Ethimale Wewa Reservoir in Monaragala District

ඇතිමලේ, කොටියාගල සහ පානම පුරාණ වැව්

මොණරාගල හෙලබඩ බෝවිටිය කඳු වැටියෙන් ආරම්භ වන විල ඔය නැගෙනහිර මුහුදට එකතු වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම අසලිනි. විල ඔය ද්‍රෝණියේ වඩාත් වැදගත් වන්නේ එහි ‌ෙඑතිහාසික පසුබිම දුටුගැමුණු රජසමය දක්වා දිව යන බැවිනි. දැනට විල ඔය ද්‍රෝණියේ ක්‍රියාත්මක වන වාරිමාර්ග පද්ධති වලින් ප්‍රධාන වාරිමාර්ග වන්නේ ඇතිමලේ කොටියාගල හා පානම යන වැව් ය.

Read More
A ruined stupa at the Seemapauwa Forest Monastery

අඟුණකොලපැලැස්ස සීමාපව්ව ආරණ්‍ය සේනාසනය

දැනට සීමාපවූව ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ වසන හබරත්තාවෙල ජිනසාර නායක හිමියන්ගේ අදහසට අනූව පොළොන්නරු යූගය හෝ ඊට ආසන්න යූගයක ද්‍රවිඩ හෝ සිංහල ප්‍රාදේශීය පාලකයෙක් මෙම කෘෂි ජනපදය පාලනය කරන්නට ඇති බවයි. ඔහූ විසින් මෙම විශිෂ්ට වාරි පද්ධතිය සකස් කොට කෘෂි ජනපදය ස්වයංපෝෂිත කරන්නට ඇතැයි සැලකේ.

Read More
බුත්තල රහතන්කන්ද ආරණ්‍ය සේනාසණය පුරාවිද්‍යා නටබුන් - Buttala Rahathankanda Aranya Senasanaya Archaeological Ruins

බුත්තල රහතන්කන්ද ආරණ්‍ය සේනාසණය පුරාවිද්‍යා නටබුන්

බුත්තල රහතන්කන්ද ඇති ගල්ලෙන් හා පරිසරය ආරණ්‍යවාසී භික්ෂූන්ට ඉතා උචිත පරිසරයක් නිර්මාණය කර දී තිබේ. පුරාණයේ රහතුන් වහන්සේලා වැඩ සිටි හෙයින් මෙම කන්ද රහතුන් කන්ද ලෙස හඳුන්වනවා ද විය හැක.

Read More
සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් - Siyambalanduwa Kadurugoda Rajamaha Viharaya Archaeological Ruins

සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් (Siyambalanduwa Kadurugoda Rajamaha Viharaya Archaeological Ruins)

මෙම නටබුන් වූ කදුරුගොඩ විහාරය පිහිටා ඇත්තේ මීටර 200ක් පමණ ඉහළට නැගී විශාල ගල් පර්වතයක් පාමුලය. මෙම භූමියේ තරමක් විශාල ස්තූප ගොඩැල්ලක් වේ. නිදන් සොරුන් විසින් මෙය සාරා මද්‍යය විනාශකොට ඇත. ස්තූප මළුවට ඇතුල් වීමට කැබලි වූ ගල් කණු දෙකක් සිටුවා ඇත.

Read More
වෙට්ටඹුගල පර්වත ගුහාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් - Prehistoric Cave Art in Wettambugala Rock Cave

වෙට්ටඹුගල පර්වත ගුහාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් (Prehistoric Cave Art in Wettambugala Rock Cave)

වෙට්ටඹුගල පර්වත ලෙන දිගින් මීටර 30කි. උසින් මීටර් 20ක් පමණ වේ. ලෙනෙහි කටාරමක් යොදා ඇති අතර, ඊට යටින් පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියන ලද සෙල්ලිපියක් වේ. එය ක්‍රිස්තු පූර්ව 3-2 සියවස්වලට අයත්ය. ලෙනට ඉහළින් පර්වතය මුදුනෙහිද දික් අතට ලියන ලද ශිලා ලේඛන දෙකකි.

Read More
වත්තේගම රජමහා විහාරය - කොටියාගල, සියඹලාණ්ඩුව - Kotiyagala Wattegama Rajamaha Viharaya

වත්තේගම රජමහා විහාරය – කොටියාගල, සියඹලාණ්ඩුව (Kotiyagala Wattegama Rajamaha Viharaya)

වත්තේගම විශාල ශේෂ කන්දකි. තරමක් කුඩා තවත් එක් කඳුගැටයක් ප්‍රධාන කන්ද අසලම වෙයි. මෙම කඳු දෙක අතරමැදට වන්නට මෙම ඉපැරණි විහාරස්ථානය ගොඩනගා ඇත. සමස්ථයක් ලෙස වත්තේගම රජමහා විහාරය රුහුණේ මුල් යුගයේ ආරම්භව ඇත. මෙහි නටඹුන්ව ඇති විශාල දාගැබකි. බුදුපිලිම නෙලීමට පෙර යුගයේ බෞද්ධයන්ගේ වන්දනාවට ලක්වූ සිරිපතුල් ගල් රැසක් මෙම විහාර භූමියෙන් සොයාගෙන ඇත.

Read More