පාවත්කුලම මහඋළුක්වැව පුරාවිද්‍යා භූමිය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 2.00 out of 5)
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

මෙම නටඹුන්ව පවත්නා ඉපැරණි විහාරස්ථානය වව්නියාව දකුණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අක්කර 60 ග්‍රාම සේවා වසම තුල පිහිටා ඇත. මල්වතු ඔයෙහි අතු ගංගාවක් වන කල්ලාරු ඔයෙහි දකුණු ඉවුරට වන්නට පිහිටි විශාල ගල්තලාවක් මත මෙම විහාරස්ථානයට අයත් නටඹුන් පැතිර පවතී. මෙම ඔය ඉහලින් හරස්කොට පෙරිය උලුක්කුලම වැව නිර්මාණය කොට ඇත.

මෙම ස්ථානයට ලඟාවීමට වඩාත්ම පහසුම මග වන්නේ වව්නියාව පෙරිය උලුක්කුලම මහ විදුහලට පෙර හමුවන සතරමං හන්දියෙන් වම් අතට වගා ඇල ඔස්සේ දිවෙන මගෙහි කි.මී. 1.5 ක් පමණ ගොස් නැවත දකුණතට අතුරු ඇළ ඔස්සේ දිවෙන මගෙහි කි.මී. 2 ක් පමණ ගොස් වෙල් යාය මැදින් වැටී ඇති මගෙහි මීටර 200 ක් පමණ පැමිනීමයි.

[Google Ad 01 -EN]

මෙම විහාරය නිසැකවම අනුරාධපුර මුල්යුගය තෙක් විහිදෙන ඉතිහාසයක් සහිත ස්ථානයක් වනවාට සැක නැත. ගල් තලාවේ එක් ස්ථානයක තරමක් විශාල ගොඩැල්ලක් ලෙසට පවතින ස්ථානය ඉපැරණි චෛත්‍යයකි. එය නිධන්හොරුන් විසින් හාරා විනාශකොට ඇත. තවත් එවැනිම කුඩා ගොඩැල්ලක් දක්නට ලැබෙන අතර එහි පහන් පැලක් සකසාඇත. මෙහි ඉඳහිට අවට කුඹුරුවල වැඩකටයුතු වලට පැමිණෙන ගොවියන් පහන් දල්වනු ලබයි. ගල් තලය පුරාවටම තැන්තැන් වල ගඩොල් කැට, උළු වැනි දෑ විසිර පවතී. ඇතැම් ස්ථානවල ගොඩනැගිලි පාදම් හෝ චෛත්‍ය මළුවේ යැයි සැලකිය හැකි ගල් බැමිවල කොටස් හමුවෙයි. එසේම එක් ස්ථානයක ගල් කණු කොටස්ද දක්නට ලැබෙයි. මීට අමතරව සිරිපතුල් ගලක් , ස්වාභාවික ගල් පොකුණක්, පහන් වලක් හා ඇඹරුම් වලවල් 3ක් මෙම ගල්තලාව මත දැකගත හැක.

නිසි කැනීම් සිදුකලහොත් පසට යටව ඇති තවත් ඉදිකිරීම් රැසක් මෙම ස්ථානයෙන් සොයාගැනීමට හැකිවනු නොඅනුමානය..

සම්බන්ධ වෙනත් පිටු

පාවත්කුලම මහඋළුක්වැව පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පාවත්කුලම මහඋළුක්වැව පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

මැදවච්චිය සිට පාවත්කුලම මහඋළුක්වැව පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා :පුනෑව
මුළු දුර : කිලෝමීටර් 29
ගතවන කාලය : විනාඩි 50 ක්  පමණ + වනයේ ගමන 
ගත කිරිය යුතු කාලය : විනාඩි 60  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)