අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉන්දියාවේ මුල් ශ්‍රී මහා බෝධියේ ඉතිරිව ඇති එකම අංකුරය වෙනවා. ක්‍රිස්තු පූර්ව 249 වසරේ දෙසැම්බර් මාසයේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනකදී සංඝමිත්තා තෙරණිය මුල් ශ්‍රී මහා බෝධියේ අංකුරයක් රැගෙන යාපනයේ දඹකොළපටුන වරායට වැඩම කළා. දේවානම්පියතිස්ස රජතුමා මෙම පූජනීය අංකුරය ලබාගෙන, මහා පෙරහැරකින් එය අනුරාධපුරයේ රෝපණය කළ අතර, එය අද දක්වාම බෞද්ධ ජනතාවගේ පුජාවට ලක් වෙනවා.
ඓතිහාසික මහාවංශය , මහා බෝධිවංශය (12 වන සියවසේ අග භාගය) සහ සිංහල බෝධිවංශය (14 වන සියවසේදී මහාබෝධිවංශය සිංහලට පරිවර්තනය කිරීම) අනුව, ශ්‍රී මහා බෝධියෙන් අංකුර අටක් වැඩුණු අතර දේවානම්පියතිස්ස රජු පහත ස්ථානවල ඒවා රෝපණය කරතිබෙනවා. මේවා අෂ්ට ඵල බෝධීන් ලෙස හැඳින්වෙනවා. ඉන් පසුව තවත් අතු හතරකින් එකකින් අට බැගින් පැළ තිස් දෙකක් (32) හටගත්තා.
මෙම පැළ රෝපණය කළ ස්ථාන සිංහල බෝධිවංශයේ දක්වා තිබෙනවා. මෙම බෝධි රෝපණය කළ ස්ථාන පහත පරිදි වෙනවා:
- මල්වැස්සා වෙහෙර
- තන්තිරිමලේ විහාරය
- මුහුදුබඩ මහ ජල්ලික නම් කෙවුල්ගම
- කොට්ටියාරාමය
- පොළොන්නරුව
- මාතලේ රයිගම
- රුහුණුරට මාගම
- විල්වල
- මහියංගනය
- සේරුවිල නයින්ගේ විල්ගම් වෙහෙර
- ඌව බදුල්ලේ මුතියංගනය
- බුත්තල හප්පෝරු වෙහෙර
- රුහුණු රටේ සිතුල්පව්ව වෙහෙර
- වනවාස වෙහෙර (තංගල්ල වෙහෙරට බටහිරින්)
- වැලිගම වෙහෙර
- පරාගොඩ
- මැද්දේගම
- ගනේගම
- කොත්මලේ පුසුල්පිටිය
- මායා රටේ වතුර
- බෙලිගල
- බෙල්ලන්විල
- වඳුරුව
- වට්ටාරම රජමහා විහාරය
- සුළුගල්ල
- රැස්වේරුව
- කටියාව
- යාපව්ව සුන්දරගිරි පව්ව
- කසාගලු වෙහෙර
- අඹලව රත්ගල් වෙහෙර
- – සඳහන් කර නැත
- – සඳහන් කර නැත
කෙසේ වෙතත්, ස්ථාන 32 සම්පූර්ණ කිරීම සඳහා ගිරිබා වෙහෙර සහ පැපිලියාන සමහර පසුකාලීන ග්‍රන්ථවල ඇතුළත් කොට තිබෙනවා.
මුලාශ්‍ර
- Mahanama, Geiger, W.H. and Bode, M. (1912) The Mahavamsa: Or The Great Chronicle of Ceylon. London: H. Frowde for the Pali Text Society.
- Wilgammula Thero, S.P. (1970) සිංහල බෝධිවංශය. Colombo: Lake House.