නාඋල ඓතිහාසික අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

නාඋල නගරය පිහිටියේ මාතලේ – දඹුල්ල මාර්ගයේ මාතලේ සිට කිලෝමීටර 29ක් දුරින් හා දඹුල්ලේ සිට කිලෝමීටර 18ක් දුරිනි.

නාඋල අම්බලම නාඋල නගර මද්‍යයේ පිහිටයි. ජනප්‍රවාදයන්ට අනුව මෙම අම්බලම දෙවනපෑතිස්ස රජ සමය හා සම්බන්ධය. සිංහල රාජ්‍ය සමයෙන් පසුව ඉංග්‍රිසි පාලන සමයේ දී (1880 දශකයේ) නාඋල ශ්‍රි නාග ජාතික පාසලේ ආරම්භ සිදුවන්නේ ද මෙම අම්බලම මුල්කරගෙන බව ඉතිහාසයේ දැක්වෙයි.

පසු කාලීණව අවස්ථා ගනනාවක දී පැවති රජයන් මගින් ප්‍රතිසංස්කරණය වන නාඋල අම්බලම අවසන් වරට සංවර්ධනය වන්නේ පසුගිය රජය සමයේ දීය.

සිමෙන්තියෙන් සාදා ඇති මෙහි බිත්ති කෙටිය. දිගින් වැඩිය. වහලය රට උළු භාවිතයෙන් සෙවිලි කොට ඇත. 2019 අගෝස්තු වර්ෂයේ මෙම අම්බලමේ ඉදිරිපස කණුවක් එම මාර්ගය පුළුල් කිරීමේ යෙදෙන සමාගමකට අයත් බැකෝ යන්ත්‍රයක වැදී හානි වී ඇති බව වාර්තා විය.

මෙම මාර්ගය පුළුල් කිරීම් නිසා අද මාර්ගය අසලටම අම්බලම පැමිණ ඇත.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

නාඋල ඓතිහාසික අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

නාඋල ඓතිහාසික අම්බලම රියදුරු දිශාවන්

මහනුවර සිට නාඋල ඓතිහාසික අම්බලම දක්වා
හරහා : මාතලේ
මුළු දුර : කිලෝමීටර් 54
ගතවන කාලය : පැය 1 විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 5-10 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com