සෙට්ටිකුලම් කොන්ග්‍රාම්කුලම් මහවනයෙන් මතුවූ පුරාණ ආරාම සංකීරණය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 2.33 out of 5)
සෙට්ටිකුලම් කොන්ග්‍රාම්කුලම් මහවනයේ හමුවූ පුරාණ ආරාම සංකීරණය - Destroyed Heritage in Settikulam Jungles
සෙට්ටිකුලම් කොන්ග්‍රාම්කුලම් මහවනයේ හමුවූ පුරාණ ආරාම සංකීරණය – Destroyed Heritage in Settikulam Jungles

කොන්ග්‍රාම්කුලම් (කොන්ක්‍රාන්ට්කුලම්) යනු වව්නියා දිස්ත්‍රික්කයේ සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම්හි කොට්ටාශයේ අති දුෂ්කර ගම්මානයකි. එය තන්තිරිමලේ සහ ගජසිංහපුර අතර (මැදවච්චිය – මන්නාරම් මාර්ගයේ) විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇත.

2017 දී කොන්ග්‍රාම්කුලම් ග්‍රාමයේ වනය තුල පිහිටි පුරාවිද්‍යා ස්ථානයක් පිළිබඳව අනුරාධපුරයේ ශ්‍රී ලංකා භික්‍ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කථිකාචාර්ය පූජ්‍ය ගල්වැවේ විමලකිත්ති හිමිගේ නායකත්වයෙන් යුත් පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් එළිදක්වන ලදී.

[Google Ad 01 -EN]

පූජ්‍ය ගල්වැවේ විමලකිත්ති හිමි විසින් මෙම ස්ථානයෙන් හමුවූ මිනිස් අස්ථි කැබලි දෙකක්, අස්ථි කැබලි හා ගල් වලින් සාදන ලද මෙවලම්, සතුන්ගේ ලෙන් සිතුවම්, ගල් අඟුරු කැබලි සහ සත්ව ඇටකටු වාර්තාවට ඇතුලත් කොට ඇත. මෙහි ඇති නටබුන් අතර ශිලාලේඛන හතක්, ස්තූප, ප්‍රතිමාගෘහ , බෝධිගර සහ බුද්ධ ප්‍රතිමා වල නටබුන්වූ කොටස් වාර්තා විය. මේ අතර විනාශ වූ පිළිම අතර කිරිගරුඬ බුදු පිළිමයක්ද හමුවී ඇත. එක් ලෙන් කටාරමක “බත ගිරි තිසහ ලෙනේ” යනුවෙන් නෙළන ලද ලිපියක් හමුවී ඇති අතර එහි අර්ථය “ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන” බව සඳහන් වේ.

මෙහිදී හමුවූ මිනිස් අස්ථි කැබලි, සත්ව අස්ථි මෙවලම්, ගල් මෙවලම්, කහඳ (ගල් මෙවලම් සෑදීමට බහුලව භාවිතා වේ) මීට වසර 12,000 කට පමණ පෙර කාලයක සිට පැවත එන බව විශ්වාස කෙරේ.

මෙම ස්ථානයේ විද්‍යාත්මක කැණීමක් සිදු කර ඇති පළමු අවස්ථාව මෙය වුවද සියලු පුරාවිද්‍ වැදගත්යා කමකින් යුත් වස්තූන් සියල්ල විනාශ කරමින් නිධන් සොරුන් විසින් මෙම ස්ථානය කැනීම් කොට ඇත්තේ කලකට කලින්.

වනයෙන් වටවූ මෙම භූමියට පිවිසීමට තන්තිරිමලේ – ගජසිංහපුර මාර්ගයේ සිට පුරාණ වව්වාල වැව දක්වා දුෂ්කර වනගත මාර්ගයකින් ගමන් කොට වැව පසුකර පසු වනාන්තරය හරහා මල්වතු ඔයට ගමන් කල හැකිවේ. මෙම ඔය හරහා පැරණි දැව පාලමක සාධක හමුවේ. මල්වතු ඔය මෙම ප්‍රදේශයෙන් ගල් තලාවක් මතින් ගලායන අතර එම ගල් තලාව මත පාලම්තු කණු සඳහා තුන් පෙළකට කණු වලවල් හාරා තිබෙනු දැකිය හැකි අතර මෙහි සෙල්ලිපි 2ක්ද දැකගත හැක. මෙම ගල්තලාව හරහා ඔය තරණය කළ හැක.

මෙම ගඟ තරණය කර යම් දුරක් ඇවිද ගිය පසු කොන්ග්‍රාම්කුලම් වනාන්තර මැද පිහිටි ගල් කන්දක් ආශ්‍රයෙන් ගොඩනැගුණු මෙම පුරාණ විහාර සංකීර්ණය දැක ගත හැක.

මෙම ස්ථානයට ගමන් මාර්ගය දැක්වූ නයනජිත් සංජීවට ස්තුතිය.

මූලාශ්‍ර :

  • රොමේෂ් මධුශංක, 2017. අතීත මානවයින් ගැන දුෂ්කර ගමකින් සාක්ෂි හමුවෙයි. [online] nethnews.lk. Available at: <http://nethnews.lk/index.php/article/46399> [Accessed 23 January 2021].

සම්බන්ධ වෙනත් පිටු

කොන්ග්‍රාම්කුලම් නටබුන් පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කොන්ග්‍රාම්කුලම් නටබුන් පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

අනුරාධපුර සිට කොන්ග්‍රාම්කුලම් නටබුන් දක්වා
හරහා :තන්තිරිමලේ
මුළු දුර : කිලෝමීටර් 45
ගතවන කාලය : විනාඩි 60 + වනය තුලට යන ගමන
ගත කිරිය යුතු කාලය : විනාඩි 60-120 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

Leave a Reply