Uyanwatta Wewa

රයිගම් රාජධානියේ උයන් වත්ත වැව

දොළොස් වන ශතවර්ෂයෙන් පසුව වියලි කලාපයෙන් තෙත් කලාපයට සංක්‍රමණය වූවන් අතර වාරිතාක්ෂණය ලංකාවේ අභාවයට යා නොදී රැකගැනීමට කටයුතු කල කණ්ඩායමක් සිටි බවට බොහෝ උදාහරණ ඉතිහාසය අපට පෙන්වාදෙයි. කොලබ දිස්ත්රික්කයේ මුල්ලේරියාව වැව. තලංගම වැව, බොරලැස්ගමුව වැව හා කළුතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත වැව එයින් කීපයකි. උයන්වත්ත වැව පිළිබද කුඩා හැදින්වීමක් කිරීම මෙහි අරමුනයි.

Read More
Warakagoda Veheragoda Stupa Archaeological Site

වරකාගොඩ වෙහෙරගොඩ ඓතිහාසික ස්තුප ගොඩැල්ල

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථූපය ප්‍ප්‍රතිෂ්ඨාපනය කර ඇත. මුල් කාලයේ සිටම ශ්‍රී ලංකාවේ ස්ථූප සාදා ඇත්තේ පේසා වළලු 3ක් සමඟිනි. කලාතුරකින් සෝමාවතී ස්තූපය සහ සඳගිරිය ස්තූපය වැනි පේසා 2 ක් සහිත ස්තූප හමුවේ. කතරගම කිරි වෙහෙර වැනි තනි පේසාවක් සහිත ස්තූප දුර්ලභ ය. වෙහෙරගොඩැල්ල කැණීමේදී මෙම කුඩා ස්ථූපය තනි පේසාවක් භාවිතයෙන් ඉදිකර ඇති බව සොයා ගන්නා ලදී.

Read More
Horana Ellekanda Wanahami Guhawa - හොරණ ඇල්ලේකන්ද වනහාමිගේ ගුහාව

හොරණ ඇල්ලේකන්ද වනහාමිගේ ගුහාව

රයිගම් රාජධානිය හා සම්බන්ධ බොහෝ පුරාවෘත්ත හොරණ හෝ හිරඤ්ඤමළය හා සම්බන්ධ වෙනවා. මින් ස්ථානයක් තමයි වනහාමිගේ ගුහාව. මෙම ගුහාව හොරණ නගරයට ඉහළින් පෙනෙන ඇල්ලකන්ද කඳුවැටියේ පිහිටා තිබෙනවා. මෙම කඳුවැටිය අවට ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ගමන් කරන බව ද විශ්වාසයක් පවතිනවා.

Read More
Tamil Inscription in Kalutara

කාලි මෑණින්ට කල ප්‍රදානයන් සටහන් කළුතර දෙමළ සෙල් ලිපිය

මෙම සෙල්ලිපිය පිහිටා ඇත්තේ ගාලු පාර සහ කොළඹ-ගාල්ල දුම්රිය මාර්ගය අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලය. මෙම සෙල්ලිපියේ අක්ෂර සහ විස්තරයෙන් එය 15 වන සියවසේ කෝට්ටේ රාජධානියට (1412–1597 A.D) අයත් බවකිව කිව හැක.

Read More
කළුගඟ හරහා කළුතර බලකොටුව දිස්වන අයුරු. දිය සායමක්. වසර නොදනී.

පුරාණ කළුතර බලකොටුව (Ancient Kaluthara Fort)

කළුතර බලකොටුව 1622 දී පෘතුගීසීන් විසින් ඉදිකලේ පුරාණ  ගංගාතිලක විහාර භූම්යේය. පසුව එය සීතාවාකා රාජධානියේ මායාදුන්න රජු විසින් පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා ලදී. මෙම සටන මෙහෙයවනු ලැබුවේ ඔහුගේ පුත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර (පසුව රාජසිංහ 1 රජු) විසිනි. පෘතුගීසීන් විසින් නැවත එය අත්පත් කර ගත් අතර වෙඩි තැබීමකින් තොරව 1655 දී ලන්දේසීන්ට භාර දෙන ලදී. පසුව එය ලන්දේසීන් විසින් බලකොටු දෙකක් එකතු කරමින් පුළුල් කරන ලදී.

Read More