Ruins of Ancient Kailabe Monastery in Vavuniya - වවුනියාව වන මද සැඟවුණු කයිලබේ ආරාම නටබුන්

වවුනියාව වන මැද සැඟවුණු කයිලබේ ආරාම නටබුන්

කයිලබේ සංඝාරාම සංකීර්ණය අක්කර 10කට වැඩි භූමි ප්‍රමාණයක විසිරී ඇති අනුරාධපුර රාජධානි යුගයට අයත්යයි සැළකෙන අතිශය වැදගත් භූමි ප්‍රදේශයකි. මෙහි ස්තූප ගොඩැල්ල සහ තවත් ගොඩනැගිලි/ගොඩැලි 15කට අධික සංඛ්‍යාවක් හා පොකුණු 2ක් හඳුනා ගත හැක.

Read More
Losing Heritage of Samalankulam Buddhist Ruins in Vavuniya - කෝවිලකින් යටවෙමින් පවතින වවුනියාවේ සමලන්කුලම බෞද්ධ නටබුන් භූමිය.

කෝවිලකින් වැළලෙන වවුනියාවේ සමලාන්කුලම බෞද්ධ නටබුන් භූමිය

1970 දශකයේ දී සමලාන්කුලම පුරාවිද්‍යා බිම පරීක්‍ෂා කොට ඇති අතර මද්‍ය අනුරාධපුර යුගයට අයත් කළුගල් තලාවක ස්ථූප ගොඩැලි දෙකක හා පිළිම ගෙයක නටබුන් ලේඛනගත කොට ඇත. මෙම පිළිමගෙය කැණීමේදී අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ පිළිමයක් සහ බුද්ධ ප්‍රතිමාවක කොටසක් සොයාගෙන තිබේ.

Read More
A the stupa mound which has not be restored yet at the Galmaduwa Rajamaha Viharaya in Hingurana

වවුනියාවේ නොච්චිමොට්ටායි බෞද්ධ නටබුන්

1979 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පරිපාලන වාර්තාවේ වව්නියාවේ නොච්චිමොට්ටායි හි පරංගි ආරු ආසන්නයේ අර්ධ වශයෙන් විනාශ වූ ස්තූපයක් සහ තවත් ගොඩනැගිල්ලක නටබුන් පිලිබඳ විස්තරක් ඇතුලත්කො ට ඇත.

Read More
The new Kovil being built on the possible site of rock pillars discovered by the Archaeological Department in 1979. This site is possibly already lost to the Buddhists

වවුනියාවේ පරනට්ටකල් බෞද්ධ නටබුන්

පරණට්ටම් කල්ලු ගම්මානයේ රජයේ දෙමළ පාසලට පැමිණේ. පාසල ඉදිරිපසින් හා යාර 50 ක් පමණ ඈතින් පිහිටි පුරාණ යුගයේ ගල් කණු සහිත තල් අතු වහලයක් සහිත ගොඩනැගිල්ලක් ඇත. කුළුණක උස අඩි 7 අඟල් 3ක් හා පැත්තක පළල අඟල් 11 කි. ඉපැරණි දොර උළුවහු දෙකකට අයත් ගල් එකිනෙකට හුවමාරු කර වර්තමාන ගොඩනැගිල්ලේ දොරටුවේ භාවිතා කර ඇත. ඉපැරණි ප්‍රතිමා ගෘහයකට අයත් තවත් ගල් කඩා එම ස්ථානයේ ගොඩගසා ඇත.

Read More
Thandikulam Buddhist Ruins In Vavuniya - වවුනියාවේ තන්ඩිකුලම් බෞද්ධ නටබුන්

වවුනියාවේ තන්ඩිකුලම් බෞද්ධ නටබුන්

කඩිකුලම් හි පුරාණ භූමිය වවුනියා-යාපනය මාර්ගයේ සැතපුම් 2 ක් පමණ ගමන් කර පසුව කඩිකුලම් වැව් කණ්ඩිය ඔස්සේ සැතපුම් 1½ ක් පමණ ගමන් කර නීතිඥයෙකුට දිගු කල්බදු පදනම යටතේ ලබා දී ඇති ඉඩමක පවතී.

Read More
සෙට්ටිකුලම් කොන්ග්‍රාම්කුලම් මහවනයේ හමුවූ පුරාණ ආරාම සංකීරණය - Destroyed Heritage in Settikulam Jungles

සෙට්ටිකුලම් කොන්ග්‍රාම්කුලම් මහවනයෙන් මතුවූ පුරාණ ආරාම සංකීරණය

මෙහි ඇති නටබුන් අතර ශිලා ලේඛන හතක් සහ ස්තූප, ප්‍රතිමාගෘහ , බෝධිගර සහ බුද්ධ ප්‍රතිමා වල නටබුන්වූ කොටස් වාර්තා විය. මේ අතර කිරිගරුඬ බුදු පිළිමයක්ද හමුවී ඇත. එක් ලෙන් කටාරමක සෙල්ලිපියක්”බත ගිරි තිසහ ලෙනේ” යන්නෙහි අර්ථය “ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන” බව සඳහන් වේ.

Read More
නෙළුම්කුලම රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය - Nelumkulama Rankethgama Archaeological Site in Vavuniya

නෙළුම්කුලම රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය (Nelumkulama Rankethgama Rajamaha Viharaya Archaeological Site in Vavuniya)

වව්නියාව අවරන්තුලාව සහ පුවරසන්කුලම් – සෙට්ටිකුලම් මාර්ගය යා කරන මාර්ගයේ පිහිටා ඇති “රන්කෙත්ගම” ඓතිහාසික ගම්මානයකි. වර්තමාන රන්කෙත්ගම විහාරස්ථානයට ඉදිරියෙන් වූ මාර්ගයේ විරුද්ධ පස උස් වූ අතිවිශාල ගල්තලාවක් තිබේ. දුර සිට බලන විටම පෙනෙන්නේ ගරා වැටී ගිය ධාතු චෛත්‍යයකි.

Read More
පාවත්කුලම මහඋළුක්වැව පුරාවිද්‍යා භූමිය - Pawathkulama Mahaulukwewa Archaeological Site

පාවත්කුලම මහඋළුක්වැව පුරාවිද්‍යා භූමිය

පාවත්කුලම මහඋළුක්වැව විහාරය නිසැකවම අනුරාධපුර මුල්යුගය තෙක් විහිදෙන ඉතිහාසයක් සහිත ස්ථානයක් වනවාට සැක නැත. ගල් තලාවේ එක් ස්ථානයක තරමක් විශාල ගොඩැල්ලක් ලෙසට පවතින ස්ථානය ඉපැරණි චෛත්‍යයකි. එය නිධන්හොරුන් විසින් හාරා විනාශකොට ඇත. තවත් එවැනිම කුඩා ගොඩැල්ලක් දක්නට ලැබෙන අතර එහි පහන් පැලක් සකසාඇත. මෙහි ඉඳහිට අවට කුඹුරුවල වැඩකටයුතු වලට පැමිණෙන ගොවියන් පහන් දල්වනු ලබයි.

Read More