අනුරාධපුර මහා විහාරයේ පිළිමගෙය නටබුන්
අනුරාධපුර යුගයේ අවසාන භාගයේ රචනා වූ ග්රන්ථවල මහාවිහාරයේ වූ ප්රධාන බුදු පිළිම ගෙයක් ගැන සඳහන් වෙතත් මේ දක්වා මහාවිහාර භූමියෙන් එකදු බුදුපිළිම ගෙයකවත් නටබුන් සොයාගෙන නොතිබිණි. ඊට ප්රධාන හේතුව වන්නට ඇත්තේ මෙරට බ්රිතාන්ය පාලන යුගයේදී නුවරකලාවිය පාලනය කරන මධ්යස්ථානය බවට අනුරාධපුරය පත් කරගැනීමෙන් පසු ශ්රී මහා බෝධිය අවට ප්රදේශය ඔවුන්ගේ පරිපාලන ගොඩනැගිලි ඉදි කිරීමට යොදාගැනීම ය.
