

පුරාණ ජලාශයක් වන ගිරිතලේ වැව ක්‍රි.ව. 608 සිට 623 දක්වා කාලය තුළ දෙවන අග්බෝ රජු විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරේ. පළමුවන පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) “කාවේරි ඇළ මගින් ගිරිතලේ සිට කදුරුදමන දක්වා ජලය ගෙන ගියේය” යනුවෙන් මහාවංසය සඳහන් කරයි.
වැව් බැම්මෙහි දකුනු කෙළවරේ ඉපැරණි සොරොව්වක් ඇති අතර, දැනට දැකිය හැක්කේ ජලය පිටවීමේ කොටස පමණි. ශතවර්ෂ 7 කට ආසන්න කාලයක් අතහැර තිබීමෙන් පසු 1905 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගිරිතලේ ජලාශය ප්‍රතිසංස්කරණය කරන විට, මෙම පුරාණ සොරොව්ව ජලාශය පැත්තෙන් වසා දමා නව සොරොව්වක් ඉදිකර ඇත. මෙම ඉපැරනි සොරොව්ව හරහා ජලය අඛණ්ඩව ගලා යන අතර අසල්වැසියන් විසින් ඔවුන්ගේ ගෘහස්ත අවශ්‍යතා සඳහා එම ජලය භාවිතා කෙරේ. කෙසේ වෙතත් වාරිමාර්ග නිලධාරීන්ට බැම්මෙහි ආරක්ෂාව පිළිබඳ සැලකීමේදී මෙය වැදගත් වන බැවින් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරේ.
පහත ගූගල් සිතියමේ ලකුණු කර ඇත්තේ ගිරිතලේ වැව ඉපැරණි සොරොව්ව පිහිටි දළ ප්‍රදේශය බව සළකන්න.
සම්බන්ධ වෙනත් පිටු
ගිරිතලේ වැව ඉපැරණි සොරොව්ව සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
ගිරිතලේ වැව ඉපැරණි සොරොව්ව රියදුරු දිශාවන්
පොලොන්නරුව සිට ගිරිතලේ වැව ඉපැරණි සොරොව්ව දක්වා |
හරහා : මුළු දුර : කිලෝමීටර් 16 ගතවන කාලය : විනාඩි 30 ගත කිරිය යුතු කාලය : විනාඩි 15 – 30 ක් පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |