මන්නාරම පාලම්පිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල බෞද්ධ නටබුන්
පාලම්පිඩ්ඩි ග්‍රාමය පිහිටා තිබෙන්නේ මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. මැදවච්චිය මන්නාරම මාර්ගයෙන් මඩු පල්ලිය දෙසට හරවා පල්ලිය පසුකර තවත් කිලෝමීටර 9ක් ගමන් කිරීමෙන් පාලම්පිඩ්ඩි වෙත ළඟා විය හැක.
පාලම්පිඩ්ඩි ග්‍රාමය පිහිටා තිබෙන්නේ මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. මැදවච්චිය මන්නාරම මාර්ගයෙන් මඩු පල්ලිය දෙසට හරවා පල්ලිය පසුකර තවත් කිලෝමීටර 9ක් ගමන් කිරීමෙන් පාලම්පිඩ්ඩි වෙත ළඟා විය හැක.
අනුරාධපුර යුගයට අයත් බෞධ්‍ය ආරාමයක නටබුන් විසිරී ඇති මෙම විහාර භූමියේ වර්තමානයේ කෙසෙල් වාගාවක් වසාගෙන ඇත. මෙම හේතුවෙන් මෙහි පුරාවිද්‍යාත්මක සාධක බෙහෙවින් විනාශ වී ඇත. මෙසේ විනාශ වූ බෞධ්‍ය නටබුන් අතර ශෛලමය බුදු පිළිම 2ක කොටස් දැනට ඉතිරිවී පවතී.
මන්නාරම බලකොටුවේ සිට තලෙයිමන්නාරම මාර්ගයේ කිලෝමීටර් 12 ක් ගමන් කොට නාරාපාඩු මංසන්ධියෙන් දකුණට හැරී එම වැලි පාර දිගේ කිලෝ මීටර 1.2 ක් ගිය තැන තැනිතලා භූමියේ අහස්කුස දෙසට යොමුවූ මෙම විශාල කුළුන දැකගත හැක. වසර 1658–1796 අතරතුර වූ ඕලන්ද පාලන සමයේ මෙම ස්මාරකය මුර කපොල්ලක් ලෙස ගොඩනඟා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
රමණීය වෙල් යායක් මධ්‍යයේ තිබෙන හඳගිරියේ බෞද්ධ නටබුන් අක්කර 5 ක පමණ භූමි ප්‍රමාණයක ව්‍යාප්තව තිබේ. මුලු වෙල්යාය පුරා තැනින් තැන ගොඩනැගිලි පාදම්, මැටි මෙවලම්, ගල්, ගඩොල් හා උළු කැබලි විවිධ අවස්ථාවන්වලදී පොළොවෙන් මතුවෙන බව වෙල්යායේ කුඹුරු කොටන ගොවීන් පවසයි.
හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කතළුව අටදාහේ වලව්ව නමින් ප්‍රසිද්ධ නිවාසය ආරම්භ වන්නේ 1630 ආසන්නයේ ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගාල රාජකීය සම්භවයක් ඇති පෘතුගීසි නාවික හමුදාවේ ලුතිනන් ඔවන් ෆර්ඩිනැන්ඩස් ගෙනි. මෙකල ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පැවතියේ පෘතුගීසි පාලනය යටතේය.
ගලගෙදර කන්දේකුඹුරේ අම්බලම හා අත්තරගම අම්බලම අතර පිහිටි මෙම කුඹුරේගම අම්බලම කුඹුරේගම වලව්වේ විසූ කෝරලේ මැතිතුමා සිහිවීම පිණිස ඔහුගේ පුත්‍රයා වූ ගුණ බණ්ඩාර මහත්මයා විසින් 1912 දී ඉදිකරන්නට ඇති බව සැලකිය හැකි ලේඛනයක් අම්බලමේ දැව පරාලයක කොටා ඇත.
අත්තරගම අම්බලම දැවයෙන් හා ගල් යොදාගෙන සකස් කර තිබෙන අතර කැටයම් කරන ලද දැවමය කණු කිහිපයකින් යුක්තය. එම කැටයම් අතර මල් මෝස්තර, කරඩුව වඩ්ම්මන ඇතෙකුගේ රුවක් හා බෝ පත්‍ර කිහිපයක් ද නිර්මාණය කර ඇත. දැව කණු සරල පේකඩ වලින් සමන්විත වේ.
වැනියරවෙල අම්බලම ගොඩනැගීම පිළිබඳව කිසිවෙකු නොදනී. නමුත් මුලදී මෙය සාදා ඇත්තේ වහල් පළ 4කට බෙදා චතුරශ්යාකාරවය. බොහෝ විට මෙම අම්බලමද බද්දේගම අම්බලම හා සමාන විය හැක. මෙහි මුල් අම්බලම ගරාවැටීමෙන් පසු වසර 1967දී වැනියරවෙල අම්බලම නැවත ගොඩනගා ඇත්තේ අද දක්නා හැඩයටය. එබැවින් මෙහි පුරාණ වටිනාකම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
බද්දේගම නගරයේ ගිං ගඟ ආසන්නයේ බද්දේගම අම්බලම පිහිටා තිබෙනවා. බද්දේගම නගරය මද්‍යයේ නාගොඩ මාර්ගයට හැරී මීටර 100 ක් පමණ ගමන් කල විට මාර්ගය කරකැවී වැව් කණ්ඩියක් හා සමාන කොටසක් හරහා ගමන් කොට පසුකරමින් ගිං ගඟට සමාන්තරව පැරණි හික්කඩුව මාර්ගයට එක්වෙනවා. බද්දේගම අම්බලම ඇත්තේ මෙම තුන්මන්සලේමයි. කුඩා කඩ කිහිපයක් අතර සිරවී මෙම අම්බලම පවතිනවා.
මනරම් වෙල්යායක් මැද සාදා තිබෙන හබරාදූව මීපේ වෙළමැද අම්බලමට වසර 200කට වැඩි දිගු අතීතයක් තිබේ. අවසන් හුස්ම හෙලමින් සිටි මීපේ අම්බලම 2016 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ප්‍රතිෂ්ඨාපනය කොට සංරක්‍ෂණය කොට ඇත. මෙම අම්බලම සතරැස්ය. වහලය කණු සතරකින් දරා සිටී. එය සිංහල උළු යොදා ආවරණය කොට ඇත.
පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංරක්ෂණය කරඇති මෙම ගොඩනැගිල්ල “මහ ඇලගමුව අම්බලම” ලෙස සඳහන් කොට ඇත. එම පලකයට අනුව මෙම ගොඩනැගිල්ල ගොඩනැගූ අය හෝ කාලය පිළිබඳව සාධක නොමැත. නමුත් මෙය අනුරාධපුර මුල් සමයේ සිට දුර ගමන් කල මගීන්ගේ පහසුව උදසා ගොඩනංවන අම්බලමක් ලෙස සඳහන් කොට ඇත.
අම්බලන්ගොඩ තානායමට යාබදව පවතින මෙම ගොඩනැගිල්ල ඉදි ඉදිකොට ඇත්තේ 1750 දී ලන්දේසීන් විසින් ග්‍රාමීය පල්ලියක් ලෙසයි. දිගටි හැඩයක් ගත් මෙම ගොඩනැගිල්ල ලන්දේසින් විසින් සාදනලද වෙනත් කුඩා පල්ලි හා සමාන ආකෘතියක් ගත්තා. පසුව මෙය ගබඩාවක්, ඉස්තාලයක්, ග්‍රාමීය උසාවියක් හා උසාවි ගොඩනැගිල්ලක් ලෙස භාවිතා කොට තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ සිට කිලෝමීටර 2 ½ක් මොරගොල්ල මාර්ගයේ ගමන් කලවිට මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් (Malwatte Valley Plantations) මගින් පාලනය වන ඩවුන්සයිඩ් වතුයාය (Downside Estate) තුල මෙම අම්බලම මොරගොල්ල මාර්ගය පසකට වන්නට දැක ගන්නට පුළුවන්.
ගම්පහ අහුගම්මන අම්බලම සාදා තිබෙන්නේ ගඩොලින් හා බදාමයෙන්. මෙම නිර්මාණය කළාත්මක ගුණයෙන් විශේෂත්වයක් නැතත් අම්බලමක් ලෙස විශේෂත්වයක් දරනවා. මෙහි ඇතුල්වීමට ඇති ද්වාරය සමග ඇති කණු 2ක් සමග කණු 9ක් වහලය දැරීමට යොදවා තිබෙනවා.
කයිවඩන්තැන්න අම්බලම තරමක විශාල ගඩොල් හා බදාමයෙන් තැනූ අම්බලමක්. මෙහි ඉදිරිපස අඩි 2ක පමණ උස සිමෙන්ති බැම්මක්. ඉතිරි තුන් පැත්තේ බැම්ම උසට සාදා තිබෙනවා. මෙම බැම්ම වටා අඩි 2 ක් පමණ උසට බදාමයෙන් ආසන පෝරු සදා තුබෙනවා.
අකුරණ නගරයේ සිට දුනුවිල මාර්ගයේ කිලෝමීටර 3.5ක් පමණ ගමන්කළ විට දීගල මාර්ගය එයට එක් වී තුන්මං හංදියක් නිර්මාණය වනවා. මෙම හංදිය පසුකර මීටර 10ක් පමණ ගමන්ගන්නා විට දකුණු අත දෙසින් අනෙකුත් ගොඩනැගිළි සමග සැඟවී පල්ලේ දීගල අම්බලම දැක ගන්නට පුළුවන්.
ගොඩමුන්න ඇල්ල අසල ගල්තලාව මත ගලින්ම සෑදූ කුඩා වේදිකාවක අඩි 4ක පමණ වට ප්‍රමාණයක ඇති ගල් කණු හතරක් සිටුවා ඒ මත ලී රාමුවක් රඳවා වහලය සකස් කොට ගොඩමුන්න ගල් අම්බලම සාදා තිබෙනවා. ගල්කණු දෙකොනින් හතරැස් වන අතර මැදින් අටපට්ටම් වෙන ලෙසද කපා තිබෙනවා.
උඩුනුවර වේගිරිය අම්බලම සැදීමට විශාල සතරැස් ගල් කුළුණු හතරක් මත කොස් දැවයෙන් සැකිල්ලක් සාදා ඒ මත වහලය රඳවා තිබෙනවා. මෙහි ගල් කණුවක් අඩි දහයක් පමණ උසයි. වහලේ පරාල එක්රැස් වන දැව මඩොල් කුරුපාව දැකුම්කළු පියුමකින් සරසා තිබෙනවා. මෙම අම්බලමේ බිත්ති අසුන් ගත හැකි ලෙස නිමවා තිබෙනවා.
වට්ටප්පොල ග්‍රාමයේ තිබෙන මෙම අම්බලම 1918 දී නිම කරන ලද බව පැවසෙනවා. මෙම අම්බලම ගොඩ නංවා ඇත්තේ වට්ටප්පොල ඩිංගිරි බණ්ඩා වරකාවුල්ල නැමැති පුද්ගලයා බව අම්බලමේ සඳහන් වනවා.]මෙම අම්බලම සාදා ඇත්තේ කළුගල් කුට්ටි භාවිතා කරගනිමින්.
හඟුරන්කෙත සිට රිකිල්ලගස්කඩ දෙසට කිලෝමීටර 1½ පමණ ගමන්කරන විට මාර්ගයේ දකුණු දෙසින් මෙම මාදංවල අම්බලම දැක ගන්නට පුළුවන්. වහලය දරා සිටින ප්‍රධාන ගල් කණු සතරේ තුන් පැත්තකින් උස අඩි 5ක් පමණ උස ගල්බැමි ගොඩනංවා තිබෙනවා. කැටයම් ආදියෙන් තොර මෙම අම්බලම සාදා තිබෙන්නේ 1901දී.