Packed devotees early in the morning at Ruwanweli Seya

රුවන්වැලි සෑය මහා ස්ථූපය

රුවන්වැලිසෑය ඉදිකරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 137 සිට ක්‍රිස්තු පූර්ව 119 දක්වා රාජ්‍යය කළ මහා දුටුගැමුණු රජතුමා විසිනි. මුල් ස්තූපය අඩි 180ක් (මීටර් 55ක්) පමණ උසින් යුක්ත වූ අතර එය බොහෝ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. අද වන විට ස්තූපය අඩි 350ක් (මීටර් 107ක්) උසින් සහ අඩි 300ක් (මීටර් 92ක්) විශ්කම්භයකින් යුක්ත වේ.

Read More
Ruins of Kiribath Vehera of Ancient Anuradhapura - අනුරාධපුර කිරිබත් වෙහෙර නටබුන්

අනුරාධපුර කිරිබත් වෙහෙර නටබුන්

වන්දනාකරුවන්ට ඇස නොගැටුණු කිරිබත් වෙහෙර පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත්තේ පූජනීය අනුරාධපුර නගරයේ විජයාරාම නටබුන් සහ මල්වතු ඔයට ඉහළින් ඇති ගල් පාලම අතර ය. අඩි 30 ක් උස සහ අඩි 425 ක වට ප්‍රමාණයකින් යුත් මෙම ස්ථූපයේ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය කර ඇති නමුත් වන්දනාකරුවන් පැමිණෙන්නේ කලාතුරකිනි.

Read More
Dighapashana Cave (Sudassana Padanagaraya) of Anuradhapura Kingdom - අනුරාධපුර දීඝ පාෂාණ ලෙන (සුදස්සන පධානඝරය)

අනුරාධපුර දීඝ පාෂාණ ලෙණ (සුදස්සන පධානඝරය)

අභයගිරි ස්ථූපයට මීටර් 500 ක් පමණ බටහිරින් පිහිටි ‘සුදස්සන පධානඝරය’ ලෙස හැඳින්වෙන පාෂාණ ගුහා සංකීර්ණය ‘දීඝ පාෂාණ ලෙන්’ ලෙසද හැඳින්වේ. මෙම සංකීර්ණයේ කටාරම් සහිත ලෙන් 9 ක් ඇති අතර මෙම ස්ථානය දැන් කැණීම් හා ප්‍රතිසංස්කරණයට ලක්ව ඇත.

Read More
Ruins of the Image House of Maha Viharaya

අනුරාධපුර මහා විහාරයේ පිළිමගෙය නටබුන්

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ රචනා වූ ග්‍රන්ථවල මහාවිහාරයේ වූ ප්‍රධාන බුදු පිළිම ගෙයක් ගැන සඳහන් වෙතත් මේ දක්වා මහාවිහාර භූමියෙන් එකදු බුදුපිළිම ගෙයකවත් නටබුන් සොයාගෙන නොතිබිණි. ඊට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ මෙරට බ්‍රිතාන්‍ය පාලන යුගයේදී නුවරකලාවිය පාලනය කරන මධ්‍යස්ථානය බවට අනුරාධපුරය පත් කරගැනීමෙන් පසු ශ්‍රී මහා බෝධිය අවට ප්‍රදේශය ඔවුන්ගේ පරිපාලන ගොඩනැගිලි ඉදි කිරීමට යොදාගැනීම ය.

Read More