සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් – Siyambalanduwa Kadurugoda Rajamaha Viharaya Archaeological Ruins

කදුරුගොඩ විහාරය යන නම ඇසූ පමණින් අපට සිහියට නැගෙන්නේ යාපනය අර්ධද්වීපයේ ඇති කදුරුගොඩ විහාරයයි. නමුත් මෙම විහාරය ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ විලඔය ග්‍රාමසේවා වසමේ 5 කනුව ප්‍රදේශයේයි.
මොණරාගල – සියඹලාණ්ඩුව මාර්ගයේ කිලෝමීටර 28ක් පමණ ගමන් ගත්කල කොඩයාන මංසන්දිය හා මාර්ගය හමුවේ. මෙම පටු මාර්ගය ඇත්තේ KST ඉරිඟු පිටි කිරීමේ කර්මාන්ත ශාලාවට මීටර 500 පමණ පෙරය. මෙම මාර්ගයේ කිලෝමීටර 8.6ක් ගමන්කළ විට 5 කණුව ප්‍රදේශයෙන් දකුණට දිවෙන සිමෙන්ති ගල් ඇතිරූ අතුරු මාර්ගයකට පැමිණේ. මෙම අතුරු මාර්ගයේ ඉරිඟු වගාබිම් පසුකරමින් කිලෝමීටර 2ක් පමණ ගමන්ගත් කල මෙම ඉපැරිණි විහාරය දකුණු පසින් හමුවේ. මෙම අතුරු මාර්ගයේ සිමෙන්ති ගල් අතුරා ඇත්තේ මුල් මීටර 50 පමණය. ඉන්පසු එය බොරළු මාර්ගයක් බවට පත්වේ.
මෙම නටබුන් වූ කදුරුගොඩ විහාරය පිහිටා ඇත්තේ මීටර 200ක් පමණ ඉහළට නැගී විශාල ගල් පර්වතයක් පාමුලය. මෙම භූමියේ තරමක් විශාල ස්තූප ගොඩැල්ලක් වේ. නිදන් සොරුන් විසින් මෙය සාරා මද්‍යය විනාශකොට ඇත. ස්තූප මළුවට ඇතුල් වීමට කැබලි වූ ගල් කණු දෙකක් සිටුවා ඇත. එහි පඩිය ලෙස කැටයම් කල විශාල ගල් උළුවස්සක කොටසක් ලෙස සැක කල හැකි ශෛලමය කොටසක් තබා ඇත. මෙම පුරාණ ස්තූපය අසලින් විහාරයේ නව ස්තූපය පවතී.
මීට අමතරව මෙම විහාර භූමියේ තැනින් තැන පුරාණ නටබුන් වූ ගොඩනැගිලි ශෛලමය කොටස් පැතිරී තිබේ. චාම් ලෙස කැටයම් කල කොරවක් ගල් දෙකක් හා ගල් පඩි භාවිතා කොට කුඩා දේවමන්දිරයක් සාදා ඇත. එය ඉදිරිපිට විශාල ගල්කනුවක කොටස් දෙකකි. මීට අමතරව සිටවූ ගල්කණු කොටස් තැනින්තැන පැතිරී පවතී.
කදුරුගොඩ විහාරය සියඹලාණ්ඩුව මාර්ගයට දුරින් දුෂ්කර ගම්මානයක් තුල පිහිටි බැවින් තවමත් අප්‍රකටව පවතී.
සම්බන්ධ වෙනත් පිටු
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය රියදුරු දිශාවන්
මොණරාගල සිට සියඹලාණ්ඩුව කදුරුගොඩ රජමහා විහාරය දක්වා |
හරහා :දොඹගහවෙල – කොඩයාන මුළු දුර : කිලෝමීටර් 37 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 30-40 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |