උඩුනුවර වට්ටප්පොල අම්බලම
වට්ටප්පොල ග්රාමයේ තිබෙන මෙම අම්බලම 1918 දී නිම කරන ලද බව පැවසෙනවා. මෙම අම්බලම ගොඩ නංවා ඇත්තේ වට්ටප්පොල ඩිංගිරි බණ්ඩා වරකාවුල්ල නැමැති පුද්ගලයා බව අම්බලමේ සඳහන් වනවා.]මෙම අම්බලම සාදා ඇත්තේ කළුගල් කුට්ටි භාවිතා කරගනිමින්.
වට්ටප්පොල ග්රාමයේ තිබෙන මෙම අම්බලම 1918 දී නිම කරන ලද බව පැවසෙනවා. මෙම අම්බලම ගොඩ නංවා ඇත්තේ වට්ටප්පොල ඩිංගිරි බණ්ඩා වරකාවුල්ල නැමැති පුද්ගලයා බව අම්බලමේ සඳහන් වනවා.]මෙම අම්බලම සාදා ඇත්තේ කළුගල් කුට්ටි භාවිතා කරගනිමින්.
හඟුරන්කෙත සිට රිකිල්ලගස්කඩ දෙසට කිලෝමීටර 1½ පමණ ගමන්කරන විට මාර්ගයේ දකුණු දෙසින් මෙම මාදංවල අම්බලම දැක ගන්නට පුළුවන්. වහලය දරා සිටින ප්‍රධාන ගල් කණු සතරේ තුන් පැත්තකින් උස අඩි 5ක් පමණ උස ගල්බැමි ගොඩනංවා තිබෙනවා. කැටයම් ආදියෙන් තොර මෙම අම්බලම සාදා තිබෙන්නේ 1901දී.
වතුරකුඹුර ගම්මානයට යාමට කොළඹ නුවර මාර්ගයේ කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වතුරකුඹුර පාරට හැරී කිලෝමීටර් 5 ක් දුරට ගමන් කළ යුතුයි. වතුරකුඹුර මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට මෙම අම්බලම පිහිටා තිබෙනවා. වතුරකුඹුර අම්බලම නිර්මාණය කර තිබෙන්නේ ගොඩකුඹුර, ඇලිකේවල අම්බලම් වල නිර්මාණ හා සමාන බව පෙනී යනවා.
ඇලිකේවල අම්බලම තිබෙන්නේ මාරස්සන අම්බලමට කිලෝමීටර ¼ක් පමණ නැගෙනගිරින්. පොළොවෙන් ඉසවීමට ගල් කුට්ටි 4ක් මත දැව කඳන් 4කින් සෑදු සැකිල්ලක් මත කුඩුම්බි කපා ඒමත තවත් දැව කඳන් 4ක් තිරස්ව රඳවා ඒමත දැව තවත් දැව රාමුවක් ඉහලින් සවිගන්වා ඒ මත වහලය සාදා තිබෙනවා.
කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ 97 මංසංධියෙන් දකුණතට සේනවල්ලිකුලම් වැව දක්වා ගමන් කරන මගෙහි වැව දක්වා පැමිණ ඒ ඔස්සේ තවත් කිලෝ මිටර දෙකක් පමණ ගිය පසුව මෙම ස්ථානයට ලගා විය හැකිය. නටඹුන් සහිත සේනවල්ලිකුලම පුරාවිද්‍යා භූමිය වැව් බැම්ම කෙලවර දක්නට ලැබේ.
තලපත්කුලම වැව ප්‍රදේශයේ දක්නට ලැබෙන සුවිශේෂීම පුරාවස්තුව ලෙස වැවට ඉහත්තෑවේ ගලේ කොටා අැති නයිෙපන හත සහිත නාග නාගනී රෑපයයි.මෙය පැරණි වැවක හැඳින්වීමේ සලකුණුයි.ඒසේම ඉතා හෙඳ තත්වයේ බිසෝ කොටුවක් හා දැකුම් මණ්ඩපයක ලක්ෂණ සහිත ගොඩනැගිල්ලක් දක්නට ලැබේ.
පිටවල අම්බලම (පල්ලේපිටවල අම්බලම) කුඩා නමුත් ලී කැටයමින් අනූන දැවමය අම්බලමක්. පුරාණයේ මහනුවර සිට මහියංගනයට මාර්ගය වැටී තිබුනේ පිටවල, දාගැවිල්ල, තැන්න, ගල්පඩිපෙළ, යහළේගම හා මිණිපේ හරහා දුෂ්කර මාර්ගයක.
උඩුනුවර වතුපොල අම්බලමට ළඟාවීමට වතුපොල රජමහා විහාරය අසලින් වාහනය නතර කොට නියරක් මතින් යාමටතිබෙනවා. මෙය මදක් උස්වූ බිමක සම සතරැස් ලෙස සාදන ලද කුඩා අම්බලමක්. ගලින් හා බදාමයෙන් සාදා ඇති මෙම අම්බලමේ පිල ලෙස භාවිතා කිරීමට අඩි දෙකක් පමණ උසට එහි බිත්තිය සාදා තිබෙනවා.
මොල්ලිගොඩ අම්බලම කුඩා සතරැස් ශෛලමය අම්බලමක්. අඩි 2½ක් පමණ උස ශෛලමය පාදමක් මත මෙම අම්බලම සාදා තිබෙනනවා. මේ සඳහා හොඳින් කැපූ විශාල ගල් කුට්ටි භාවිතා කර තිබෙනවා. ඒමත ගලින් බැඳී කණු 4ක් සදා තිබෙනවා. මෙහි වහලය සම්පූර්ණයෙන් විනාශ වෙලා. කණු 4 න් ඉතිරිව ඇත්තේ තුනක් පමණයි.
මාවනැල්ල මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම කුඩා සතරැස් ශෛලමය අම්බලමක්. මෙය දේවතාකුඹුරේ අමබලම ලෙසද හීනැටිපන අම්බලම ලෙසද හඳුන්වා තිබෙනනවා. ගොයමින් සරුවූ වෙල්යායක් මද්‍යයේ නැගී සිටින මෙම ගලින් නිමවූ අම්බලම අලංකාර දර්ශනයක්.
මෙම වේරගම්පිට අම්බලම තිබෙන්නේ නිල්වලා ගඟේ පැරණි නාවිමන තොටුපොලට මීටර 600ක් පමණ ඇතුලට වන්නට. මෙම ගඟ හරහා පාලම් ඉදි කිරීමට පෙර මෙම තොටුපළ කාර්යබහුල ස්ථානයක් වන්නට ඇති. විද්වතුන්ගේ මතය මෙම අම්බලම ඉදි කරන්නට ඇත්තේ මෙම නාවිමන තොටුපොළ කේන්ද්‍ර කරගෙන වියයුතු බවයි.
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ආනකල්ලු ප්‍රදේශයේ මහවැලි ගං ඉවුරේ තිබූ ගුප්තජනක වූ ජීවමාන ප්‍රමාණයේ අලියෙකුගේ ශෛලමය කැටයමක් පිළබඳව එච්. සී. පී. බෙල් (H . C . P. Bell) මහතා 1917 දී Ceylon Antiquary And Literary Register සඟරාවට ලියා තිබෙනවා.
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැදුණුවැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මෙම අම්බලම හැදුනුවැව මංසන්ධියෙන් නැඟෙනහිර දෙසට දිවයන වෑතලාව මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරකින් පිහිටා ඇත.
තොටුපල අරාව අම්බලම තිබෙන්නේ වැලිමඩ ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ අඹගස්දෝව ප‍්‍රදේශයේ. මේක වසර 300 ක් පමණ පැරණි බවයි කියන්නේ. නමුත් මෙහි යට ගියාව කාලයත් සමග වැළලිලා. මහනුවර රාජධානි සමයේ මහනුවර – මහියංගණ මාර්ගයේ ගමන් ගත් මගීන්ගේ විඩාව සංසිදීමට මෙම අම්බලම ඉදිකර ඇතැයි ජනප‍්‍රවාදයේ කියැවෙනවා.
උඩුනුවර දස්කර ගල්කොණ අම්බලම සාදා ඇත්තේ කුඩා වේදිකාවක් මතය. ඒ මත සම සතරැස් ලෙස ගල් කුට්ටි යොදා වාඩිලා ගැනීමට සුදුසු උසට බිත්ති බැඳ කණු 4ක් එම ගලින්ම සාදා ඇත. බිත්ති මත ගල් ලැලි අසුරා හිඳ ගැනීමට සකස් ඇත.
කුච්චවේලි පිහිටියේ ත්‍රිකුණාමලයෙන් කිලෝමීටර 30ක් පමණ උතුරින්. මසන්වැව රජමහා විහාරය තිබෙන්නේ කුච්චවේලි සිට කිලෝමීටර 8ක් රට තුලට වන්නට. ඔබ කුච්චවේලියේ පොලීසිය ඉදිරිපස ඇති ඇතුල්පාරෙන් ගිරිහඬු සෑය නරඹන්නට යනවා නම් ඔබ නොදැනීම මෙම නටබුන් විහාරය ඇති පින්බදුගම පසුකරගෙනයි යන්නේ. මෙම විහාරයට යන මාර්ගය තිබෙන්නේ මෙම මාර්ගයේ 8වන කිලෝමීටර කනුව අසලමයි.
කුච්චවෙලියේ රට තුලට වන්නට ඇත්තේ මහා වනාන්තරයක්. මෙම වනාන්තරය තුල පුරාණ අරමයන්හි නටබුන් තැනින් තැන සොයාගෙන තිබෙනවා. වඩා උස් නොවූ සෙම්බුමලේ ගල්තලාවත් වනය මැද ඇති මෙවන් විශාල බෞද්ධ නටබුන් භූමියක්. මෙම ගල්තලාව අක්කර 50ක පමණ ප්‍රදේශයක් වසාගෙන පවතිනවා. මෙම භූමිය සම්පූර්ණයෙන්ම ඓතිහාසික ආරාම ශේෂවලින් පිරී පවතිනවා.
අළුත් හල්මිල්ලෑව ශෛලබිම්බාරාම රජමහා විහාරය තිබෙන්නේ පදවිය වැවට කිලෝමීටර 5ක් පමණ ඊසාන දිගින්. මෙය ගොඩනංවා ඇත්තේ පුරාණ ආරාමයක් මත බව පෙනෙන්නට තිබෙනවා. මෙම විහාරය පසෙක පුරාණ පිළිම ගෙයක ණටබුන් දැකගත හැකියි.
ඌව – වෙල්ලස්ස කැරැල්ල මැඬපැවැත්වීමට බ්‍රිතාන්‍යයන් විසින් දක්ෂ සෙන්පතියකු වූ මේජර් ඩග්ලස් විල්සන් සෙනවියා යටතේ විශාල අශ්වාරෝහක හමුදාවක් උඩරටට එවීමට තීරණය කර අශ්වාරෝහක හමුදාව සඳහා කැප්‍පෙටිපොළ විල්සන් බළකොටුව ස්ථාපිත කර ඇතියි සැලකේ.
නොච්චියාගම ප්‍රදේශයේ ඓතිහාසිකව වැදගත් ඉපැරණි සිද්ධස්ථානයකි ගාලදිවුල්වැව කුරුළුපෙත්තාගල රජමහා විහාරස්ථානය (උතුරු පියංගල රජමහා විහාරය).