බුත්තල රහතන්කන්ද ආරණ්‍ය සේනාසණය පුරාවිද්‍යා නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (4 votes, average: 2.50 out of 5)

මොණරාගල දිස්ත්රික්කයේ බුත්තල නගරය ආසන්නයේ පිහිටි රහතන්කන්ද කිලෝමීටර 2.5 කට වඩා දිගින් යුත් මීටර 450 ක් පමණ උස් වූ කඳු යායකි. අක්කර හැත්තෑවක් පමණ වසා රහතන් කන්ද වන සසුන පවතී. වසර දහස් ගණනක් පැරණි ගසින් සෑදුනු වනයකින් මෙම කඳු පන්තිය වසාගෙන ඇත.

මහාවංශයට අනුව කාවන්තිස්ස රජු මිය ගිය පසු ඔහුගේ පුත් සද්ධාතිස්ස, රජතුමාගේ අවසන් කටයුතු තිස්සමහාරාමයේ කරවා ඔහුගේ මෑණියන් වන විහාර මහාදේවියද රාජකීය ඇතාද රැගෙන දීඝවාපියට නැවත ගියේය. දුටුගැමුණු කුමරු මලය රටේ සිට රෝහණයට පැමිණ ඔටුණු පැළඳ ඔහුගේ සහෝදර සද්ධාතිස්ස කුමාරයා වෙත පණිවුඩයක් යවමින් ඔවුන්ගේ මව සහ රාජකීය ඇතා නැවත එවන ලෙස දැන්විය. එසේ යවන ලද පණිවුඩ තුනකට ප්‍රතිචාරයක් නොමැතිතැන දුටුගැමුණු කුමරු හමුදාව කැඳවා තිස්ස කුමරු හා සටන් වැදිණි. මෙම සටන ඇති වූයේ චූලංගනී ප්‍රදේශයේය. එය අද යුදගනාව ලෙස හැඳින්වේ.

⚙️ [Google Ad 01 -SI]

මෙම සටනින් දුටුගැමුණු කුමරාගේ හමුදාව බොහෝ සේ මරණයට පත්විය. දුටුගැමුණු කුමාරයා, ඔහුගේ තිස්ස ඇමති හා දීඝථූණිකා නම් වෙළඹ යුදබිමෙන් පලා යන විට තිස්ස කුමරා ඔවුහු පසුපස ලුහු බැන්දේය. රහතන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් මෙම යුද්ධය නැවත්වූ බව මහාවංසය සඳහන් කරයි.

නමුත් සද්ධර්මාලංකාරයට අනුව එක්වරම විශාල කන්දක් කණ්ඩායම් දෙක මධ්‍යයෙන් මතුවීය. මෙය රහතන් වහන්සේලාගේ ක්‍රියාවක්යි දැනගත් සද්ධාතිස්ස, ගැමුණු කුමරු ලුහුබැඳීම නැවැත්වීය.

රහතන් වහන්සේලා විසින් මැවූ මෙම කන්ද අද රහතන්කන්ද ලෙස හඳුන්වන බව විශ්වාසයයි.

මෙම කන්දේ ඇති ගල්ලෙන් හා පරිසරය ආරණ්‍යවාසී භික්ෂූන්ට ඉතා උචිත පරිසරයක් නිර්මාණය කර දී තිබේ. පුරාණයේ රහතුන් වහන්සේලා වැඩ සිටි හෙයින් මෙම කන්ද රහතුන් කන්ද ලෙස හඳුන්වනවා ද විය හැක.

පැරණි බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති එක් ලෙනක ගාමිණි හා ලෙන ලෙස ද තවත් ලෙනක තිස්ස යන්න ද කියවා ගත හැකිව තිබේ එසේම දුටුගැමුණු රජුගේ දස මහ යෝධයන් අතර ඔහු පුස්සදේව යන නම තවත් ලෙනක සෙන්පති පුස­දේව ලෙන් ලෙස සඳහන්ව ඇත. එබැවින් ෙම ආරණ්‍ය යම් විට මුල් යුද්ධයෙන් පසුව ගාමිණි කුමරු සහ තිස්ස කුමරු එක්ව සංඝයාට පූජා කළා ද විය හැක.

මෙම වන සෙනසුනට ඇතුළු වීමේදී මුලින්ම හමුවන්නේ 1992 වසරේ බුත්තල ගම් උදාවට සමගාමීව ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් කරවන ලද අනුරාධපුර ථූපාරාමයට සමානව කරන ලද ස්තූපය හා වටදාගෙය කණු ආකෘතියයි.

කඳු පාමුල සිට වනාන්තරය තුළින් ඉහලට දිවෙන පියගැටපෙළ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස දක්වා වූ උරුමය කට ගෙනයයි.

රහ­තන් කන්ද වන සෙන­සු­නෙහි පෙරදා රහ­තන් වහන්සේ 500ක් පමණ වැඩ සිටි බව කියැ­වෙයි. මෙහි කටා­රම් කොටා ඇති ලෙන් 70ක් පමණ පුරා­වි­ද්‍යා­ඥයන් විසින් සොයා ගෙන තිබේ. තවත් ලෙන් බොහෝ සංඛ්‍යා­වක් වන ගහ­න­යෙන් වසන් වී ගොසිනි. වන­වාසී භික්ෂූන් වහ­න්සේගේ පැන් පහ­සුව සලසා පොකුණු 15ක්, ගිරග මත දාගැබ් දෙකක්, සක්මන් මළු, පැරණි පිය­ගැට පෙළ, උස්ත­ල­යක පැරණි බෝධීන් වහන්සේ ආදී වූ වන­සෙ­න­සු­නක ප්‍රධාන අංග­යන්ගේ නෂ්ටා­ව­ශේෂ සටහන් කරන්නේ එදා පැවැති අභි­මා­න­වත් පූජ­නීය සෙන­සු­නක සැම­රුම් ලකුණු ය.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

රහතන්කන්ද ආරණ්‍ය සේනාසණ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

රහතන්කන්ද ආරණ්‍ය සේනාසණ රියදුරු දිශාවන්

බුත්තල සිට රහතන්කන්ද ආරණ්‍ය සේනාසණය දක්වා
මුළු දුර : කිලෝමීටර් 2.3
ගතවන කාලය : විනාඩි 5
ගත කිරිය යුතු කාලය : විනාඩි 60-120 පම
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply