වත්තේගම රජමහා විහාරය – කොටියාගල, සියඹලාණ්ඩුව

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 1.50 out of 5)
By Sandaruwan Hinnapitiya
By Sandaruwan Hinnapitiya

මොණරාගල-සියඹලාණ්ඩුව මාර්ගයේ කොඩයාන මංසන්දියේ සිට කොටියාගල තෙක් වැටී ඇති මාර්ගයේ කි.මී. 14.5 ක් පමණ ගිය විට මෙම විහාරස්ථානය හමුවෙයි. මෙම ඓතිහාසික ස්ථානය මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වත්තේගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා තිබේ.

වත්තේගම විශාල ශේෂ කන්දකි. තරමක් කුඩා තවත් එක් කඳුගැටයක් ප්‍රධාන කන්ද අසලම වෙයි. මෙම කඳු දෙක අතරමැදට වන්නට මෙම ඉපැරණි විහාරස්ථානය ගොඩනගා ඇත. සමස්ථයක් ලෙස වත්තේගම රජමහා විහාරය රුහුණේ මුල් යුගයේ ආරම්භව ඇත. මෙහි නටඹුන්ව ඇති විශාල දාගැබකි. බුදුපිලිම නෙලීමට පෙර යුගයේ බෞද්ධයන්ගේ වන්දනාවට ලක්වූ සිරිපතුල් ගල් රැසක් මෙම විහාර භූමියෙන් සොයාගෙන ඇත. තවද මෙහි ඉපැරණි බෝධිඝරයකි. විහාරස්ථානයේ ඇති අනෙක් වටිනාම ඉදිකිරීම වන්නෙ මහනුවර යුගයේ ඉදිකෙරුණ පිළිමගෙයයි. එය සැබවින්ම චිත්‍රාගාරයකි. නමුත් මෙහි ඇති බොහෝ සිතුවම් මේ වනවිට මැකී හෝ වියැකෙමින් පවතී.

⚙️ [Google Ad 01 -SI]

සමස්ථයක් වශයෙන් ගත්කල නටබුන් ස්ථූපයක්, ස්ථූප ප්‍රාකාරයක්, සිරිපතුල් ගල් 05ක්, ඡ්ත්‍ර 08ක්, පා දෝවනයක්, මල් ආසන 08ක්, ගල් පුවරුවක්, මහනුවර යුගයට අයත් විහාර ගෙයක්, පැරණි ධර්මශාලාවක්, වට පවුරක්, බෝධි ප්‍රාකාරයක්, නටබුන් ගොඩැල්ලක් හා සීමා ප්‍රාකාරයක් දක්නට ලැබෙයි.

උපුටා ගැනීම් : ඌවේ වංහුං, සුජීව කුමාර කෝවිලතැන්න

සම්බන්ධ වෙනත් පිටු

වත්තේගම රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වත්තේගම රජමහා විහාරය රියදුරු දිශාවන්

 මොනරාගල සිට වත්තේගම රජමහා විහාරය දක්වා
මුළු දුර : කිලෝමීටර් 30
ගතවන කාලය : විනාඩි 45 – 60
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)