ත්‍රිකුණාමලය කිරුළු වෙහෙර පුරාවිද්‍යා භූමිය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 3.00 out of 5)

කන්තලේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ මොල්ලිපොතාන ප්‍රදේශය පසුකරමින් යනවිට වම් අත දිශාවෙන් කඳුවැටි කිහිපයක් පෙනෙනවා. මෙම කුඩා කඳු ප්‍රදේශයේ මීටර 200ට වඩා උස මුදුන් 3ක් පමණ තිබෙනවා.

⚙️ [Google Ad 01 -EN]

මෙහි එක කඳු මුදුනක් තිබෙන්නේ “කුරුළුපැන්න වැව” (පරෙයිපඥ්ඥං කුලම) අසලයි. මෙය විශාල ගල් කන්දක්. තනිව නැගී සිටින මෙම කන්දේ මුදුන අක්කර 25-30 ක පමණ ප්‍රදේශයක පැතිරුණ ගලකින් ආවරණය වෙනවා.

මෙම කන්ද මුදුනේත් එහි පාමුලත් පුරාණයේ විශාල ලෙස පැතිරී තිබූ  ආරාමයක ණටබුන්  පැතිරී තිබෙනවා. කඳු මුදුනේ ණටබුන් අතර කුඩා දාගැබක්, පධානඝරයක පාදමක්, ශෛලමය පොකුණු 7ක්, මීටර් 500කට වඩා දිග විශාල ගල් කුට්ටියෙන් සාදනලද ගරාවැටුණු ගල් පවුරක් ඇතුලත් වනවා. මෙහි තිබුන පුරාණබෝධීන් වහන්සේ අලි ඇතුන්ගෙන් හානි වෙලා. එක්වරක් මෙම බෝධිය අන්‍යාමගිකයින් විසින් විනාශකර පවා තිබුනා.

මෙම කන්ද පාමුල ඇති නටබුන් මිනිස් ක්‍රියාවලීන්  නිසා වැනසිලා.  මේ අතර සිතාමතා කරන වැනසීම්ද ඇතුලත්.

ත්‍රිකුණාමලයේ උසම කඳු මුදුනක් වන මෙම මුදුනට අහස පැහැදිලි විට කිලෝමීටර 30ක් ඈතින් පිහිටි සේරුවිල මහා ස්තූපයද, කිලෝමීටර 55ක් ඈතින් පිහිටි රිටිගලකඳු වැටියද, කිලෝමීටර 50 ඈතින් ඇති තිරියාය කඳු හා ත්‍රිකුණාමල වරාය ආදී දසුන් මනරම් ලෙස පෙනෙනවා. නිරන්තරයෙන් හමන සුළගෙන් සිසිල් වන මෙම පර්වතයට නැගී අවට සිරි නැරඹීමට දේශීය සංචාරකයින් මෙහි  තරමක් පැමිණෙනවා. මොවුන්ගේනුත් මෙහි ඇති පුරාවිද්‍යා නටබුන් වලට හානි පැමිණෙනවා.

අවාසනාවට මෙහි පුරාවිද්‍යා දෙපර්තුමේන්තුවේ ඇස ගැටී නැති මෙම පුරාවිද්‍යා භූමියටත් අත්ව ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇති වෙනත් දහසකුත් පුරාවිද්‍යා ස්ථාන වලට වූ ඉරණමමයි.

මුලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

ත්‍රිකුණාමලය කිරුළු වෙහෙර පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ත්‍රිකුණාමලය කිරුළු වෙහෙර පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

කන්තලේ සිට කිරුළු වෙහෙර පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 10
ගතවන කාලය : විනාඩි 15 + ඇවිදීමට 
ගත කිරිය යුතු කාලය : පැය 1 ක් පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply