සොබාදහමට අභියෝග කරමින් ගංගා දෙකක් සම්බන්ධ කළ ඌරුබොක්ක ලංදේසි වේල්ල
ශ්‍රී ලංකාවේ ලන්දේසි පාලන සමයේ සිදු කරන ලද වැදගත්ම ජල විද්‍යාත්මක ව්‍යාපෘතිය වන්නේ 1787 දී ඌරුබොක්ක වේල්ල ඉදිකිරීමයි. එය වියළි කලාපයේ ගිරුවා පත්තුව හා මොරවක් කෝරලේ මායිම අතර මාතර දිසාවෙහි පිහිටා ඇත. තෙත් කලාපයේ පිහිටි ජලයෙන් පෝසත් වූ නිල්වලා ගඟේ ඉහළ පෙදෙසෙහි මොරවක් කෝරලේ එකතු වූ අතිරික්ත ජලය,ගඟෙහි පහළ ඇති කුඹුරුවලට,විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ බයිගම් ලෙස එකල හැඳින්වූ සහල් නිපදවන ගම්මාන 4කට නිරන්තර ගංවතුර හානි සිදු කළේය.
