දැවැන්තන්ගේ නමස්කාරයට ලක්වන යාන්ඔය වෙහෙරබැඳිගල පුරාවිද්‍යා භූමිය – Veherabendigala Archaeological Ruins at Yan Oya Reservoir

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...
Eranda Nalin Karunarathe
By Eranda Nalin Karunarathe

යාන්ඔය ජලාශයේ ප්‍රධාන වේල්ලට සම්භන්ධ ජලාශ බැම්මේ එක් අන්තයක තරමක් උස් විශාල ගල් පර්වතයක් පිහිටලා තිබෙනවා. එය වෙහෙරබැඳි කන්ද යන නමින් හඳුන්වනවා. මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ වනඅලි ගැවසෙන වනගත ප්‍රදේශයක්. මෙම පර්වතය ආශ්‍රිතව පුරාන ආරාම සංකීර්ණයක නටඹුන් දක්නට ලැබෙනවා. යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය නිසා පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවුවත් උස්බිමක පිහිටීම නිසා මෙම පුරාවිද්‍යා ස්ථානය ආරක්ෂිතව පවතිනවා. වාහල්කඩ සිට මල්පෝරුව ගම්මානය හරහා පුල්මුඩේ දක්වා දිවෙන සංවර්ධනය නොකළ වනගත මාර්ගය ආසන්නයේම තමයි මෙම ස්ථානය පිහිටලා තියෙන්නේ.

මාහට දැනගන්නට ලැබුණු කරුණු වලට අනුව අතීතයේ මෙම ස්ථානය සිරිබෝධි විහාරය ලෙස හඳුන්වා තිබෙනවා. එසේ නම් ලැබීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියක ‘ සිරි බෝධි විහාර වසති භික සග‘ ලෙස දක්වා තිබීමයි. මෙය පර්වතයක තමයි කොටා තිබෙන්නේ. විද්වතුන්ගේ මතය අනුව ශ්‍රී බෝධි වාසී භික්ෂූන්ගේ කටයුතු වෙනුවෙන් කරන ලද ප්‍රදානයක් මෙහි දැක්වෙන බව තමයි පැවසෙන්නේ. පැහැදිලිව විහාරයේ නම සඳහන් කොට තිබීම නිසා විහාරය හඳුනාගැනීම ඉතාමත්ම පහසුවී තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ මතය අනුව මෙම විහාරයට එමනම ලැබී ඇත්තේ ජය ශ්‍රි මහා බොධින්වහන්සේ අනුරාධ පුරයට වැඩමවද්දී මෙම ස්ථානයේ නවාතැන්ගත් නිසා වනබවයි දැනගන්නට ලැබුනේ. නමුත් එය මෙතෙක් තහවුරු කොට නොමැත. යාන්ඔය ජලාශ බැම්මේ අනෙක් අන්තයේ පිහිටි යකිනි කන්දෙන්ද කි. ව. 2-4 සියවස් වලට අයත් අපර බ්‍රාහ්මීය සෙල්ලිපියක් හමුවී ඇති අතර එහිද විහාරස්ථානයකට කල ප්‍රධානයක් පිළිබඳව සඳහන්වේ. අවාසනාවකට මෙම පුරාවස්තු බොහොමයක් අද නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වී විනාශයට පත්වී ඇත…

පර්වතයේ පාමුල ඉදිකොට ඇති බුදුකුටිය පසුකොට ඉහලට ගමන් කරනවිට ප්‍රථමයෙන්ම හමුවන්නේ ගල්තලාවේ එකලඟ පිහිටි පොකුණු පද්දතියකි. මේවා ගල්කෙම් ලෙසද හැඳින්විය හැක. තැනින් තැන අලි වසුරුද දක්නට ලැබේ. තවත් ඉදිරියට යාමේදී පුරාන වෙහෙරක සහ ගොඩනැගිල්ලක නෂ්ඨාවශේෂ, ශිලාමය පුරාවස්තු සහ නටඹුන් මෙන්ම පර්වතය මතට පිවිසීම පිණිස පර්වතයේම මනාලෙස නිමකරන ලද ගල් පඩිපෙලක්ද දක්නට ලැබේ. එවැනි පඩිපෙල් ස්ථාන දෙකකදී පර්වතය මත දැකගත හැක. ඒ මතින් පර්වතය මුදුනට පිවිසිවිට පුරාන ස්ථුපයක් තිබූ ස්ථානයක අලුතින් ඉදිවෙමින් පවතින ස්ථුපයක් දැකගත හැකිය. ඒවටා ආසනඝර, මල් ආසන සහ සිරිපතුල් ගල් කිහිපයක් දක්නට ලැබේ. ස්ථුපයේ වම් පසින් පහලට වන්නට සංරක්ෂණය නොකළ ගල්පඩි රාශියක්ද දක්නට ඇත. ස්ථුපය පසුකොට පර්වතයේ ඉදිරියට ගමන් කිරීමේදී දකුණු පසින් තාවකාලිකව ඉදිකරනලද බුදුකුටියක් සහ ආවාස ගෙයක් දක්නට ලැබේ, නමුත් එහි වැඩසිටිනා ස්වාමීන් වහන්සේ නමක් නම් මා නුදුටුවෙමි….

පර්වතයේ ඉහල කොටසේ යාන්ඔය ජලාශය අන්තයට වන්නට පැහැදිලි විශාල නටඹුන් ප්‍රමාණයක් දැකගත හැක. සඳකඩපහනක්, මුරගල්, කොරවක්ගල්, පඩිපෙල් ආදිය ඒ අතරින් ප්‍රධානය. එක් තැනක විනාශ වීගිය හිටි පිළිම වහන්සේ නමකගේයැයි සිතියහැකි නිර්මාණයකි. මෙම නටඹුන් සියල්ලම පාහේ අනුරාධපුර යුගයට අයත් බව සිතියහැක. බොහෝවිට පර්වතය මත වනය තුලට වන්නට බොහෝ නටඹුන් සහ ස්මාරක තිබිය හැක. මෙය ආරාම සංකීර්ණයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් පර්වතය වටා භූමිය තුල අක්කර ගණනක් පුරා විහිදුනු ප්‍රදේශයක අතිවිශාල පුරාවස්තු ප්‍රමාණයක් පිහිටීමට බොහෝ ඉඩකඩ ඇත.

පහල ජලයෙන් පිරීගිය භූමියේ පවා මෙම ‘සිරිබෝධි විහාරය’ ට අයත් නටඹුන් රාශියක් තැන්පත්වී ඇතුවාට සැකනැත. නමුත් මෙහිදී ඈත ගෝමරන්කඩවල සිසාරා පැතිරුණු යාන්ඔය ජලාශයත් එහි ස්වභා සෞන්දර්යෙන් පිරුණු වටපිටාවත් නෙතඟට ගෙනදෙන්නේ අසීමිත වූ ආශ්වාදයකි… මෙය ඉතා ප්‍රසිද්ධ පුරාවිද්‍යා භූමියක් නොවේ. එබැවින් සංචාරකයෙක් තියා ගම්වැසියෙක්වත් මෙහි නොපැමිනෙනවා වියහැක. අහලපහල පෙනෙනතෙක් මානයේ වනඅලි වෙසෙන මහඝන වනාන්තරය මිස කිසිදු නිවස්නයක් හෝ පිහිටා නොමැත. එමනිසා මෙහි වැඩසිටි ස්වාමීන් වහන්සේ පවා මෙම ස්ථානය අතහැර ගොස් ඇතිබවක් පෙනුනි.

මෙම ස්ථානයට පතිතවන දැඩි හිරු රශ්මියත්, පවතින දැඩි වියලි කර්කශ භාවයත් ඊට හේතුපාදක වූවා වියහැක. එමනිසා මෙම විහාරය වැඳපුදා ගැනීමට නිරන්තරයෙන් පැමිණෙන එකම සත්වයා මෙම වනත්රයේ වෙසෙන දැවැන්ත හස්තිරාජයින් පමණක් බව පර්වතය මත තැන තැන විසිර ඇති අලි වසුරු මගින් පෙනීයයි. වාහල්කඩ ගම්මානයේත් අලුතින් ඉදිකළ මල්පෝරුව ගම්මානයේත් වෙසෙන්නන්ගේ යාන්ඔය ජලාශය ඉදිකිරීම හේතුවෙන් අවතැන්වූ පිරිස් වලට වන්දි ලබාදීමේදී සිදුවූ මතගැටුම් හේතුවෙන් ඇතිවූ විරසක භාවයන්ද මෙම ගම් දෙක අතර වෙහෙරබැඳි කන්දේ පිහිටි යාන්ඔය පුරාවිද්‍යා රක්ෂිතයට අයත් මෙම ඓතිහාසික සිරිබෝධි විහාරයටද බලපෑවා යැයි කව්රුනම් දනිත්ද

සම්බන්ධ වෙනත් පිටු

යාන්ඔය වෙහෙරබැඳිගල පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

යාන්ඔය වෙහෙරබැඳිගල පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

නුරාධපුර සිට යාන්ඔය වෙහෙරබැඳිගල පුරාවිද්‍යා භූමිය
හරහා : කහටගස්දිගිලිය – හොරොව්පතාන
මුළු දුර : කිලෝමීටර් 89
ගතවන කාලය : පැය 2
ගත කිරිය යුතු කාලය : විනාඩි 45 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply