ගලෙන් නිමකළ මාතලේ අම්බොක්ක අම්බලම – Matale Ambokka Stone Ambalama

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...
ගලෙන් නිමකළ මාතලේ අම්බොක්ක අම්බලම - Matale Ambokka Stone Ambalama
ගලෙන් නිමකළ මාතලේ අම්බොක්ක අම්බලම – Matale Ambokka Stone Ambalama
ජයාරූපය : අජන්ත ධර්මරත්න

මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග අසලකරන ලද විශ්‍රාමශාලා හෙවත් ගිමන්හල අම්බලම නමින් හැඳින්වෙනවා. පුරාණයේ මේවායේ රාජරාජ මහාමාත්‍යාදීන් පවා ලැගුම් ගත්තා. අතීතයේ පයින් හා දෝලාවෙන් ගමන් ගිය මගීන් ගමන් වෙහෙස නිවීම සඳහා අම්බලමක් සැදීම මහත් ඵල ගෙනෙන කුසල් කර්මයක් ලෙස සැලකුවා. ලංකාවේ තිබෙන බෞද්ධ ප්‍රවේශය මේ සඳහා තවත් දායක වුණා. එම නිසා ප්‍රසිද්ධ මාර්ගවල සැතපුම් දෙක තුනකට ඈතින් අම්බලම් දකින්න ලැබුණු අතර බොහෝ පැරැණි ගම්වල අම්බලම් දෙක තුනක් පවා දක්නට ලැබුනා.  ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා.

ඇතැම් අම්බලම් ඉතා විශිෂ්ට ලෙසින් කැටයම් කරලා තිබුණා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

අම්බොක්ක ගම්මානය අයත් වන්නේ මාතලේ දිස්ත්‍රික්කයට. අම්බොක්ක වඩාත්ම ප්‍රසිද්ධ අම්බොක්ක පුරාණ පත්තිණි දේවාලයට.  මාතලේ සිට දඹුල්ල මාර්ගයේ පලාපත්වල හංදියට පැමිණ වම්  දිශාවට ඇති ගලේවෙල මාර්ගයට හරවා කිලෝමීටර 11 ගෙවා පල්ලේපොල හංදියට පැමිණ නැවත වම්  දිශාවට ඇති මාදිපොල මාර්ගයේ කිලෝමීටර 3.5ක් ගමන්කොට මනින්ගමුව කඩමණ්ඩියේ නැවතත් වමට ඇති මාර්ගය අම්බොක්ක ගම්මානයට ගමන්කරනවා.

අම්බොක්ක අම්බලම වසර 300ක් පමණ පැරණි බව පවසනවා. හොඳින් සුරැකිව තිබෙන මෙම අම්බලම ප්‍රමාණයෙන් කුඩාවට සමසතරැස් ලෙස ගලින් නිර්මාණය කර තිබෙනවා. කුඩා පාදමක් මත ඔපමන්ට්ටම් කල ශෛලමය කුළුණු 4ක් සිරස්ව තබා ඒමත  වහලය ගොඩනංවා තිබෙනවා. තිරස්ව තැබූ තවත් කුළුණු සතරක් මෙම සිරස් කුළුණු අතර තබා සිඳ ගැනීමට පිළ  ලෙස සකසා තිබෙනවා.

පහත ගූගල්  සිතියමේ ලකුණු කර ඇත්තේ මෙම අම්බොක්ක අම්බලම පිහිටි දළ  ප්‍රදේශය බව සළකන්න.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.
  • අම්බලම හා බැඳුණු පුරාණ ජන සංස්කෘතිය , රංජිත් ගුණවර්ධන [online]

සම්බන්ධ වෙනත් පිටු

මාතලේ අම්බොක්ක අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මාතලේ අම්බොක්ක අම්බලම රියදුරු දිශාවන්

මාතලේ සිට අම්බොක්ක අම්බලම දක්වා
හරහා : පලාපත්වල – පල්ලේපොල – මනින්ගමුව
මුළු දුර :කිලෝමීටර 25
ගතවන කාලය  : පැය  1
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
%d bloggers like this: