බද්දේගම අම්බලම (Baddegama Ambalama)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (5 votes, average: 4.40 out of 5)
Loading...

බද්දේගම ගාලු දිස්ත්රික්කයේ ප්‍රසිද්ධ නගරයක්.  මාතර අධිවේගී මාර්ගය සැදුනු පසුව හික්කඩුවට පිවිසුම තිබෙන්නේ බද්දේගම හරහා බැවින් බොහෝ දෙනා මෙම නගරය හරහා ගමන් කරනවා.

බද්දේගම නගරයේ ගිං ගඟ ආසන්නයේ බද්දේගම අම්බලම පිහිටා තිබෙනවා. බද්දේගම නගරය මද්‍යයේ නාගොඩ මාර්ගයට හැරී මීටර 100 ක් පමණ ගමන් කල විට මාර්ගය කරකැවී වැව් කණ්ඩියක් හා සමාන කොටසක් හරහා ගමන් කොට පසුකරමින් ගිං  ගඟට සමාන්තරව පැරණි හික්කඩුව මාර්ගයට එක්වෙනවා. බද්දේගම අම්බලම ඇත්තේ මෙම තුන්මන්සලේමයි. කුඩා කඩ කිහිපයක් අතර සිරවී මෙම අම්බලම පවතිනවා.

මෙම අම්බලම සම සතරැස්ව බදාමයෙන් සාදා තිබෙනවා. ඉදිරිපස හැර ඉතිරි පැති වහළය දක්වා උස් කොට තිබෙනවා.ඉදිරිපස කවුළු දෙකක් හා ඒ මැදින් දොරක් සදා තිබෙනවා. වහලය සාදා ඇත්තේ මහනුවර යුගයේ අම්බලම් ක්‍රමයටයි. පල සතරකින් යුක්ත වන වහලය මැදින් ආනතිය වැඩි කර තිබෙනවා. සියලු බාල්ක මඩොල් කුරුපාවට සම්බන්ද කොට එහි ශක්තිය වැඩි කිරීමට ප්‍රධාන හරස් පරාලයකට මඩොල් කුරුපාව සම්බන්ධ කර තිබෙනවා.

මෙම කඩමංඩියේ කිහිප දෙනෙකුන්ගෙන් මෙම අම්බලමේ අතීත විසිතරය විමසුවද සියල්ල පැවසුවේ එය ඔවුන්ගේ දෙමාපියන්ගේ කාලයේ සිට තිබුණ බවයි. ඒ හැර ඔවුන් මෙහි අතීතය ගැන දැන සිටියේ නැහැ. එක ත්‍රී රෝද රථ රියදුරෙකු එහි කොනක ඇති ගල් කුළුණක් පෙන්වා එයද මෙම අම්බලමට අයත් බව පැවසුවා. එහි මෙම අම්බලමේ විස්තරය ඉංග්‍රීසියෙන් කොටා තිබුනත් තරමක් ක්‍ෂය වෙලා. එහි ඡයාරූපයක් විශාල කිරීමෙන් බොහෝ අකුරු හඳුනාගතහැකි උනා.

IN MEMORY OF
THE
CORONATION
************* (කියවිය නොහැක)
************* (කියවිය නොහැක)
*** AND EMPEROR
GEORGE V
22 ND JUNE 1911
ERECTED BY
************  (කියවිය නොහැක)
******PUBLIS  (කියවිය නොහැක)
BADDEGAMA

මෙම කුලුනට අනුව බද්දේගම අම්බලම සාදා ඇත්තේ 1911 වසරේ ජුනි 11 වන දින බ්‍රිතාන්‍යයේ 5වන ජෝර්ජ් අධිරාජ්‍යයා හා මේරි බිසවගේ අභිෂේකය සිහිගැන්වීම පිණිසයි. මෙය සෑදු පුද්ගලයාගේ නමද එහි ඇතිමුත් එය කියවීමට අපහසුයි .

මීට අමතරව මෙහි දොර ඉදිරිපස ගල් පඩියක්  තබා තිබෙනවා.  හොඳින් අද්‍යයනය කලවිට මෙය පසුකලක තැබූවක් බව පෙනෙනවා. මෙහි දෙකොනේ කුඩුම්බි 2ක් කපා ඇති අතර දකුණු කෙලවර XXII VI 1911 පේලි තුනකට නෙළා තිබෙනවා. මෙයින් දැක්වෙන්නේද 22-6-1911 දිනයයි. මෙහි දිනය හා මාසය රෝමානු ඉලක්කමෙන්ද වසර අරාබි ඉලක්කමෙන්ද නෙලා තිබීම විශේෂත්වයක්.  යම් විටක මෙම අම්බලම සැදවූ පුද්ගලයා 1911 අංකය රෝමානු ඉලක්කමෙන් ලිවීමට නොදැනීම නිසා සාමාන්‍ය වහරේ භාවිතා වන අරාබි ඉලක්කමෙන් එය නෙලුවාදයි සිතෙනවා.

මෙම ගල්පඩිය බොහෝවිට මුල් ගොඩනැගිල්ලේ උළුවස්ස සවිකොට තිබූ පඩිය විය යුතුයි. පසු කලක ප්‍රතිෂ්ඨාපනයකදී මෙම ගල්පඩිය ගලවා සිමෙන්ති පොලව මත උළුවස්ස සදා පඩිය පහලට දැමුවා වියයුතුයි.

අද වන විට මෙම අම්බලම දිරාපත්වෙමින් පවතිනවා. ප්රදෙශවාසීන් පවසන්නේ වයක පුද්ගලයෙකු බුලත් හා පුවක් විකුණමින් මෙහි ජීවත්වන බවයි.

සම්බන්ධ වෙනත් පිටු

බද්දේගම අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

බද්දේගම අම්බලම රියදුරු දිශාවන්

ගාල්ල සිට බද්දේගම අම්බලම දක්වා
හරහා : ගෝනපිණුවල
මුළු දුර : කිලෝමීටර 12
ගතවන කාලය  : විනාඩි 20
ගතකල යුතු කාලය : විනාඩි 15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com