නෙළුම්කුලම රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 2.33 out of 5)
නෙළුම්කුලම රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය - Nelumkulama Rankethgama Archaeological Site in Vavuniya
නෙළුම්කුලම රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය – Nelumkulama Rankethgama Archaeological Site in Vavuniya
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

වව්නියාව අවරන්තුලාව සහ පුවරසන්කුලම් – සෙට්ටිකුලම් මාර්ගය යා කරන මාර්ගයේ පිහිටා ඇති “රන්කෙත්ගම” ඓතිහාසික ගම්මානයකි. නිමක් නොපෙනෙන සුවිසල් කුඹුරු යායවලින් පිරී ගිය මෙම ගම්මානයට “රන්කෙත්ගම” යන නාමය කදිමට ගැලපේ. අතීත සිංහල රාජධානි සමයේ පටන්ම මෙම ප්‍රදේශය සශ්‍රීක කෙත් යායවලින් පිරී ගිය බවට සැකයක් නැත.

වර්තමාන රන්කෙත්ගම විහාරස්ථානයට ඉදිරියෙන් වූ මාර්ගයේ විරුද්ධ පස උස් වූ අතිවිශාල ගල්තලාවක් තිබේ. දුර සිට බලන විටම පෙනෙන්නේ ගරා වැටී ගිය ධාතු චෛත්‍යයකි. මේ ගල්තලාවේ පාමුල ගඩොලින් කල අති විශාල වේදිකාවක නටඹුන් දක්නට ලැබේ. එය සැබැවින්ම ගඩොල් වේදිකාවක්ද නැතහොත් විශාල ගඩොල් ගොඩනැගිල්ලක්ද කියා නිශ්චිතව කිව නොහැක.

⚙️ [Google Ad 01 -SI]

ගල්තලාවේ සියලු දිශාවල්වල කුඩා සහ විශාල පොකුණු තිබේ. ගම්වැසියෝ අදටත් ස්නානය කිරීම සඳහා මෙම විශාල පොකුණු භාවිතා කරති. මීට අමතරව චෛත්‍යය ට පිටුපසින් ගල්තලාව මත ඇත්තේ වනරොදකි. මේ වනරොද තුළ ශෛලමය බෙහෙත් ඔරු මෙන්ම විහාර සංකිර්ණයකට අයත් තවත් නටඹුන් රාශියක් තිබේ. ගල්තලාවේ පිටුපසට වන්නට පිහිටා ඇති එම වනයෙන් වැසී ගිය පුරාවිද්‍යා බිම්කොටස තවදුරටත් ගවේෂණය කර කඩිනමින් සංරක්ෂණය කළයුතුව තිබේ.

සම්බන්ධ වෙනත් පිටු

නෙළුම්කුලම රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

නෙළුම්කුලම රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

අනුරාධපුර සිට රන්කෙත්ගම රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා :මැදවච්චිය – චේඩ්ඩිකුලම – රන්කෙත්ගම
මුළු දුර : කිලෝමීටර් 63
ගතවන කාලය : විනාඩි 90
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)