දෙතිස් ඵල මහා බෝධින්

Jaya Sri Maha Bodhi in Anuradhapura
Jaya Sri Maha Bodhi in Anuradhapura

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉන්දියාවේ මුල් ශ්‍රී මහා බෝධියේ ඉතිරිව ඇති එකම අංකුරය වෙනවා. ක්‍රිස්තු පූර්ව 249 වසරේ දෙසැම්බර් මාසයේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනකදී සංඝමිත්තා තෙරණිය මුල් ශ්‍රී මහා බෝධියේ අංකුරයක් රැගෙන යාපනයේ දඹකොළපටුන වරායට වැඩම කළා. දේවානම්පියතිස්ස රජතුමා මෙම පූජනීය අංකුරය ලබාගෙන, මහා පෙරහැරකින් එය අනුරාධපුරයේ රෝපණය කළ අතර, එය අද දක්වාම බෞද්ධ ජනතාවගේ පුජාවට ලක් වෙනවා.

ඓතිහාසික මහාවංශය , මහා බෝධිවංශය (12 වන සියවසේ අග භාගය) සහ සිංහල බෝධිවංශය (14 වන සියවසේදී මහාබෝධිවංශය සිංහලට පරිවර්තනය කිරීම) අනුව, ශ්‍රී මහා බෝධියෙන් අංකුර අටක් වැඩුණු අතර දේවානම්පියතිස්ස රජු (ක්‍රි . පූ. 307-267) පහත ස්ථානවල ඒවා රෝපණය කරතිබෙනවා. මේවා ෂ්ට ඵල බෝධීන් ලෙස හැඳින්වෙනවා. ඉන් පසුව තවත් අතු හතරකින් එකකින් අට බැගින් පැළ තිස් දෙකක් (32) හටගත්තා.

මෙම පැළ රෝපණය කළ ස්ථාන සිංහල බෝධිවංශයේ දක්වා තිබෙනවා. මෙම බෝධි රෝපණය කළ ස්ථාන පහත පරිදි වෙනවා:

  1. මල්වැස්සා වෙහෙර
  2. තන්තිරිමලේ විහාරය
  3. මුහුදුබඩ මහ ජල්ලික නම් කෙවුල්ගම
  4. කොට්ටියාරාමය
  5. පොළොන්නරුව (පොළොන්නරුවෙහි නිශ්චිත පිහිටීම හඳුනාගෙන නොමැත)
  6. මාතලේ රයිගම
  7. රුහුණුරට මාගම
  8. විල්වල
  9. මහියංගනය
  10. සේරුවිල නයින්ගේ විල්ගම් වෙහෙර
  11. ඌව බදුල්ලේ මුතියංගනය
  12. බුත්තල හප්පෝරු වෙහෙර
  13. රුහුණු රටේ සිතුල්පව්ව වෙහෙර
  14. වනවාස වෙහෙර (තංගල්ල වෙහෙරට බටහිරින්)
  15. වැලිගම වෙහෙර
  16. පරාගොඩ
  17. මැද්දේගම
  18. ගනේගම
  19. කොත්මලේ පුසුල්පිටිය
  20. මායා රටේ වතුර
  21. බෙලිගල
  22. බෙල්ලන්විල
  23. වඳුරුව (ගම්පහ දිස්ත්‍රික්කයේ වඳුරුව පිහිටි ශ්‍රී විශුද්ධාරාම විහාරය ලෙස විශ්වාස කෙරේ)
  24. වට්ටාරම රජමහා විහාරය
  25. සුළුගල්ල
  26. රැස්වේරුව
  27. කටියාව
  28. යාපව්ව සුන්දරගිරි පව්ව
  29. කසාගලු වෙහෙර
  30. අඹලව රත්ගල් වෙහෙර
  31. – සඳහන් කර නැත
  32. – සඳහන් කර නැත

කෙසේ වෙතත්, ස්ථාන 32 සම්පූර්ණ කිරීම සඳහා ගිරිබා වෙහෙර සහ පැපිලියාන සමහර පසුකාලීන ග්‍රන්ථවල ඇතුළත් කොට තිබෙනවා.

මුලාශ්‍ර

  1. Mahanama, Geiger, W.H. and Bode, M. (1912) The Mahavamsa: Or The Great Chronicle of Ceylon. London: H. Frowde for the Pali Text Society.
  2. Wilgammula Thero, S.P. (1970) සිංහල බෝධිවංශය. Colombo: Lake House.

සම්බන්ධ වෙනත් පිටු


© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply