Urubokka Dam built by the Dutch

සොබාදහමට අභියෝග කරමින් ගංගා දෙකක් සම්බන්ධ කළ ඌරුබොක්ක ලංදේසි වේල්ල

ශ්‍රී ලංකාවේ ලන්දේසි පාලන සමයේ සිදු කරන ලද වැදගත්ම ජල විද්‍යාත්මක ව්‍යාපෘතිය වන්නේ 1787 දී ඌරුබොක්ක වේල්ල ඉදිකිරීමයි. එය වියළි කලාපයේ ගිරුවා පත්තුව හා මොරවක් කෝරලේ මායිම අතර මාතර දිසාවෙහි පිහිටා ඇත. තෙත් කලාපයේ පිහිටි ජලයෙන් පෝසත් වූ නිල්වලා ගඟේ ඉහළ පෙදෙසෙහි මොරවක් කෝරලේ එකතු වූ අතිරික්ත ජලය,ගඟෙහි පහළ ඇති කුඹුරුවලට,විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ බයිගම් ලෙස එකල හැඳින්වූ සහල් නිපදවන ගම්මාන 4කට නිරන්තර ගංවතුර හානි සිදු කළේය.

Read More
Ruins on the Matara Galgodiyana Island

මාතර ගල්ගොඩියාන දූපත බෞද්ධ නටබුන්

ගල්ගොඩියාන කියන්නේ මාතරට කිට්ටුව පිහිටි ගල් පරුවක් වගේ දූපතක්. මේක ගොඩබිම ඉඳන් මීටර් 200කටත් වඩා අඩු දුරකින් සහ ජනප්‍රිය පොල්හේන වෙරළේ ඉඳන් මීටර් 500ක් විතර දුරින් පිහිටලා තියෙනවා. කවුරුත් පදිංචි නැති මේ දූපත වර්ග මීටර් 290ක් (අක්කර 1ක් විතර) පුරා විහිදිලා තියෙනවා.

Read More
මාතර වේරගම්පිට අම්බලම - Matara Weragampita Ambalama

මාතර වේරගම්පිට අම්බලම

මෙම වේරගම්පිට අම්බලම තිබෙන්නේ  නිල්වලා ගඟේ පැරණි නාවිමන තොටුපොලට මීටර 600ක් පමණ ඇතුලට වන්නට.  මෙම ගඟ හරහා පාලම් ඉදි කිරීමට පෙර මෙම තොටුපළ කාර්යබහුල ස්ථානයක් වන්නට ඇති. විද්වතුන්ගේ මතය මෙම අම්බලම ඉදි කරන්නට ඇත්තේ මෙම නාවිමන තොටුපොළ කේන්ද්‍ර කරගෙන වියයුතු බවයි. 

Read More
ගරාවැටී ඇති මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් - Wellamadama Ganadevi Ambalama Ruins

මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන්

රුහුණු විශ්වවිද්‍යාලය සිට දෙවිනුවර දක්වා ඇති වැල්ලබඩ මාර්ගය ඇති ඇති ප්‍රදේශය අදත් හඳුන්වන්නේ වැල්ලමඩම ලෙසයි. වර්තමානයේ වැල්ලමඩමේ ගණදෙවි කෝවිලේ ඇත්තේ ගණදෙවි අම්බලමේ කොටසක් පමණී. කොරල් ගල් හා පාෂාණ සංයෝගයකින් මෙහි බිත්ති සදා ඇත. තනි කාමරයකින් යුතු කුටියක් වන මෙම අම්බලමේ වහල 2013 දක්වා පමණ වනතෙක් පැවති බව පැවසේ. 

Read More
Tallest Mile Post - at Devinuwara

ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුව (මාතර දෙවිනුවර 103 සැතපුම් කණුව)

ලංකාවේ උසම සැතපුම් කණුව වශයෙන් ඉතිහාසයට එක්වී ඇති මෙම සැතපුම් කණුව මාතර – කතරගම මහා මාර්ගයේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයට සමීපයේ ලංකාවේ ප්‍රකට දේශපාලකයෙක් වූ හිටපු මුදල් ඇමැතිවරයෙකු වූ රොනී ද මෙල් මහතාගේ නිවස ඉදිරිපිට දැකිය හැක.

Read More