මාතර වේරගම්පිට අම්බලම - Matara Weragampita Ambalama

මාතර වේරගම්පිට අම්බලම (Matara Weragampita Ambalama)

මෙම වේරගම්පිට අම්බලම තිබෙන්නේ  නිල්වලා ගඟේ පැරණි නාවිමන තොටුපොලට මීටර 600ක් පමණ ඇතුලට වන්නට.  මෙම ගඟ හරහා පාලම් ඉදි කිරීමට පෙර මෙම තොටුපළ කාර්යබහුල ස්ථානයක් වන්නට ඇති. විද්වතුන්ගේ මතය මෙම අම්බලම ඉදි කරන්නට ඇත්තේ මෙම නාවිමන තොටුපොළ කේන්ද්‍ර කරගෙන වියයුතු බවයි. 

Read More
ගරාවැටී ඇති මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් - Wellamadama Ganadevi Ambalama Ruins

මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් (Wellamadama Ganadevi Ambalama Ruin)

රුහුණු විශ්වවිද්‍යාලය සිට දෙවිනුවර දක්වා ඇති වැල්ලබඩ මාර්ගය ඇති ඇති ප්‍රදේශය අදත් හඳුන්වන්නේ වැල්ලමඩම ලෙසයි. වර්තමානයේ වැල්ලමඩමේ ගණදෙවි කෝවිලේ ඇත්තේ ගණදෙවි අම්බලමේ කොටසක් පමණී. කොරල් ගල් හා පාෂාණ සංයෝගයකින් මෙහි බිත්ති සදා ඇත. තනි කාමරයකින් යුතු කුටියක් වන මෙම අම්බලමේ වහල 2013 දක්වා පමණ වනතෙක් පැවති බව පැවසේ. 

Read More
Tallest Mile Post - at Devinuwara

ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුව (මාතර දෙවිනුවර 103 සැතපුම් කණුව)

ලංකාවේ උසම සැතපුම් කණුව වශයෙන් ඉතිහාසයට එක්වී ඇති මෙම සැතපුම් කණුව මාතර – කතරගම මහා මාර්ගයේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයට සමීපයේ ලංකාවේ ප්‍රකට දේශපාලකයෙක් වූ හිටපු මුදල් ඇමැතිවරයෙකු වූ රොනී ද මෙල් මහතාගේ නිවස ඉදිරිපිට දැකිය හැක.

Read More