Hidden deep in the elephant infested jungles of Somawathi National Park, This ancient Aramaic Site at Kompittugala lies hidden form the prying eyes close to the Mahaweli River banks

සෝමාවතී කෝම්පිට්ටුගල පුරාවිද්‍යා නටබුන්

ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 217/ජී සිරිමංගලපුර ග්‍රාමසේවා වසමට අනුරූපව මෙම සෝමාවතී කෝම්පිට්ටුගල පුරාවිද්‍යා නටබුන් විහාර භූමිය පිහිටා ඇත. නිසි ප්‍රවිෂ්ඨ මගක් නොමැති මෙම පුදබිම සෝමාවතී ජාතික උද්‍යානයේ මහවැලි ගංගාවේ ප්‍රධාන බෙදීම පිහිටන විල්ලුව ආශ්‍රිතව පිහිටයි.

Read More
සේරුනුවර නීලපොල (ට්‍රැක් 14) බෞද්ධ පුරාවිද්‍යා නටබුන් - Serunuwara Neelapola (Track 14) Buddhist Ruins

සේරුනුවර නීලපොල ට්‍රැක් 14 බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

මෙම නටඹුන් පිහිටි ස්ථානය සේරුනුවර හා මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවේ නීලපොල ග්‍රාමසේවා වසමේ ට්‍රැක් 14 කුඹුරු ඉඩමේ, දෙහිවත්ත නීලපොල රජමහා විහාරයේ සිට කි.මි. 1 කට මදක් දුරින් තරමක් වයඹ දෙස වන්නට කුඹුරු යාය මැදට වන්නට පිහිටයි.

Read More
කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය - Kanthale Sri Agbo Rajamaha Viharaya Archaeological Site

කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය

දැනට පෙනෙන්නට ඇති සාධක අනුව නිසැකවම මෙම කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය අනුරාධපුර යුගයේ මුල් සමයට අයත් වනවාට සැක නැත. විහාර භූමියේ උතුරු දිශාවට වන්නට ගොඩනැගිලි කීපයකට අයත් නටඹුන් හා ගල් කණු හඳුනාගත් හැක. ඉපැරණි සෑයකට අයත් ගරාවැටුණු ගඩොළු හා පස් සහිත ගොඩැල්ලක් හා ඒ අශ්‍රිතව තවත් ගොඩනැගිල්ලක නටඹුන් ද මෙහි දී හඳුනාගත හැක.

Read More
වත්තේගම රජමහා විහාරය - කොටියාගල, සියඹලාණ්ඩුව - Kotiyagala Wattegama Rajamaha Viharaya

වත්තේගම රජමහා විහාරය – කොටියාගල, සියඹලාණ්ඩුව

වත්තේගම විශාල ශේෂ කන්දකි. තරමක් කුඩා තවත් එක් කඳුගැටයක් ප්‍රධාන කන්ද අසලම වෙයි. මෙම කඳු දෙක අතරමැදට වන්නට මෙම ඉපැරණි විහාරස්ථානය ගොඩනගා ඇත. සමස්ථයක් ලෙස වත්තේගම රජමහා විහාරය රුහුණේ මුල් යුගයේ ආරම්භව ඇත. මෙහි නටඹුන්ව ඇති විශාල දාගැබකි. බුදුපිලිම නෙලීමට පෙර යුගයේ බෞද්ධයන්ගේ වන්දනාවට ලක්වූ සිරිපතුල් ගල් රැසක් මෙම විහාර භූමියෙන් සොයාගෙන ඇත.

Read More
සේරුනුවර සිරිමංගලපුර එරමිණියමලේ පුරාවිද්‍යා ණටබුන් - Eraminiyamale Archaeological Ruins in Sirimangalapura, Serunuwara

සේරුනුවර සිරිමංගලපුර එරමිණියමලේ පුරාවිද්‍යා ණටබුන්

සේරුනුවර නගරයේ සිට කන්තලේ මාර්ගයේ කල්ලාර් හන්දිය හමුවීමට පෙර වම් දෙසින් මාවිල්ආරු වැවට ගමන් කළ හැකි මාර්ගය හමුවේ. මාවිල්ආරු බැම්ම මතින් දකුණු දෙසට එහි කෙළවර දක්වාම ගමන් කළ විට මෑතකදී සකස් කරමින් පවතින වෙනත් බැම්මක් හමුවේ. එහිද කෙළවර දක්වාම ගමන් කළ යුතු වේ. අලි ඇතුන් ගමන් ගත් මංතල ඔස්සේ පිවිසුම් මාර්ග සකස් කරගනිමින් ස්ථානය දත් අයෙකු සමග ගමන් කළ යුතු වේ. අනුරාධපුර මුල් යුගයේ සිට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණයට ලක් වූ ඉතා වැදගත් සිද්ධස්ථානයකි.

Read More
සේරුවිල මංගල වැව ඉපැරණි අංගනය ණටබුන් - Ruins of the ancient rock platform in Mangalawewa Reservoir

සේරුවාවිල මංගල වැව ඉපැරණි අංගනය ණටබුන්

මංගල වැව මධ්‍යම ප්‍රමාණයේ පැරණි වැවකි. මෙය කවර සමයකදී ඉදිවූයේදැයි සාධක නොමැත. මෙම වැවේ ඉහත්තාව දෙසට වන්නට පිහිටි ගල් පර්වත 5 ක් පමණ වෙයි. ඉන් එකක ජලයට බැසීම සඳහා ගලෙහි කප්පවන ලද පියගැටපෙලකට අයත් පියගැට 12 ක් පමණ දක්නට ලැබෙයි. එසේ වුවද එම ගල්තලාව මත කිසිදු ගොඩනැගිල්ලක ඉදිකිරීමක් දක්නට නොමැත.

Read More
නිදන් සොයා වනසා ඇති ත්‍රිකුණාමලය ලිංගපුර බෞද්ධ ණටබුන් - Lingapura Buddhist Ruins in Trincomalee

නිදන් සොයා වනසා ඇති ත්‍රිකුණාමලය ලිංගපුරම් බෞද්ධ ණටබුන්

ලිංගපුරම් ග්‍රාමයෙ පිහිටා ඇති මෙම ස්ථානයට අයත් නටඹුන් අක්කර 5 ක පමණ ප්‍රදේශයක් පුරා විසිර ඇති අතර පස් කැපීම් වැනි කටයුතු නිසා බොහෝ නටඹුන් විනාශව හෝ පසට යටව පවතී. මෙම ස්ථානයේ කුඩා ගල් තලාවක් වෙයි. ඒ මත ගඩොල් භාවිතයෙන් ඉදිකල විශ්කම්භය අඩි 20 ක් පමණ වන චෛත්‍යයකි. මෙය නිධන්හොරුන් විසින් හාරා විනාශකොට ඇති අතර එහි ගඩොල් සෑම තැනකම විසිරී පවතී. සෑයෙ කැණ ඇති විවරය තුලින් එහි අභ්‍යන්තරයේ ගඩොල් ස්ථර පැහැදිලිව දැකිය හැක.

Read More
නිධන් හොරුන් විසින් වනසා ඇති ත්‍රිකුණාමලය සිරිමංගලපුර බෞද්ධ ණටබුන් - Sirimangalapura Buddhist Ruins in Trincomalee

නිධන් හොරුන් විසින් වනසා ඇති ත්‍රිකුණාමලය සිරිමංගලපුර බෞද්ධ ණටබුන්

මෙම විහාරස්ථානය ආශ්‍රිතව කුඩා දාගැබක් හා ඉපැරණි ගොඩනැගිළි කීපයකම නෂ්ඨාවශේෂ හමුවෙයි. අඩි කීපයක් උසින් යුකතව පවත්නා මෙම චෛත්‍ය ගොඩැල්ල මධ්‍යය හාර විනාශකොට ඇත. වෘත්තාකාරව එසේ කැන ඇති වල තුල ගඩොල් ස්ථර වශයෙන් හඳුනාගැනීමට හැකිවෙයි. එහි පතුලේ ශිලා පුවරු යොදාගනිමින් ඉදිකළ ගර්භය හඳුනාගත හැකිවෙයි. සෑය මතුපිට මෙවන් ගල්පුවරු හා ගඩොල් විශාල ප්‍රමාණයක් දැකිය හැකිය.

Read More
සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය - Sirimangalapura Demalayapitiya Archaeological Site

සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය

තරමක් උස් ගොඩල්ලක් ලෙස පවත්නා නිධන් හොරුන් විසින් හාරා විනාශකොට ඇති විශාල සෑයක නටඹුන් සේරුවිල සිරිමංගලපුර දෙමළයාපිටියෙන් හමුවෙයි. මෙහි වට ප්‍රමාණය යනාදිය නිශ්චිතව සඳහන් කළ නොහැක. මෙම ස්ථානයේ චෛත්‍ය ආසන්නවම වන්නට ගොඩනැගිළි කීපයකට අයත් ගල් කණු හඳුනාගත හැක. චෛත්‍ය මධ්‍යයේ මීටර 2.5 ක් පමණ යටට නිධන් හොරුන් විසින් හාරන ලද වලක් වෙයි.

Read More
සේරුවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය - Seruvila Samagipura Archaeology Site

සේරුවාවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය

සමගිපුර පුද්ගලික ඉඩමකට පිවිසෙන පටු මගක් අසල අක්කර 1 1/2 ක පමණ කෙසෙල් වගාව සහිත භූමිබාගයක් පුරා මෙම නටඹුන් විසිර පවතී. මෙහි එක් ස්ථානයක් ඉපැරණි චෛත්‍යක් යැයි සැලකිය හැකි ගඩොළු සහිත ගොඩැල්ලකි. ඒම ස්ථානය වටා තවත් ගොඩනැගිලි කීපයකට අයත් ඉදිකිරීම් පවතින අතට ඒවාට අයත් ගල් කණු හා පාදම්ගල් ඒ අවට බොහෝ ස්ථාන වල පවතී.

Read More
සේරුවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය පුරාවිද්‍යා ස්ථානය - Seruvila Neelapola Pattini Devalaya Ground Archaeology Site

සේරුවාවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය පුරාවිද්‍යා ස්ථානය

කන්තලේ සේරුනුවර මාර්ගයේ කල්ලාරු මංසන්දියෙන් වම් අතට දිවෙන දෙහිවත්ත නීලපොල මාර්ගයේ නීලපොල දක්වා ගමන්කොට බෝගස් හන්දියෙන් දකුණතට ඇති මගෙහි මීටර 750 ක් පමණ ගමන් කළ විට පාරේ වම් පසින් පත්තිනි කෝවිලද, දකුණුපසින් නටඹුන් වූ විහාරයට අයත් නටඹුන් ද පිහිටා ඇත.

Read More
සෝමනුවර නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය - Somanuwara Neelapola Galwala Archaeology Site

සේරුවාවිල නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය

කන්තලේ සේරුනුවර මාර්ගයේ කල්ලාර් හන්දියෙන් දෙහිවත්ත හරහා වැටී ඇති මාර්ගයේ නීලපොල දක්වා පැමිණ බෝගස් හන්දියෙන් වම් අතට මද දුරක් ගොස් දකුණු දෙසට හැරී නැවතත් මද දුරකින් දකුණු පසට ඇති මාර්ගයේ මීටර 150 ක් පමණ ගමන් කළ විට මෙම ස්ථානය හමුවෙයි.

Read More
සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය - Somanuwara Sirimangalapura Sunethra Wewa Archaeology Site

සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය

සිරිමංගලපුර සුනේත්‍රා වැව අසලින් සොයාගත් පර්වත ලිපි කීපයකි. ඒවායෙ අක්ෂර අනුව එම ලිපි පිළිවෙලින් ක්‍රි.ව. 4, 8 හා 9 යන සියවස් වලට අයත් වෙයි. එසේම මෙහි පවත්නා ගඩොල් වල ස්වභාවය අනුව ක්‍රි.පූ. යුගයට එනම් අනුරාධපුර මුල් යුගයට අයත් ඉදිකිරීම්ද අති බව අනුමාන කල හැක. මෙහි හඳුනාගත් හැකි වැදගත් ශිලා ලේඛණ දෙකක් වෙයි.

Read More
කෝවිලක් බවට පත් වූ සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ පුරාවිද්‍යා ස්ථානය - Somanuwara Sirimangalapura Gedige Archaeology Site

කෝවිලක් බවට පත් වූ සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ පුරාවිද්‍යා ස්ථානය

සේරුවිල ප්‍රදේශයේ ජනාවාස හා පොළොන්නරුව යුගය දක්වාම පැවති බව කියාපෑමට සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ ප්‍රභල සාක්ෂියකි. ගෙඩිගේ සම්ප්‍රධායට ඉදිකොට ඇති මෙම ගොඩනැගිල්ල ආශ්‍රිතව අනුරාධපුර යුගයට අයත් ඇතැම් ඉදිකිරීම් වල සාධක හමුවෙයි.

Read More