Ruins of Kiribath Vehera of Ancient Anuradhapura – අනුරාධපුර කිරිබත් වෙහෙර නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (5 votes, average: 3.40 out of 5)
Loading...
Ruins of Kiribath Vehera of Ancient Anuradhapura - අනුරාධපුර කිරිබත් වෙහෙර නටබුන්
Ruins of Kiribath Vehera of Ancient Anuradhapura – අනුරාධපුර කිරිබත් වෙහෙර නටබුන්

වන්දනාකරුවන්ට ඇස නොගැටුණු කිරිබත් වෙහෙර පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත්තේ පූජනීය අනුරාධපුර නගරයේ විජයාරාම නටබුන් සහ මල්වතු ඔයට ඉහළින් ඇති ගල් පාලම අතර ය. අඩි 30 ක් උස සහ අඩි 425 ක වට ප්‍රමාණයකින් යුත් මෙම ස්ථූපයේ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය කර ඇති නමුත් වන්දනාකරුවන් පැමිණෙන්නේ කලාතුරකිනි.

මෙම භූමිය අනුරාධපුර රාජධානියේ මුල් යුගයට අයත් වේ. නමුත් මෙම විහාරය ගොඩනැගූ රජු අවිනිශ්චිතය. සතරවන කාශ්‍යප රජු (898-914) විසින් ස්ථාපනය කරන ලද අත්තාණි කණු ලෙස හැඳින්වෙන කුළුණු සෙල්ලිපියක් මෙම ස්ථානයේ තිබී සොයා ගන්නා ලද අතර එහි නැගෙනහිරින් වෙහෙරවත්ත සහ බටහිරින් සම්බද වනය විසින් මායිම්ව ඇති “උතූර්මේඝිරිවත්ත” නම් ඖෂධ ශාලාව ථූපාරාමයට පූජා කරන ලද බව සටහන් වේ.මෙම සෙල්ලිපිය පදනම් කරගෙන ආචාර්ය පරණවිතානයන් මෙය පසුව පඨමක චෛත්‍යය ලෙසද හැඳින්වූ දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද උත්තර මේඝගිරි විහාරය විහාරයවිය හැකි බව විශ්වාස කරයි.

-0-

මෙම ස්ථානය පුරාණ අනුරාධපුරයේ ප්‍රධාන නගරයෙන් පිටත වනගත්වී තිබී සොයාගෙන එහි එළිපෙහළි කිරීමක් 1890 දී පමණ කටයුතු කර ඇත. 1892 වන විට එහි දාගැබේ පළවන පේසාව මුළුමනින්ම නිරාවරණය කර ගැනීමට හැකිවී තිබේ. ස්තූපය ඉදිකරන ලද චතුරශ්‍රාකාර වේදිකාවේ පැති බිත්ති මෙන්ම උතුරු, නැගෙනහිර හා දකුණු දිශාවන්හි මළුවට ඇතුළුවීම සඳහා සාදා තිබු සෝපානද නිරාවරණය කර ඇත. දාගැබේ ධාතු ගර්භය දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් විසින් සම්පූර්ණයෙන්ම විනාශකොට තිබී ඇත. ඉතිරි වී ඇති ස්තූපයේ මධ්‍යයේ සිට අඩි 40 ක් පමණ ගැඹුරට, අඩි 14 ක විෂ්කම්භයකින් යුත් කුහරයක් කැන නිරීක්ෂණය කොට ඇත. මෙම ස්ථූපය අඩි 420 ක් පමණ වට ප්‍රමාණයකින් හෝ එසේ නැතිනම් මිරිසවැටිය මහා ස්තූපයට වඩා තරමක් කුඩා බව මෙම සමීක්ෂණයෙන් වාර්තා කොට තිබේ.

1939 දී ප්‍රකාශයට පත් කරන ලද හියුබට් ඊ. වීරසූරිය විසින් රචිත ‘ඓතිහාසික අනුරාධපුරයේ නටබුන් සඳහා මාර්ගෝපදේශය’ (Historical Guide to Anuradhapura’s Ruins) ප්‍රකාශනය ස්ථානය පිළිබඳ විචිත්‍රමය විස්තරයක් සපයයි.

විජයරාම පසුකොට තවත් සැතපුම් භාගයක් වනගත මාර්ගයන්හි ගමන් කලවිට හමුවන්නේ කුරුණගල මාර්ගයේ පිහිටි දක්ඛිණ දාගැබ නටබුන් හා සමාන හැඩයෙන් යුත් තණකොළවලින් වැසී ගිය පස් කන්දකටය.

පුරාවිද්‍යා කොමසාරිස්වරයා මෙම දාගබා කැණීමට ගත් උත්සාහයන් එහි ඇති අගල් දෙකකින් හෝ තුනකින් අනාවරණය වේ. මෙමඟින් දාගැබෙහි සාමාන්‍ය ලක්ෂණ අවබෝධ කර ගැනීමට හැකි වී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම ගඩොල්වලින් නිමවා ඇති පැරණිම විශාල දාගැබ අතරින්ව එකක් බව ඔවුන් අනාවරණය කළ අතර මෙම දාගැබ අනෙක් ඒවා මෙන් නොව මල් ආසන හෝ කැටයම් කල ගල් කුළුණු හිස් වැනි අංගයන්ගෙන් ශුන්‍ය වේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එහි චතුරස්රාකාර මළුව ගඩොලින් තනා ඇති අතර මළුවේ ගල් අතුරා නොමැති බවයි.

බෙල් මහතා විසින් අඩි තිස් හයක් පමණ ගැඹුරු වළක් දාගැබ මධ්‍යයේ කපා දෙමළ ආක්‍රමණිකයන් විසින් එහි තිබූ ධාතු හා වෙනත් වස්තු මීට පෙර ඉවත් කර ඇති බව සනාථ කරන ලදී.

කෙසේ වෙතත් අඩි 25 ක් ගැඹුරට යන විට පළිඟු ගල් කිහිපයක් සහ පබළු කිහිපයක් හමු විය. ඉන් අඩි පහක් පහළින්, ගඩොලින් ඉදි කළ කුටියක් හමු වූ අතර එහි ස් පළිඟු, කුඩා සිප්පි කටු සහ කොරල් කිහිපයක් සොයා ගන්නා ලදී. විවිධ ගැඹුරු වලදී කාසි කිහිපයක් ද හමු විය.

කිරිබත් වෙහෙර ඉතිහාසයේ සඳහන් කිසිදු වෙහෙරක් සමඟ නිශ්චිතවම හඳුනාගෙන නොමැත. එය ප්‍රදේශවාසීන් විසින් මැණික් වෙහෙර හෝ මැණික් දාගැබ ලෙසද හැඳින්වේ. වර්තමානයේ පවා වැසි දිනවලදී වර්ණවත් ගල් කැබලි මෙහි හමු වේ.

මෙම දාගැබ වෙනත් ආරාම කිසිවක් සමග සම්බන්ධ වී ඇති බවක් නොපෙනේ. නමුත් එහි ඊසාන දෙසින් යාර 200 ක් පමණ, දළ වශයෙන් කැපූ ගල් කණු කිහිපයක් අඳුරු හුදකලාවේ නැඟී සිටියි. මෙම පිළිම ගෙය මුළුමනින්ම අබලන් වී ඇත. එහි යෝධ බුදු පිළිමයක කැබැල්ලක් දැකිය යුතුය. බෙල්ලට ඉහළින් ඇති කොටස අඩි 2 ක් පමණ වන අතර ඉණ දක්වා පමණක් ඇති මුළු කොටස අඩි නවයක් පමණ වේ. දැන් එය පැත්තකට වැටී තේජස් බැවින් ගිලිගී ඇත. අනුරාධපුර යුගයේ මෙම පිළිමයේ තිබු තේජස් බැවින් ගිලිහී අද එය පැත්තකට වැටී කනගාටුදායක තත්වයක පවතී.

වර්තමානයේ විශාල ස්ථූපයක නටබුන්, අනුරාධපුර යුගයට අයත් බුද්ධ මන්දිරයක්, ශෛලමය බුදු පිළිමයක කොටස් එම ස්ථානයේ දක්නට ඇත. මෙම ප්‍රතිමාව අඩි 12 ක්උසින් පවතින්නට ඇත. ඊට සරිලන ලෙස එහි පිලිමගෙහි ගල් කණුද ඉතා උස් වී තිබුබව නටුබුන් මගින් පෙනේ

මුලාශ්‍ර

  • H. E. Weerasooriya, 1939. Historical guide to Anuradhapura’s ruins. 1st ed. Colombo: W.E. Bastian.
  • The Journal of the Ceylon Branch of the Royal Asiatic Society, 1893. Council Meeting Proceedings (Annual General Meeting). XII(42).
  • C. W. Nicholas, 1963. Historical Topography of Ancient and Medieval Ceylon. The Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series – VI (Special number).

සම්බන්ධ වෙනත් පිටු

අනුරාධපුර කිරිබත් වෙහෙර සිතියම

ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අනුරාධපුර ගමන් මාර්ගය

කොළඹ සිට බොහෝ මාර්ග ඔස්සේ අනුරාධපුරයට ළඟා විය හැකිය. ප්‍රධාන මාර්ග දෙක පුත්තලම (පුත්තලම) හරහා සහ කුරුණෑගල හරහා වේ. පුත්තලමේ සිට ගමන් කරන ඔබට දර්ශනීය විල්පත්තු ප්‍රදේශය පසුකර යනු ඇත. කුරුණෑගල සිට අනුරාධපුරයට ප්‍රධාන මාර්ග දෙකක් ඇත. වඩාත් පොදු මාර්ගය දඹුල්ල හරහා ය. අනෙක් මාර්ගය ගල්ගමුව වුවත්. සියලුම මාර්ග අතරින් බහුලව භාවිතා වන්නේ කුරුණෑගල – දඹුල්ල මාර්ගයයි (මාර්ග අංක 2).

Route 01 from Colombo to Anuradhapura

Route 02 from Colombo to Anuradhapura

Through : Negombo - Chillaw - Puthlam
distance from colombo :213 km
Travel time : 3 hours
Driving directions : see on google map
Through : Ambepussa - Kurunegala - Dambulla
distance from Colombo : 221 km
Travel time : 3.15 hours
Driving Directions : see on google maps

Route 03 from Colombo to Anuradhapura

Route from Kandy to Anuradhapura

Through : Ambepussa - Kurunegala - Padeniya - Thambuthegama
distance from colombo :213 km
Travel time : 3 hours
Driving directions : see on google map
Through : Katugastota - Matale - Dambulla
distance from Colombo :139 km
Travel time : 2 hours
Driving directions : see on google map
අනුරාධපුර සිට කිරිබත් වෙහෙර දක්වා
මුළු දුර : කිලෝමීටර 7.2
ගමන් කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
© www.amazinglanka.com