අම්පාර පුරාණ දිගා වැව (මහකණ්ඩිය වැව) ජලාශයේ නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)
By Ms. Badra Kamaladasa (Former Director General of Department of Irrigation)

දැනට මහකණ්ඩිය ලෙස හැඳින්වෙන අම්පාර දිශාවෙහි පිහිටි නටබුන් වූ පුරාණ වැව මහා වංශය ඇතුළු වංශ කථාවල සඳහන් වන්නේ දිගා වැව වශයෙනි. එය අන්දල් ඔය හා එහි අතු ගංගාවක් හරස් කරමින් තැනූවක් බව මිනින්දෝරු සිතියම් පෙන්වා දෙයි. වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම එය දීර්ඝ වැවකි.

එක් අතීත වකවානුවක දී ලංකාවේ දෙවන විශාල වැව දිගා වැව ලෙස හැඳින්වූ බව සඳහන් වේ. බ්රෝහියර් මහතා සඳහන් කර ඇත්තේ කාවන්තිස්ස රජතුමා (ක්‍රි පූ 205-161) මාගම් පුර සිට බුදුන් වහන්සේගේ ලලාඨ ධාතු තැන්පත් කර ඇතැයි සැලකෙන සේරුවිල පෙදෙසට ගමන් කිරීමේ දී මෙම ප්‍රදේශයෙහි ලැගුම් ගෙන ඇති බවටත් තමන්ගේ කණිටු පුත් සද්ධාතිස්ස දීඝවාපියෙහි රඳවා එම වන්දනා ගමන සිදු කළ බවටත් ජනප්‍රවාද පවතින බවයි. ඒ අනුව ක්‍රි පූ 2-3 සියවසෙහි දී සක්‍රිය ව පැවති බවට සඳහන් වන බැවින් එය ඉදි කර ඇත්තේ ඊට කලකට පෙර බවට නිගමනය කළ හැකි ය. දිගා වැව අවසන් වරට මිනිස් ප්‍රයෝජනයකට ගෙන ඇත්තේ කුමන වකවානුවේ ද යන්න සඳහන් වී නැත. එහෙත් එය රජ සමයේ ප්‍රතිසංස්කරණය කළ බවට මහා වංශය දක්වයි.

ඌව කඳු කරයේ නැගෙනහිර බෑවුමෙහි පහළ සමෝච්ච මට්ටමෙහි කෙටි වැව් බැමි දෙකකින් අපූර්ව ලෙස කඳු ගැට තුනක් යා කොට ගොඩ නගා ඇති දිගා වැවෙහි පෝෂක ප්‍රදේශය කුඩා බව පෙනී යයි. මෙහි දියවර කල්මුනෙහි මුහුදු තීරය දක්වා ගෙන ගිය බවත් ඒ සඳහා මිනිපේ ඇල මගින් ලබා ගත් බවත් ප්‍රදේශවාසිහු විශ්වාස කළහ. එසේ වුව ද මහවැලි ගඟෙහි වම් ඉවුරෙහි පිහිටි මිනිපේ ඇල මගින් මෙම පෙදෙසට ජලය ගෙන ආ බවට හෝ මෙම වැව මගින් කෙතරම් බිම් ප්‍රමාණයක් වගා කළ බවට තාක්ෂණිකව තහවුරු කිරීමට තරම් තොරතුරු ලබා ගත හැකි ඇල පද්ධතියක හෝඩුවාවක් හෝ මෙතෙක් සොයා ගෙන නැත.

අතු ගංගා දෙකක් හරස් කොට සැදූ කුඩා වැව් බැමි දෙක හා වෙන ම ක්‍රියාත්මක කළ හැකි සොරොව් දෙකක් මගින් වැව් දෙකක් පැවති බවට පැරැන්නන් අනුමාන කළ ද මිනුම්පත් පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ එය එකම වැවත් ලෙස පවතින්නට ඇති බව ය.

1818 කැරැල්ලෙන් පසුව වෙල්ලස්ස ප්‍රදේශය හැර ගිය අන්දල් ඔය ඉහත්තාවේ පිහිටි ඝන කැලෑ තුලට වැදී දිවි ගලවා ගත් අය බවට දැනට එම පෙදෙසෙහි සිටින පැරැන්නන්ගේ මතය යි.

1868 වසරේ දී මඩකලපු ප්‍රදේශය භාර ව සිටි ආණ්ඩුවේ සහකාර ඒජන්ත විසින් මෙම වැව ප්‍රතිසංස්කරණය කොට දෙන ලෙස ඉල්ලා සිටි බවට පැරණි වාර්තා පෙන්වා දෙයි.

1901 වසරේ දී වාරිමාර්ග අධ්‍යක්ෂ විසින් රජයට ඉදිරිපත් කර ඇති තාක්ෂණ වාර්තාවක් මෙන් ම මිනුම්පති විසින් ඉදිරිපත් කළ නිරීක්ෂණ වාර්තාවකින් ද එවකට පැවති නටබුන් වල ස්වභාවය ද ප්‍රදේශයේ සාමාජීය පසුබිම ද මනාවට පැහැදිලි කර ඇත. 1940 දී පමණ කාලයේ සිට වරින් වර වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් මෙම වැව ප්‍රතිෂ්ඨාපනය සඳහා ඉංජිනේරු මැනුම් සිදු කළ ද ඉදිකිරීම සඳහා රජයේ මූල්‍යය අනුග්‍රහය ලැබී නැත. කෙසේ වුව ද අන්දල් ඔය හරහා දිගා වැවට පහළින් ඉදි කර තිබෙන අන්දල් ඔය ජලාශය මගින් මෙන් ම සේනානායක සමූද්‍රයෙහි වම් ඉවුරු ඇල මගින් ද ප්‍රමාණාත්මක ව ලබා දෙන ජලය මගින් වාරි අවශ්‍යතා සැපයෙන බැවින් දිග වැව දැනට ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වන්නේ කුඩා වපසරියක වාරි අවශ්‍යතා සැපයීමට පමණි.

ප්‍රධාන වැව් බැම්ම ලෙස සැලකිය හැකි උතුරු දිශාවෙහි ඇති වැව් බැම්ම ආශ්‍රිතව මෑතක් වන තුරු නිරුපද්‍රිත ව තිබූ සොරොව්ව පුරා වස්තු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අසු වී තිබීම සංවේගයට කරුණකි. වැව් බැමි කෙළවරෙහි කැඩුම් කඩ දෙකක් නිරීක්ෂණය කළ හැකි අතර තැනින් තැන විසිරී ඇති රැලපනාවෙහි කොටස් වලින් පවා මැවී පෙනෙන්නේ මනා නිමාවකින් යුතු මූලස්ථාන පද්ධතියක් පැවතෙන්නට ඇති බවයි.

දිගා වැවෙහි නටබුන් සහිත ප්‍රදේශය හා පෝෂිත ප්‍රදේශය දැනට ගල්ඔය ජාතික වනෝද්‍යානය යටතට ගැනෙන පෙදෙසකි. දිගා වැව හා දීඝවාපී පුද බිම අතර සැතපුම් පමණ දුරස් බවක් තිබුණ ද මේ අතර තිබෙන්නට ඇති සබඳතාව ද අධ්‍යයනය කිරීම ඉතිහාසය ගවේෂණය කරන්නන්ගේ විෂය පථයට යොමුවේ නම් යෙහෙකි.

සම්බන්ධ වෙනත් පිටු

අම්පාර පුරාණ දිගා වැව (මහකණ්ඩිය වැව) නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අම්පාර පුරාණ දිගා වැව (මහකණ්ඩිය වැව) නටබුන් වෙත ගමන් මාර්ග

අම්පාර සිට පුරාණ දිගා වැව (මහකණ්ඩිය වැව) දක්වා
හරහා : උහන
දුර : කිලෝමීටර 20
ගමන් කාලය : පැය 2-3
ගත කල යුතු කාලය : විනාඩි 60-120 අතර
ගමන් මාර්ගය : මෙහි ගූගල් සිතියම තුල බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply