දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (8 votes, average: 3.63 out of 5)
Loading...

කළුපොකුන නොහොත් කලුදිය පොකුණ මාතලේ දිස්ත්‍රික්කයේ වගපහන පල්ලේසිය පත්තුව හි කුඹුක්කන්දන්වල සිට ගිනිකොන දෙසින් සැතපුම් එකහමාරක් පමණ දුරින් පිහිටි එරවලගල (පෙරවෙලගල ලෙසද හැඳින්වෙන) කඳු පන්තියක පාමුල පිහිටි විශාල ආරාමයක නටබුන් සහිත ස්ථානයකි. මෙය මිහින්තලේ කලුදිය පොකුණ සමඟ වරදවා නොගත යුතුය. මෙම ආරාමය පබ්බත විහාර (පංචාවාස) ක්‍රමයට ගොඩනංවා ඇති අතර මංජු ශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ශාස්ත්‍ර හි විස්තර කරන ලද පරිදි දිය අගලකින් වට වූ වේදිකාවක් මත ප්‍රාථමික ගොඩනැගිලි ඉදි කොට ඇත.

ආරාමයේ ප්‍රධාන ගොඩනැඟිලිවල මධ්‍යස්ථ ප්‍රමාණයේ ස්ථූපයක් සහ දැවැන්ත නමුත් දළ වශයෙන් කපන ලද ගල් කණු ආධාරයෙන් නැගී සිට ඇති ගොඩනැගිල්ලකි. එය කඳු බෑවුම මත මළු කිහිපයකින් යුක්තව සකස් කර ඇති අතර ඒවා දිය අගලකින් වටවී ඇති බව පෙනේ. මෙම මළු පසුකොට කන්දට නගින විට, දකුණට හා නැගෙනහිරට භූමිය ගල් කුළු බවට පත්වන අතර මෙම විශාල කළුගල් අතර, පුරාණ කාලයේ බෞද්ධ මුනිවරුන් භාවිතා කල ලෙන් 12ක් හමුවේ.එසේ නමුත් මෙම හෙක්ටයාර 40 (අක්කර 100) රක්ෂිතය තුල ලෙන් 69 ක් හඳුනාගෙන ඇති බව පැවසේ. ස්තූපයට නිරිත දෙසින්, අඩි 750 ක් පමණ දුරින්, සුන්බුන් සහිත පොකුණක් ඇත, එය තුල පිරී ඇති කාල වර්ණයෙන් යුතු මඩ සහිත ජලය මෙම භූමියට කලුදියපොකුණ නාමය එක්කොට ඇත.

මෙම ස්ථානයේ සෙල්ලිපි තුනක් සොයාගෙන ඇත. පළමුවැන්න ස්තූපයේ මළුවේ දකුණු දොරටුවේ පඩි පෙළක සරල මුර ගලක් මත කොටා ඇත. මෙය ක්‍රි.ව. 7 වන සියවසට අයත් වන අතර අකුරු කිහිපයක් පමණක් පැහැදිලිව දිස්වේ.

දෙවන සෙල්ලිපිය ස්තූපයේ නිරිත දෙසින් අඩි 400 ක් පමණ දුරින් පිහිටි ලෙනක කොටා කර ඇත. එය 9 වන ශතවර්ෂයට අයත් අක්ෂරයෙන් ලියා ඇත. මෙහි අක්ෂර තරමක් නොසැලකිලිමත් ලෙස සිදුකොට ඇත. ඒවා නොගැඹුරු වන අතර බොහෝ අවස්ථාවන්හිදී ඒවායේ හැඩය වෙනස් වේ.නමුත් මෙම සෙල්ලිපියේ පිහිටීම හේතුවෙන්, එය හොඳ මට්ටමක පවතී. ආචාර්ය පරණවිතානයන්ට අනුව, මෙම සෙල්ලිපිය II වන සේන රජුට (853-887) හෝ IV වන කාශ්‍යප රජුට (898-914) පැවරිය හැකි නමුත් එය II වන සේන රජුගේ වියයුතු බව පවසයි.

9 වන ශතවර්ෂයේදී මෙම ආරාමය දඛිණගිරි (දක්ඛිණ හෝ දක්ඛිණගිරි) ආරාමය ලෙස හැඳින්වූ බව මෙම සෙල්ලිපියෙන් අපට අනාවරණය වේ. මෙම සෙල්ලිපියේ අන්තර්ගතය වන්නේ ආරාමයට ආහාර සැපයීම සඳහා විවිධ පුද්ගලයින් විසින් කරන ලද විවිධ පරිත්‍යාග පිළිබඳවයි. මෙහි ප්‍රධාන කොටස වන්නේ දලනා නම් පුද්ගලයාගේ පරිත්‍යාග ගැනයි. ඔහු දිනපතා සහල් සහ කිරි සැපයීම සඳහා රත්‍රන් කලං විසිතුනක් පරිත්‍යාග කොට ඇත. සහල් නොපිසූ ලෙස ලබා නොදිය යුතු බවට ඔහු විසින් කරන ලද කොන්දේසියෙන් ආරාමයේ භික්ෂූන් කෙරෙහි එතරම් විශ්වාසයක් නොමැති බවක් පෙන්නුම් කරයි. ආරාමයේ භික්ෂූන් අතර මතභේදයක් ඇති වුවහොත් ඔවුන් සඳහා පිළියෙළ කළ ආහාර කාක්කන් හා බල්ලන් වෙත විසි කළ යුතු බව ද දක්වා ඇත. පැහැදිලිවම, දලනාගේ මතය වූයේ අඬදබර කර ගන්නා භික්ෂූන්ට වඩා එවැනි සතුන් භක්තිවන්තයන්ගේ දානය ලැබීමට සුදුසු බව පෙනේ.

මහාවංශයට අනුව, දක්ඛිණගිරි විහාරය ඉදිකිරීමේ ගෞරවය හිමි වන්නේ සද්ධතීස්ස රජු (ක්‍රි.පූ. 137-119) වෙතය (XXXIII: 8). නැවතත් ධතුසේන රජු (459-477) ද දක්ඛිණගිරි විහාරයක් ඉදි කල බව චුලවංසයේ (XXXVIII: 47) දැක්වේ. පළමුවන අග්ගබෝධි රජු (575-608) දක්ඛිණගිරිදල්හ විහාරයට (XLII: 27) උපෝස්තඝර ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර එය වෙනස් විහාරයක් විය හැක. නැවතත් චුලවංසයේ සඳහන් වන්නේ පස්වන කාශ්‍යප රජු (914-923) දක්ඛිණගිරි (විහාරය) වෙත ගම්මානයක් පරිත්‍යාග කළ බවයි. (LII:60).

කලුදියපොකුනෙහි තෙවන ශිලා ලේඛනය කැටයම් කර ඇත්තේ ස්තූපයට දකුණින් අඩි 250 ක් පමණ දුරින් නටබුන් වූ ගොඩනැගිල්ලක අසල ඇති ශෛලමය පුවරුවකය. එපිග්‍රැෆියාස් සෙලානිකා (වෙළුම III) හි අර්ධ වශයෙන් හානියට පත් මෙම සෙල්ලිපියෙහිද මෙහි නාමය දඛිණගිරි ලෙස සඳහන් වන අතර එය IV වන සේන රජුගේ (954-956) රාජ්‍ය කාලයට අයත් බව සඳහන් කරයි.

1979-80 කාලය තුළ කලුදිය පොකුන ස්ථූපය කැණීම් කොට සංරක්ෂණය කරන ලදී. කලුදිය පොකුන භූමිය දඹුල්ල නගරයට කිලෝමීටර් 16 ක් ඈතින් මනරම් කණ්ඩලම වැව පසුකොට පිහිටා ඇත. නටබුන් ඇති කඳු පාමුලට ලඳු කැලෑ හා කුඹුරු හරහා වැටී ඇති මාර්ගය අලංකාරය. හුදකලාව පිහිටි මෙම පුරාවිද්‍යා භූමිය තුල වෙහෙස මහන්සි වී වැඩ කරන කම්කරුවෙකු හෝ දෙදෙනෙකු හැර වෙනත් කිසිවෙකු ඔබට හමු නොවනු ඇත.

ආශ්‍රිත

  • Wickramasinghe, D. and Codrington, H., 1933. Epigraphia Zeylanica being Lithic and Other Inscriptions of Ceylon : Vol III. 1st ed. London: Oxford University Press, p.253-269.
  • De Silva, R. and Karunaratne, W., n.d. Administration report of the archaeological commissioner for the year 1979. 1st ed. Colombo: Department of the Government Printing, p.17-19.
  • 2010. සිංහල මහාවංශය. 1st ed. Colombo: Buddhist Cultural Center.
  • Mahānāma, Bode, M. and Geiger, W., 1912. The Mahavamsa or the great chronicle of Ceylon. 1st ed. London: Henry Frowde, Oxford University Press, p.250.
  • Geiger, W., 1998. Cūlavaṃsa, being the more recent part of the Mahavamsa : Part 1. 2nd ed. New Delhi: Asian Educational Services.
  • NICHOLAS, C., 1963. Historical Topography of Ancient and Medieval Ceylon. Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Vol VI,(Special Number), p.111.
  • Abhayavardhana, E., 2004. Heritage of Kandurata. 1st ed. Kandy: Kandurata Development Bank, in association with the Central Bank of Sri Lanka, pp.181-182.
  • Powell, K., 2018. Rituals and Ruins: Recovering the History of Vajrayāna Buddhism in Sri Lanka. Master of Arts in South and Southeast Asian Studies. University of California, Berkeley.
  • Okamura, T., 2015. RUINS IN CENTRAL EASTERN AREA OF SRI LANKA — at the jungle of Amban Ganga Basin and the outskirts —. Tokyo: South Asian

සම්බන්ධ වෙනත් පිටු

දඹුල්ල කළුදිය පොකුණ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

දඹුල්ල කළුදිය පොකුණ සිතියම ගමන් මාර්ගය

දඹුල්ල සිට කළුදිය පොකුණ දක්වා
හරහා:
දුර: කිලෝමීටර 15
ගමන් කාලය : විනාඩි 20 පමණ
ගතකළයුතු කාලය : පැය 1ක් පමණ
ගමන් මාර්ගය : මෙහි ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)