කතළුව අටදාහේ වලව්ව – Kathaluwa Atadahe Walawwa
හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කතළුව අටදාහේ වලව්ව නමින් ප්‍රසිද්ධ නිවාසය ආරම්භ වන්නේ 1630 ආසන්නයේ ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගාල රාජකීය සම්භවයක් ඇති පෘතුගීසි නාවික හමුදාවේ ලුතිනන් ඔවන් ෆර්ඩිනැන්ඩස් ගෙනි. මෙකල ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පැවතියේ පෘතුගීසි පාලනය යටතේය.
ලංකාවේ දකුනේ සමුද්‍රීය පළාත්වල පෘතුගීසි පරිපාලකයින්ගේ ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීම සඳහා රාජකීය පෘතුගීසි නාවික හමුදාවේ කපිතාන්වරයා ලෙස ගාලේ වරායට ගොඩබසී ඔහු, පරීක්‍ෂණ චාරිකා වලදී දිවයින සමඟ පෙමින් බැඳ ශ්‍රී ලංකාව ඔහුගේ ස්ථිර වාසස්ථානය කරගැනීමට තීරණය කළේය.
ලංකාවේ පදිංචි වීමට තීරණය කල ඔහු කතළුව ප්‍රදේශයේ අක්කර 125ක් පමණ වූ සාරවත් ඉඩමක් මිලදීගෙන පොල්පැල 8000ක් එහි පැල කල අතර ඒමත විශාල නිවසක් ඉදි කරන ලදි. මෙම පොල්පැල අටදාහක් සහිත වලව්ව අටදාහේ වලව්ව නමින් ප්‍රචලිත විය.
පසුව ඔහුගේ නම සිංහල නමක් ලෙස වෙනස් කිරීමට අවශ්‍ය වී ඔහු කොරතොට ප්‍රදේශයේ නායක හිමිනමක් හමුවී අවශ්‍යතාවය පවසා ඇත. නායක හිමි ඔවන් ෆර්ඩිනැන්ඩස්ගේ රාජකීය පෙළපත සලකා ඔබේසේකර යන නාමය ලබාදුන් බව පැවසේ.
ඔහු උඩරටින් සංක්‍රමණය වූ කොස්ගොඩ වලව්වේ සෙනෙවිරත්න දිසනායකගේ නමැති රාජකීය පෙළපතක සම්භවයක් ඇති රදලයෙකුගේ දියණිය සමඟ විවාහ වී ඇති අතර 1650 දී පමණ පෘතුගීසි පාලන අවසන් කාලයේදී ගාල්ලේ තල්පේ පත්තුවේ මුහන්දිරම් ලෙස සේවය කර ඇත. පසුකලක විවාහ හරහා ජයවර්ධන පරපුර සමග එක් වීමෙන් අටදාහේ වලව්වේ අවසාන හිමිකරු වන්නේ දොන් ජස්ටින් ආතර් ජයවර්ධන හා බිරියයි.
අවසාන කාලයේ මෙම වලව්ව ගරා වැටි ඇති අතර 2004 සුනාමියෙන් එහි ඉදිරිපස තාප්පය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙන බව වාර්තාවිය. පසුව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මෙම වසර 400කට ආසන්න වලව්ව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කලත් එහි අලුත්වැඩියාවක් කර නොමැත. මෙසේ ගරා වැටෙමින් තිබු අටදාහේ වලව්ව වසර කිහිපයකට පෙර සුඛෝපභෝගී හෝටලයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණය යටතේ සංරක්ෂයනය කොට ඇත. වර්ෂ 2020 පෙබරවාරියේදී කතළුව මහවලව්ව යන නමින් මෙම හෝටලය විවෘත කරන ලදී.
ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ
- Sri Lankan Sinhalese Family Genealogy OBEYESEKERE, – Family #3051
සම්බන්ධ වෙනත් පිටු
කතළුව අටදාහේ වලව්ව සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
කතළුව අටදාහේ වලව්ව රියදුරු දිශාවන්
ගාල්ල සිට කතළුව අටදාහේ වලව්ව දක්වා |
හරහා : ගාල්ල මුළු දුර :කිලෝමීටර 17 ගතවන කාලය : විනාඩි 30 ගතකල යුතු කාලය : විනාඩි 30-60 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |