පල්ලෙමෝරුගම ජයවර්ධන ශ්‍රී සුමංගලාරාමය විහාරය - Pallemorugama Jayawardhana Sri Sumangalaramaya Viharaya

පල්ලෙමෝරුගම ජයවර්ධන ශ්‍රී සුමංගලාරාමය විහාරය

අඹේපුස්ස සිට අලව්ව නගරය හරහා කිලෝමීටර් 13 ක් දුරින් බුජ්ජොමුව පිහිටා තිබේ. පල්ලෙමෝරුගම ජයවර්ධන ශ්‍රී සුමංගලාරාමය විහාරය පිහිටා ඇත්තේ වයඹ පළාතේ මායිමේ මහා ඔයට මායිම්ව ඇති බුජ්ජොමුවහි ය.

Read More
දැදුරු ඔය පුරාණ කොට්‌ඨබද්ධ අමුණ තිබුනයැයි සලකන ස්ථානය - Ancient Kottabaddha Amuna on Daduru Oya

දැදුරු ඔය පුරාණ කොට්‌ඨබද්ධ අමුණ

චූලවංසයට අනුව කොට්‌ඨබද්ධ අමුණ පරාක්‍රමබාහු කුමරා විසින් කරවනලද මුල්ම අමුණ වේ. ඇමතිවරුන්ගේ විරෝධය නොසලකා ඔහු කොට්‌ඨබද්ධ ප්‍රදේශයේ අමුණක් කොට දැදුරු ඔය දෙපසට ඇළ මාර්ග 2 කපවා කෙත්වතු අස්වැද්දු බව සඳහන් වේ.

Read More
අමුණ ඉදිකිරීමට යොදාගත් කැපුම් සලකුණ සහිත විශාල ගල් කුට්ටියක්

දැදුරු ඔය පුරාණ දෝරදත්තික අමුණ

සී. ඩබ්ලිව්. නිකලස් මහතා A CONCISE HISTORY OF CEYLON කෘතියේ දෝරදත්තික අමුණ හක්වටුන්න ඔය සහ කිඹුල්වානා ඔය එක්වන දෙමෝදර පිහිටා ඇතිබවත් මෙහි ඇල  මාර්ගය තලගල්ල වැවට ජලය සැපයු බවත් පවසයි. තලගල්ල වැවෙන් වාන් දමන ජලය නැවත එබවලපිටියට ඉහළින් දැදුරු ඔයට නැවත එක්කර තිබු බවත් එම ජලය නැවතත් රඳවා මාගල් වැවට හරවන ලද බව පවසයි.

Read More
අමුණකොලේ ශ්‍රී වර්ධනාරාමය ටැම්පිට විහාරය - Amunakole Sri Wardhanaramaya Tampita Viharaya

අමුණකොලේ ශ්‍රී වර්ධනාරාමය ටැම්පිට විහාරය

සෙන්ටිමීටර 5.6 ක් උස ගල් කණු 9 ක් මත අමුනකොලේ ටැම්පිට විහාරය ඉදිකර ඇත. මෙහි ප්‍රථිමා ගෘහය වටා අඩක් උස පිටත බිත්ති සහිත ප්‍රදක්ෂිණා පථයක් වැනි කොරිඩෝවක් ඉදිකර ඇත.

Read More
Remains of the ancient stupa and the and the new one at the top of Kadiragala Rajamaha Viharaya rock.

කඳ සුරිඳු වැඩ සිටි කදිරාගල පුරාණ විහාරස්‌ථානය

වයඹ පළාතේ වාරියපොල නගරයට නුදුරින් පිහිටා ඇති ඓතිහාසික කදිරාගල පුරාණ රජමහා විහාරස්‌ථානය ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධියක්‌ උසුලන විහාරස්‌ථානයක්‌ වශයෙන් හැඳින්විය හැක. මෙම විහාරස්‌ථාන භුමියේ ගලේ බණ්‌ඩාර දෙවියන් සඳහා පුද පූජා කරන දේවාලයක්‌ ද පිහිටා තිබේ.

Read More