තවලම බටහේන අම්බලම - Thawalama Batahena Ambalama

තවලම බටහේන අම්බලම

තවලම බටහේන අම්බලම ගිං ගඟේ තොටුපොලක් හා ගැල්කරුවන් යා කරන ස්ථානයක සැදූ අම්බලමකි. එදා ගැල් පිට බඩු පටවාගෙන ගිය තවලම්කරුවන් නවාතැන් ගත් ස්ථානය නිසා තවලම යන නමද මෙම ප්‍රදේශයට ලැබී ඇතැයි විශ්වාස කෙරේ.

Read More
කතළුව අටදාහේ වලව්ව - Kathaluwa Atadahe Walawwa

කතළුව අටදාහේ වලව්ව

හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කතළුව අටදාහේ වලව්ව නමින් ප්‍රසිද්ධ නිවාසය ආරම්භ වන්නේ 1630 ආසන්නයේ ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගාල රාජකීය සම්භවයක් ඇති පෘතුගීසි නාවික හමුදාවේ ලුතිනන් ඔවන් ෆර්ඩිනැන්ඩස් ගෙනි. මෙකල ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පැවතියේ පෘතුගීසි පාලනය යටතේය.

Read More
වැනියරවෙල අම්බලම - Weniyarawela Ambalama

බද්දේගම වැනියරවෙල අම්බලම (Baddegama Weniyarawela Ambalama)

වැනියරවෙල අම්බලම ගොඩනැගීම පිළිබඳව කිසිවෙකු නොදනී. නමුත් මුලදී මෙය සාදා ඇත්තේ වහල් පළ 4කට බෙදා චතුරශ්යාකාරවය. බොහෝ විට මෙම අම්බලමද බද්දේගම අම්බලම හා සමාන විය හැක. මෙහි මුල් අම්බලම ගරාවැටීමෙන් පසු  වසර 1967දී වැනියරවෙල අම්බලම නැවත ගොඩනගා ඇත්තේ අද දක්නා හැඩයටය. එබැවින් මෙහි පුරාණ වටිනාකම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

Read More
බද්දේගම අම්බලම - Baddegama Ambalama

බද්දේගම අම්බලම (Baddegama Ambalama)

බද්දේගම නගරයේ ගිං ගඟ ආසන්නයේ බද්දේගම අම්බලම පිහිටා තිබෙනවා. බද්දේගම නගරය මද්‍යයේ නාගොඩ මාර්ගයට හැරී මීටර 100 ක් පමණ ගමන් කල විට මාර්ගය කරකැවී වැව් කණ්ඩියක් හා සමාන කොටසක් හරහා ගමන් කොට පසුකරමින් ගිං  ගඟට සමාන්තරව පැරණි හික්කඩුව මාර්ගයට එක්වෙනවා. බද්දේගම අම්බලම ඇත්තේ මෙම තුන්මන්සලේමයි. කුඩා කඩ කිහිපයක් අතර සිරවී මෙම අම්බලම පවතිනවා.

Read More
මනරම් වෙල්යායක් මැද තනි වූ හබරාදූව මීපේ වෙළමැද අම්බලම - Habaraduwa Meepe Welamada Ambalama -

හබරාදූව මීපේ වෙළමැද අම්බලම (Habaraduwa Meepe Welamada Ambalama)

මනරම් වෙල්යායක් මැද සාදා තිබෙන හබරාදූව මීපේ වෙළමැද අම්බලමට වසර 200කට වැඩි දිගු අතීතයක් තිබේ. අවසන් හුස්ම හෙලමින් සිටි මීපේ අම්බලම 2016 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින්  ප්‍රතිෂ්ඨාපනය කොට සංරක්‍ෂණය කොට ඇත.  මෙම අම්බලම සතරැස්ය. වහලය කණු සතරකින් දරා සිටී. එය සිංහල උළු යොදා ආවරණය කොට ඇත. 

Read More
Dutch school and church, Ambalangoda

අම්බලන්ගොඩ ඕලන්ද අශ්ව ඉස්තාලය

අම්බලන්ගොඩ තානායමට යාබදව පවතින මෙම ගොඩනැගිල්ල ඉදි ඉදිකොට ඇත්තේ 1750 දී ලන්දේසීන් විසින් ග්‍රාමීය පල්ලියක් ලෙසයි. දිගටි හැඩයක් ගත් මෙම ගොඩනැගිල්ල ලන්දේසින් විසින් සාදනලද වෙනත් කුඩා පල්ලි හා සමාන ආකෘතියක් ගත්තා. පසුව මෙය ගබඩාවක්, ඉස්තාලයක්, ග්‍රාමීය උසාවියක් හා උසාවි ගොඩනැගිල්ලක් ලෙස භාවිතා කොට තිබෙනවා.

Read More