කුණ්‌ඩසාලේ කැලේ දේවාලය (Kundasale Kele Devale)

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (4 votes, average: 3.50 out of 5)

ඒ උඩරට අවසාන සිංහල රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කුණ්‌ඩසාලේ අගනුවර පිහිටුවා ගෙන රජකරන අවධියයි. (1707 – 1739) නරේන්ද්‍රසිංහ රජු සංගීතය, නැටුම්, සුරාව හා ස්‌ත්‍රීන් ප්‍රියකළ විනෝදකාමියෙකු විය. රජකම පිළිබඳ එහි පුළුල් වටිනාකම් පිළිබඳ ගැඹුරෙන් කටයුතු කළ අයෙකු නොවීය.මහවැලි ගඟ අද්දර ඉතා රමණීය පරිසරයක ඔහු තම අගනුවර වූ කුණ්‌ඩසාලේ නගරය ඉදිකළේය. මෙහි ගහකොළ පිරි නිල්වන් සරු තැනිතලා බිමකි. මහවැලි ගඟ මේ තැනිතලාව මැඳින් කට පුරවාගෙන ජලය රැගෙන කළුගල් මැදින් හෙමින් පහළට ගලායයි. එය බොහෝ වේලා බලාගෙන අදත් රසවිඳිය හැකි කදිම දර්ශනයකි.නරේන්ද්‍රසිංහ කුමරු කුඩා කල ඔහුගේ පියා වූ දෙවන විමලධර්මසූරිය රජුට (1687 – 1707) විරුද්ධව දරුණු කැරැල්ලක්‌ ඇති විය. මේ කැරැල්ලට පසු රජු තම පුතා වූ නරේන්ද්‍රසිංහ කුමරු සතුරන්ගෙන් බේරාගෙන ඇතිදැඩි කීරීම සඳහා මැදදුම්බර උඩිස්‌පත්තුවට ඉහළින් ඇති දුෂ්කර ප්‍රදේශයක පිහිටි කඩතුරා ගල්ලෙන තෝරා ගත්තේය.

නරේන්ද්‍රසිංහ කුමරු මෙම කඩතුරා ගල්ලෙනෙහි දිගුකලක්‌ රැකවලුන්ගේ රැකවරණ මැද ජීවත් විය.ඉඳහිට කුමරු වෙස්‌ වළාගෙන මහනුවරට පැමිණීම සිරිත විය. කඩතුරා ගල්ලෙන සිට මහනුවරට යනඑන විට ගිමන් හැරීමට කුණ්‌ඩසාලේ තැනිතලාවක ගස්‌ රුප්පාවක්‌ යට නැවතීමට කුමරු පුරුදු විය. ඒ නිසා කුමරුගේ ජීවිතයට මේ මනරම් ප්‍රදේශය තදින් කා වැදුණේය.පියාගේ ඇවෑමෙන් 1707 රජ වූ තරුණ නරේන්ද්‍රසිංහ කුමරු දුම්බර මිටියාවතේ මහවැලි ගඟ අද්දර කුණ්‌ඩසාලේ තම අගනුවර පිහිටුවා ගත්තේය.

⚙️ [Google Ad 01 -SI]

කුණ්‌ඩසාලේ අගනුවර කරගත් පළමු හා එකම රජු නරේන්ද්‍රසිංහයි. චූළවංශය අනුව මහවැලි ගඟ අද්දර රමණීය පොල් උයනක රජු තම අගනුවර පිහිටුවේය. නගරයක සියලු අංග කෙටි කලක්‌ තුළ එහි ඉදිවිය. කුණ්‌ඩසාලේ යන්නෙහි අර්ථය “විනෝදාගාරය” යනුයි. වැව් ජලාශ උයන් මැද රජවරු එදා කුණ්‌ඩසාලා හෙවත් විනෝදාගාර පිහිටුවා ඇත. එක්‌ ජනකතාවක්‌ අනුව බුධ හා සිකුරු ග්‍රහයන් අතර ඇති වූ ග්‍රහ යුද්ධයකින් සිකුරු පැරදී සිකුරුගේ කුණ්‌ඩලාභරණ බිමට කඩා වැටුණු ස්‌ථානය කුණ්‌ඩසාලේ නම් විය.

මේ ජනකතාව අනුව මෙම ග්‍රහ යුද්ධය කලින් දැනගත් කොත්මලේ ගණිතයා හා දඹදිව සිට පැමිණි උගත් බමුණෙකු අතර සිකුරු කුණ්‌ඩලාභරණය ලබා ගැනීමේ තරගයක්‌ ඇති විය. බමුණාගේ තල්අතු පැළට වැටී ලිස්‌සා ගිය එය කොත්මලේ ගණිතයා සතු විය. ඒ අයිතිය පිළිබඳ අවුල දිග්ගැහී රජු වෙත ගියෙන් රජු ඒ සැරසිල්ලක්‌ ලෙස සකස්‌ කොට දළදා හිමිට පූජාකර ඇත.නරේන්ද්‍රසිංහ රජු කුණ්‌ඩසාලේ පල්ලෙකැලේ කරවූ රාජකීය පැණිමොර උයන එදා පල්ලෙකැලේ මිණිපේ මොරයාය හරහා රන්දෙණිගල දක්‌වා විහිදී තිබිණි.

කෙසේ හෝ නර්න්ද්‍රසිංහ රජු ගොන්සාල්වේස්‌ – ජුසේවාස්‌ – ලැනරෝල් – ප්‍රෙඩෲ ගැස්‌කොන් හෙවත් දස්‌කොන් වැනි විදේශිකයක්‌ සමග වැඩිපුර ආශ්‍රය ඔහුට විරුද්ධව ඇතිවූ කැරලි හා සතුරු කුමණ්‌aත්‍රණ බහුල විය. මේ නිසා 1707 සිට 1715 දක්‌වා අවුරුදු අටක්‌ වැනි කෙටිකාලයක්‌ කුණ්‌ඩසාලේ රජකළ නරේන්ද්‍රසිංහ රජු ඉන්පසු කුණ්‌ඩසාලේ අතහැර දියතිලකපුර හෙවත් හඟුරන්කෙත තම අගනුවර කර ගත්තේය.

මේ කතාවේ කියෑවෙන සිද්ධිය සිදුවූයේ නරේන්ද්‍රසිංහ රජු කුණ්‌ඩසාලේ රජ කරමින් සිටි කාලයේදීය. සතුරු කුමන්ත්‍රණ හා කැරලි නිසා නිතර සැකෙන් විසූ රජු පිටියේ දෙවියන් කෙරෙහි තද භක්‌තියකින් පසුවිය. දුම්බර අඩවි සීමාව තුළ (හඟුරන්කෙත දියතලාකන්ද, පන්විල හුන්නස්‌ගිරිකන්ද, උඩුදුම්බර හුන්නස්‌ගිර කන්ද යන කඳු තුන අතරතුර ප්‍රදේශය එදා දුම්බර ලෙස හැඳින්වූ බව කඩයිම් පොත්වල එයි) මේ දුම්බර සීමාව තුළ අදටත් පිහිටි පිටියේදේවාල තිස්‌එකක්‌ මවිසින් හඳුනා ගෙන ඇත. එදා මේ ප්‍රමාණය මීටත් වඩා වැඩි වූ බව පෙනෙයි. ඉන් වැඩිම පිටියේ දේවාල ප්‍රමාණයක්‌ ඇත්තේ එදා කුණ්‌ඩසාලේ අගනුවර පිහිටි කුණ්‌ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළයි. රජු දොඩම්වල කිවිඳු ලවා පිටියේ දෙවි වර්ණනා කරමින් “පිටියේ සුරිඳු” පුවත නමින් කවි පොතක්‌ ලියවා ඇත. කුණ්‌ඩසාලේ අදටත් පිහිටි පිටියේ දේවාල ගණන නවයකි.

තරුණ වියේදීම නරේන්ද්‍රසිංහ රජුගේ ඇස්‌ පෙනුම දරුණු ලෙස අඩපණ විය. නොයෙක්‌ ප්‍රතිකාර කළත් ඇස්‌ පෙනුම යථාතත්වයට පැමිණියේ නැත. එක්‌ දිනක්‌ රජු දොaලාවක නැඟී පිරිවර සමග පල්ලෙකැලේ මොරඋයන දෙසට ගමන් කරමින් සිටියේය. රාජකීය පල්ලෙකැලේ මොරඋයනේ මොර ගස්‌වල සුදුමල් පොකුරු පිපී මී මැස්‌සන්, බඹරුන්, කුරුල්ලන් පිරී ගොසිනි. මොරගස්‌ සෙවන පීරාගෙන උදා හිරුරැස්‌ විහිදී යයි. මොරඋයන එක්‌ කෙළවරක දැවැන්ත ලෙස වැඩීගිය නුගගසක්‌ විය. හාත්පස අතුවිහිදී ගොස්‌ රූස්‌ස මුල් බිමට ඇදී ප්‍රදේශය වසාගෙන නුගගස පැතිරී තිබිණි. රජු දොaලාවේ නැඟී නුගගස පසුකර ගමන් කළත් එකම සේවකයෙකුට ඉදිරියට ගමන් කළ නොහැකි විය. ගල් ගැසුවාක්‌ මෙන් ඔවුන්ගේ ගමන නතර විය. රජු කෝප වී සේවකයනට බැණ වැදීමට විය.මොකද

බොලව්?

දෙවියන් වහන්ස, එක අඩියක්‌ වත් හෙල්ලෙන්න බෑ. අතපය ඔක්‌කොම හිරිවැටිලා වාගේ. මොනවාහරි හාස්‌කමක්‌ මේ නුගගසේ ඇති.

නුගගස අසල සිටි කපුවෙකු ගෙන්වා කතා කළ පසු ඔහු ආරූඪ විය.

තොපගේ ඇස්‌වල අන්ධකාරය දිව්‍ය නේත්‍රවලට පෙනෙනවා. අර ඈත පේන මොරගස්‌වල සුදු මොරමල් දිස්‌වන පරිදි තොපට නැවත පෙනුම ලබාදිය හැකියි. ඒ වෙනුවට තොප අපට ඉක්‌මණින් දෙවොලක්‌ ඉදිකරදිය යුතුයි.

රජු දොහොත් මුදුන් දී එකඟතාව පළ කළේය. ගතවූයේ සුළු මොහොතකි. මුළු ඇඟම දහදියෙන් නෑවීගිය රජු මුහුණ කට සෝදා කිහිපවරක්‌ තදින් ඇස්‌පිල්ලම් ගසන්නට විය. තරුණවියේ තමාට තිබුණු ඇස්‌ පෙනුම නැවත ලැබී ඇතිබව රජුට දැනුණි. දැවැන්ත නුග ගස මුලට ගිය රජු ඒ ගස මුල වැඳ වැටී පිටියේ දෙවිඳුන්ට පිං දුන්නේය. යන ගමන නොගොස්‌ ආපසු රජමැඳුරට ගිය රජු අලුත් දේවාලයක්‌ ඉදිකිරීමට කටයුතු ආරම්භ කළේය. මණ්‌ඩප තුනකින් යුතු පිටියේ දේවාලය සඳහා අවශ්‍ය ගල්කණු දැවකණු රජමැඳුරෙන් මා ලබාදුන්නේය. දක්‌ෂ ගල් වඩුවන්, කැටයම් කරුවන් යොදා දේවාලය ඉදිකොට එහි විසිතුරු කැටයම් දොරටු, සඳකඩපහන් කරවීය.

දේවාලය පසුකොට විසිතුරු ගල්බැම්මක්‌ ඉදි කරවීය. තුන් මාසයක්‌ යැමට පෙර දේවාලයේ සියලු කටයුතු නිමවිය. තම ඇස්‌ රෝගය සුව වී පිටියේදේව පිහිට ලැබ පිටියේ දෙවියන්ට පඬුරු ලෙස නරේන්ද්‍රසිංහ රජු කරවූ මේ විසිතුරු පිටියේදේවාලය කුණ්‌ඩසාලේ කුණ්‌ඩලගම අසල අදත් දැකිය හැක. ප්‍රදේශයේ බොහෝදෙනා මෙය හඳුන්වන්නේ “කැලේ දේවාලය” නමිනි. හේතුව මේ ප්‍රදේශය කැලෑ අඩවියක්‌ ලෙස මුල්කල තිබීම වියහැක.

මහනුවර සිට කුණ්‌ඩසාලේ හරහා තෙල්දෙණිය දක්‌වා ධාවනය වන බස්‌රියක කෙන්ගල්ල කඩමණ්‌ඩියේ අම්බලම ළඟ බැස මෙම කැලේ දේවාලයට ගමන් කළ හැක. කෙන්ගල්ල අම්බලම අසල සවිකර ඇති දැන්වීම් පුවරුවක්‌ අනුව මුලින්ම අනුරාධපුර කල සද්ධාතිස්‌ස රජු කරවූ මෙම කැලේ දේවාලය ඉන් අවුරුදු 1700 පමණ පසු පිටියේදෙවි වෙනුවෙන් මුළුමනින්ම අලුතින් කරවූයේ නරේන්ද්‍රසිංහ රජුය.

දිවයින
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ
එස්‌. කේ. ජයවර්ධන

සම්බන්ධ වෙනත් පිටු

කුණ්ඩසාලේ කැලේ දේවාලයේ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කුණ්ඩසාලේ කැලේ දේවාලය වෙත ගමන් දිශාවන්

මහනුවර සිට කුණ්ඩසාලේ කැලේ දේවාලය දක්වා මාර්ගය (කෙන්ගල්ල දක්වා)
කෙසේ වෙතත්: මහනුවර-මහියංගනේ-පදියතලාව පාර
දුර: කිලෝමීටර් 16
ගමන් කාලය: විනාඩි 30 යි.
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply