බලංගොඩ බඹරගල ඇල්ල – Balangoda Bambaragala Ella
උස : | ? |
දිස්ත්‍රික්කය : | රත්නපුර |
බලංගොඩ බඹරගල ඇල්ල සමහරුන් බඹරැල්ල ඇල්ල කියලත් සමහරු හඳුන්වනවා. බඹරගල ඇල්ල තියෙන්නේ දෙතනගල පැත්තේ මිනිස් වාසයෙන් තරමක් දුරින් නිසා මේ දිය ඇල්ල ගැන වැඩිදෙනා දන්නේ නෑ.
මේක බලන්න යන්න බලංගොඩ ටවුමෙන් බෙලිහුල්ඔය පාරෙන් යන්න ඕන. කිලෝමීටර් 3.5 කට පස්සේ ඇල්ලරාව හංදියෙන් වම් අත පැත්තට බොගවන්තලාව පාරට හැරෙන්න ඕනේ. මේක බොහොම පොඩි සිහින් පාරක්. මේ පාරේ කිලෝමීටර් 15කට පස්සේ හම්බවෙනවා පින්නවෙල දෙමළ මහා විද්‍යාලය. මේක පසු කරල ගමන් තියනවා වමට වලේබොඩ විද්‍යාලයට යන පාර. ඒ පාරට හැරුනගමන් බලංගොඩ වතු සමාගමට අයත් සිසිල්ටන් වතුයාය තුලට ඇති මාර්ගයක් හමුවෙනවා. මේ මාර්ගයේ කිලෝමීටර 3ක් පමණ ගියවිට මේ දිය ඇල්ල නැරඹිය හැකියි.
සම්බන්ධ වෙනත් පිටු
- ලංකාවේ දියඇලි ලැයිස්තුව
- අසල පිහිටි වෙනත් වැදගත් ස්ථාන
බලංගොඩ බඹරගල ඇල්ල සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
බලංගොඩ බඹරගල ඇල්ල රියදුරු දිශාවන්
බලංගොඩ සිට බඹරගල ඇල්ල |
හරහා :වේවැල්වත්ත – ගුරුබාවිල මුළු දුර : කිලෝමීටර් 22 ගතවන කාලය : පැය 1 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 – 60 රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |