සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 2.00 out of 5)
සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන්  - Siyambalanduwa Kadurugoda Rajamaha Viharaya Archaeological Ruins
සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන්

කදුරුගොඩ විහාරය යන නම ඇසූ පමණින් අපට සිහියට නැගෙන්නේ යාපනය අර්ධද්වීපයේ ඇති කදුරුගොඩ විහාරයයි. නමුත් මෙම විහාරය ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ විලඔය ග්‍රාමසේවා වසමේ 5 කනුව ප්‍රදේශයේයි.

⚙️ [Google Ad 01 -SI]

මොණරාගල – සියඹලාණ්ඩුව මාර්ගයේ කිලෝමීටර 28ක් පමණ ගමන් ගත්කල කොඩයාන මංසන්දිය හා මාර්ගය හමුවේ. මෙම පටු මාර්ගය ඇත්තේ KST ඉරිඟු පිටි කිරීමේ කර්මාන්ත ශාලාවට මීටර 500 පමණ පෙරය. මෙම මාර්ගයේ කිලෝමීටර 8.6ක් ගමන්කළ විට 5 කණුව ප්‍රදේශයෙන් දකුණට දිවෙන සිමෙන්ති ගල් ඇතිරූ අතුරු මාර්ගයකට පැමිණේ. මෙම අතුරු මාර්ගයේ ඉරිඟු වගාබිම් පසුකරමින් කිලෝමීටර 2ක් පමණ ගමන්ගත් කල මෙම ඉපැරිණි විහාරය දකුණු පසින් හමුවේ. මෙම අතුරු මාර්ගයේ සිමෙන්ති ගල් අතුරා ඇත්තේ මුල් මීටර 50 පමණය. ඉන්පසු එය බොරළු මාර්ගයක් බවට පත්වේ.

මෙම නටබුන් වූ කදුරුගොඩ විහාරය පිහිටා ඇත්තේ මීටර 200ක් පමණ ඉහළට නැගී විශාල ගල් පර්වතයක් පාමුලය. මෙම භූමියේ තරමක් විශාල ස්තූප ගොඩැල්ලක් වේ. නිදන් සොරුන් විසින් මෙය සාරා මද්‍යය විනාශකොට ඇත. ස්තූප මළුවට ඇතුල් වීමට කැබලි වූ ගල් කණු දෙකක් සිටුවා ඇත. එහි පඩිය ලෙස කැටයම් කල විශාල ගල් උළුවස්සක කොටසක් ලෙස සැක කල හැකි ශෛලමය කොටසක් තබා ඇත. මෙම පුරාණ ස්තූපය අසලින් විහාරයේ නව ස්තූපය පවතී.

මීට අමතරව මෙම විහාර භූමියේ තැනින් තැන පුරාණ නටබුන් වූ ගොඩනැගිලි ශෛලමය කොටස් පැතිරී තිබේ. චාම් ලෙස කැටයම් කල කොරවක් ගල් දෙකක් හා ගල් පඩි භාවිතා කොට කුඩා බුදු මැදුරක් සාදා ඇත. එය ඉදිරිපිට විශාල ගල්කනුවක කොටස් දෙකකි. මීට අමතරව සිටවූ ගල්කණු කොටස් තැනින්තැන පැතිරී පවතී.

කදුරුගොඩ විහාරය සියඹලාණ්ඩුව මාර්ගයට දුරින් දුෂ්කර ගම්මානයක් තුල පිහිටි බැවින් තවමත් අප්‍රකටව පවතී.

සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් දළ සටහන
සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් දළ සටහන
Report of the Archaeological Survey in Sri Lanka by the Hosei University Team

ආශ්‍රිත

  • SUZUKI, Y., 1999. Report of the Archaeological Survey in Sri Lanka by the Hosei University Team. Tokyo: Hosei University.

සම්බන්ධ වෙනත් පිටු

සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය රියදුරු දිශාවන්

මොණරාගල සිට සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය දක්වා
හරහා :දොඹගහවෙල – කොඩයාන
මුළු දුර : කිලෝමීටර් 37
ගතවන කාලය : විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-40 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply