වස්ගමුව වන තුල සැඟවුණු සුදුකන්ද (කුමාර කන්ද) නටබුන්
සුදුකන්ද නටබුන් වාස්ගමුව ජාතික උද්‍යානයේ මධ්‍යම බටහිර කෙලවරේ පිහිටා ඇත. මෙම නටබුන් විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර, එය විශාල ආරාම සංකීර්ණයක සාධක ලෙස සැලකිය හැක. කණගාටුවට කරුණක් නම්, මෙය නිධන් හොරුන්ට පමණක් සිත්ගන්නා සුළු ස්ථානයක් වී තිබීමයි. මෙතෙක් මෙම ස්ථානය පිළිබඳ කිසිඳු පුරාවිද්‍යා සමීක්ෂණයක් සිදුකර නැත.
