළුතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත වැව එයින් කීපයකි. උයන්වත්ත වැව පිළිබද කුඩා හැදින්වීමක් කිරීම මෙහි අරමුනයි.

Read More
Magalla Wewa Reservoir

මාගල්ල වැව සහ රිදී බැඳි ඇල

මාගල්ල වැව මහසෙන් රජු (276-303 A D) විසින් ඉදිකරන ලද ජලාශ දහසයකින් එකක් ලෙස සැලකේ. එය I වන පරාක්‍රම බාහු (1153-1186 A D) සමයේදී අලුත්වැඩියා කර පසුව රිදී බැඳි ඇල්ල ලෙස හඳුනාගෙන ඇති දැදුරු ඔයෙන් ඇරඹි පෝෂක ඇළ මාර්ගයෙන් වැඩි දියුණු කරන ලද බව මහාවංශය සටහන් කරයි. මහා පරාක්‍රමබාහු යුවරාජ වශයෙන් රටේ දකුණු ප්‍රදේශයේ රජ කළ විට දැදුරුඔය හරහා අමුණු 5ක් ඉදිකළ බවත්, ඉන් සූකර නිජ්ජ නමින් වූ අමුණ මගින් මාගල්ල ජලාශයට ජලය හරවා යැවූ බවත් සඳහන් වේ.

Read More
Cobra guard stone found near Nachchaduwa Wewa Reservoir (Photo courtesy - Ms. Badra Kamaladasa)

නාච්චදූව වැව නොහොත් සතුටු දූව

හෙන්රි පාකර් මහතාගේ මතය නාච්චදූව වැව මහසෙන් රජතුමා ඉදි කළ මහාදාර ගල්ල වැව විය හැකි බවයි. තවත් ඉතිහාසඥයින් මෙය දෙවන මොග්ගල්ලාන (ක්‍රිව 535-555) කාලය තුළ ඉදි කර බව යැයි සැලකෙන පට්ටපාසාන වාපී වැව විය හැකි යයි යෝජනා කර ඇත. ධාතුසේන රජතුමාගේ සමය තුළ ඉදි කළ නන්දිවාපී වැව මෙය විය හැකි යයි තවත් මතයකි.

Read More
Ethimale Wewa Reservoir in Monaragala District

ඇතිමලේ, කොටියාගල සහ පානම පුරාණ වැව්

මොණරාගල හෙලබඩ බෝවිටිය කඳු වැටියෙන් ආරම්භ වන විල ඔය නැගෙනහිර මුහුදට එකතු වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම අසලිනි. විල ඔය ද්‍රෝණියේ වඩාත් වැදගත් වන්නේ එහි ‌ෙඑතිහාසික පසුබිම දුටුගැමුණු රජසමය දක්වා දිව යන බැවිනි. දැනට විල ඔය ද්‍රෝණියේ ක්‍රියාත්මක වන වාරිමාර්ග පද්ධති වලින් ප්‍රධාන වාරිමාර්ග වන්නේ ඇතිමලේ කොටියාගල හා පානම යන වැව් ය.

Read More
වනයෙන් වැසී ඇති වැවෙහි ඉහත්තාව Forest cover in the reservoir bed

අම්පාර පුරාණ දිගා වැව (මහකණ්ඩිය වැව) ජලාශයේ නටබුන්

දැනට මහකණ්ඩිය ලෙස හැඳින්වෙන අම්පාර දිශාවෙහි පිහිටි නටබුන් වූ පුරාණ වැව මහා වංශය ඇතුළු වංශ කථාවල සඳහන් වන්නේ දිගා වැව වශයෙනි. එය අන්දල් ඔය හා එහි අතු ගංගාවක් හරස් කරමින් තැනූවක් බව මිනින්දෝරු සිතියම් පෙන්වා දෙයි. වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම එය දීර්ඝ වැවකි.

Read More
Wahalkada Wewa : වාහල්කඩ වැව

බෑන සමුද්‍රය හෙවත් වාහල්කඩ වැව

මූලාරම්භය පිලිබද නිශ්චිත තොරතුරු නොමැති වුවද, මහසෙන් රජතුමා (ක්‍රි පූ 234-301) විසින් කරවන ලදැයි සැලකෙන සොලොස් මහා වැව් අතර සඳහන් වීරවාපී වැව, වත්මන් වාහල්කඩ වැව ලෙස ලෙස ඇතැම්හු සලකති. සිරිවලහස්ස වැව ලෙස ද එය හැඳින්වුනු බව ඉතිහාසයේ සඳහන් වේ. එක්තරා අතීත වකවානුවක දී පදවිය වැව ලංකාවේ විශාල ම ජලාශය වූ විට එය මහා සාගරය ලෙසටත් ඊට නුදුරින් වූ වාහල්කඩ ජලාශය බෑණ සමූද්‍රය ලෙසටත් හැඳින්වූ බව පුරාවෘත්ත වල සඳහන් ය.

Read More
Mavil Aru (Mavil Oya) Slice Gate

LTTE ත්‍රස්තවාදීන්ගේ හැරවුම් ලක්ෂය සලකුණු කල මාවිල් ආරු අමුණ

මාවිල් ආරු සොරොව්ව අපේ මෑත ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයකි. මහවැලි පහළ නිම්නයේ අල්ලේ වාරිමාර්ග පද්ධතියට ජලය සපයන කල්ලාරු ප්‍රධාන ඇල මාර්ගයට ජලය නිකුත් කරන මෙම සොරොව්ව නිර්මාණය කළ ඉංජිනේරුවන් මාවිල් ආරු සොරොව්ව එවැනි ඉතිහාසයකට නිමිත්තක් වනු ඇතැයි කිසි දිනක නොසිතන්නට ඇත.

Read More
හුරුලුවැව ප්‍රදේශයේ තලපත්කුලම ජලාශය අසල විශාල ගල් පර්වතයක කොටා ඇති නාග රුව

ජලාශ ආරක්‍ෂක බල ඇණිය

ශ්‍රී ලංකාවේ බොහෝ පැරණි ජලාශ ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒ ආශ්‍රිතව නාගරූප සහිත ගල් කැටයම් සොයා ගෙන ඇති අතර, සොරොව්ව සහ වේල්ලේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ බැල්ම ලැබේ යැයි විශ්වාස කෙරේ. යක්ෂ ගෝත්‍රිකයන් ඉදිකිරීම් කටයුතු ප්‍රගුණ කර තිබෙන්නට ඇති අතර නාග ගෝත්‍රිකයන් වේලි සුරක්‍ෂිතතාවය සඳහා විශිෂ්ටයින් වන්නට ඇත.

Read More
The massive bisokotuwa of Kuda Vilachchiya before destruction by treasure hunters

විල්පත්තුව තුල කුඩාවිලච්චිය වැව හා නටබුන් (Kuda Vilachchiya Wewa and its Ruins inside Wilpattu)

මෝදර ගං ආරු ගංඟාවේ, තලාව ඔය යන අතු ගංගාවෙහි මහවිලච්චිය වැව පිහිටා ඇති අතර, නටබුන්ව පවතින කුඩාවිලච්චිය, මෝදර ගං ආරුවෙහි තවත් අතු ගංඟාවක් වූ ඉට්ටිකුලම ඇල හරහා ඉඳිව ඇත. මහාවිලච්චිය ජලාශය ඉදිකර ඇත්තේ වසභ රජු (ක්‍රි.ව. 67-111) විසින් බව විශ්වාස කෙරේ.

Read More
ගිරිතලේ වැව ඉපැරණි සොරොව්ව - Girithale Reservoir Ancient Sluice Gate

ගිරිතලේ ජලාශය සහ පුරාණ සොරොව්ව

පුරාණ ජලාශයක් වන ගිරිතලේ වැව ක්‍රි.ව. 608 සිට 623 දක්වා කාලය තුළ දෙවන අග්බෝ රජු විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරේ. පළමුවන පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) “කාවේරි ඇළ මගින් ගිරිතලේ සිට කදුරුදමන දක්වා ජලය ගෙන ගියේය” යනුවෙන් මහාවංසය සඳහන් කරයි.

Read More