අෂ්ට ඵල මහා බෝධින්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 5.00 out of 5)
Loading...

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉන්දියාවේ මුල් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැවත එන එකම අංකුරය වෙනවා. ක්‍රිස්තු පූර්ව 249 දෙසැම්බර් පුර පසළොස්වක පොහොය දිනක සංඝමිත්තා තෙරණිය යාපනයේ දඹකොළපටුන වරායට වැඩම කළ ඓතිහාසික අවස්ථාවේදී ඇය ඉන්දියාවේ පූජනීය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් රැගෙන ලංකාවට පැමිණියා. දේවානම්පියතිස්ස රජතුමා වරායේ දී මෙම අගනා වස්තුව දෑතින් පිළිගැනීමෙන් පසු මහා පෙරහැරකින් අනුරාධපුරයට ගෙන ගිය අතර එහිදී මෙම අංකුරය චාරිත්‍රානුකූලව රෝපණය කළා. අදටත් එය ලෝවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවයේ සහ ඓතිහාසික වැදගත්කමේ සංකේතයක් වෙනවා.

ඓතිහාසික මහාවංසයට සහ සිංහල බෝධිවංශයට අනුව ශ්‍රී මහා බෝධියෙන් අංකුර අටක් මුලින්ම වැඩුණු අතර දේවානම්පියතිස්ස රජතුමා ඒවා පහත ස්ථානවල රෝපණය කළා.

  1. සමුද්‍ර තීරයේ සිට එනගමනේ මහා බෝධීන් වහන්සේ පිහිටි දඹුලුතොට  – ස්ථානය නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේ වෙතත්, ඉතිහාසය මත පදනම්ව, මෙම වෘක්ෂය සංඝමිත්තා බෝධිය නමින් හඳුන්වන පරලෙයි  ගම්මානයේ පිහිටි මුරුගන් කෝවිලේ බෝධිය  බවට විශ්වාස කෙරේ .
  2. තිවක්ක බ්‍රාහ්මණයාගේ ගමෙහි : අද තිවක්ක බමුණුගම නම් ගමක් නැත. එසේ වුවද ඇතැමුන් මෙම ස්ථානය තන්තිරිමලය ලෙස හඳුන්වනවා. කෙසේ වෙතත්, සිංහල බෝධිවංශය තන්තිරිමලය දෙතිස් මහා බෝධිය (බෝධි 32) පිහිටි ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් තන්තිරිමලය නිශ්චිත පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක මත තහවුරු වී නොමැති අතර එය ජනප්‍රවාදවලට පමණක් සීමාවෙනවා.
  3. ථූපාරාමයේ : මෑතදී ථූපාරාමයේ කැණීමකින් මෙම බෝධීන් වහන්සේ පිහිටි නිශ්චිත ස්ථානය ලෙස සැලකෙන ඉපැරණි බෝධිඝරයක් නිරාවරණය වීතිබෙනවා.
  4. ඉස්සරසමනාරාමයේදී : සිංහල බෝධිවංශය මෙම නම කසුන්ගිරි වෙහෙර ලෙස සඳහන් වෙනවා . කෙසේ වෙතත් වර්තමානයේ අනුරාධපුරයේ පුරාණ ඉසුරුමුණිය ලෙස හඳුනාගෙන ඇති වෙස්සගිරියයි.
  5. පළමු සෑ මළුව  : සිංහල බෝධිවංශය මෙම නම ප්‍රථමක චේතිය ලෙස සඳහන් කරනවා. ස්ථානය හඳුනාගෙන නොමැත.
  6. සෑගිරි ආරාමයේ :  මෙම ස්ථානය මිහින්තලය ලෙස හඳුනාගෙන ඇත
  7. කජරගම : සිංහල බෝධිවංශය මෙම නම කදරගම ලෙස හඳුනා ගනී . අද කතරගම ලෙස හැඳින්වේ
  8. චන්දනගම : සිංහල බෝධිවංශය සහ සිංහල මහාවංශය මෙම නම සඳුන්ගම ලෙස සඳහන් කරනවා. ස්ථානය හඳුනාගෙන නොමැත.

අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ මීළඟ අංකුර තිස් දෙක සඳහා දෙතිස් ඵල මහා බෝධින් ද බලන්න.

මුලාශ්‍ර

  1. Mahanama, Geiger, W.H. and Bode, M. (1912) The Mahavamsa: Or The Great Chronicle of Ceylon. London: H. Frowde for the Pali Text Society.
  2. Wilgammula Thero, S.P. (1970) සිංහල බෝධිවංශය. Colombo: Lake House.

සම්බන්ධ වෙනත් පිටු

Leave a Reply