
දෙවිනුවර නගරය ලංකාවේ ඇති ඉතාමත් පෞරාණික නගර වලින් එකකි. මේ නගරයේ අතීතය ඉතාමත් ඈතට දිව යන අතර දෙවන දප්පුල රජුගේ රාජ්‍ය කාලය ආරම්භයද සමඟ සම්බන්ද වේ. දෙවන දප්පුල විසින් ගරා වැටුන දෙවිනුවර පුරාණ රජමහාවිහාරය, උපුල්වන් දේවාලය ප්‍රතිසංස්කරණ කර, නගර සිවු කොන මහා දේවාල සතරක්ද පරිවාර දේවාල සතක්ද, වැව් සතක්ද, පොකුණු සතක්ද බන්දවන ලද බව වාර්තාවේ. මෙහිදී දේවලය අවට වන වැල්ලේමඩම පුරාණ ගණ දෙවි කෝවිලද, මැද්දවත්තේ නාග කෝවිලද, කයිසාවැල්ලේ ශිව කෝවිලද, දෙවොල් දේවාලයක්ද ඇතුලු තවත් කෝවිල් තිබු බව තිසර සංදේශය, පරවි සංදේශය, කෝකිල සංදේශය, දෙවිනුවර පුරාණය, දෙවනගර පුරාණය පුස්කොලපොත් ඇතුලු බොහෝ පොත්වල සදහන් වී ඇත.
තිසර සංදේශයේ කතුවරයා දෙවිනුවර සිට දැතිගම්පුරයට පියාඹන තිසරාට 30 වන පද්‍යයයේ මෙසේ උපදෙස් දෙයි
සියුමැලි තගෙ තෙලෙ සපල්ලේ තුඩ ම
පෑයේ සිරිනි එත කිරණැල්ලේ සැඩ ම
නොම සිට නෙරළු තුරු සෙවණැල්ලේ වැඩම
කෙරෙමින් ගණිඳු දැක යව වැල්ලේ මඩම
තිසාරා යන ගමනේදී පොල්ගස් සෙවණෙන් ගොස් වැල්ලමඩමේ ගණදෙවි දෙවාලය දැක යන ලෙස මෙම කතුවරයා පවසයි. තිසර සංදේශය ලියා ඇත්තේ පස්වන පරාක්‍රමබාහු කාලයේ (1344-1359) බව විශ්වාසයි. මෙහි කතුවරයා කව්රුන්ද යන්න සඳහන් නැතත් මෙය දෙවිනුවර වාසය කල ගුණවත් යතිවරයෙකු බව ගම්‍ය වේ.
රුහුණු විශ්වවිද්‍යාලය සිට දෙවිනුවර දක්වා ඇති වැල්ලබඩ මාර්ගය ඇති ඇති ප්‍රදේශය අදත් හඳුන්වන්නේ වැල්ලමඩම ලෙසයි. වර්තමානයේ වැල්ලමඩමේ ගණදෙවි කෝවිලේ ඇත්තේ ගණදෙවි අම්බලමේ කොටසක් පමණී. කොරල් ගල් හා පාෂාණ සංයෝගයකින් මෙහි බිත්ති සදා ඇත. තනි කාමරයකින් යුතු කුටියක් වන මෙම අම්බලමේ වහල 2013 දක්වා පමණ වනතෙක් පැවති බව පැවසේ. නමුත් අද පවතින්නේ ඉදිරි හා පැති බිත්තිවල කොටස් හා ඇතුලත වාඩිලා ගැනීමට තැනූ පිල් බංකුව පමණි.
ආශ්රිත ලිපි හා ග්රන්ථ
- දෙවිනුවර ප්‍රෞඩත්වය බදු වූ පෞරාණික රස්සන්දෙනිය වැල්ලමඩම ගණදෙවි අම්බලමේ පුරාණය : කරන්දෙණිය මහදුරගේ පසිදූ දේශාන්.
- තිසර සන්දේශය – si.wikibooks.org
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මාතර වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් රියදුරු දිශාවන්
මාතර සිට වැල්ලමඩම ගණදෙවි අම්බලම ණටබුන් දක්වා |
හරහා : දෙවිනුවර දෙසට මුළු දුර :කිලෝමීටර 4.5 ගතවන කාලය : විනාඩි 10 රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |