බද්දේගම වැනියරවෙල අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (4 votes, average: 4.50 out of 5)

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලම් 4ක් අද වනවිට දක්නට ලැබේ. ඒවානම්

  1. ගාල්ල බලකොටුව තුල ඇති අම්බලම
  2. මීපේ වෙලමැද අම්බලම
  3. බද්දේගම අම්බලම 
  4. වැනියරවෙල අම්බලම
⚙️ [Google Ad 01 -SI]

වැනියරවෙල තිබෙන්නේ හික්කඩුව බද්දේගම මාර්ගයේ කිරිබතාවිල විදුහල අසලින් බටපොල දෙසට දිවෙන මාර්ගයේ.  මෙම මාර්ගයේ කිලෝමීටර 2ක් ගමන් ගත්කල තුන්මංසලක මෙම අම්බලම දැකගත හැක. අම්බලම ඉදිරිපස තවමත් මනරම් වෙල්යායකි.

මා මෙම අම්බලමට ලඟා වූයේ මොරසූරන වැස්සේය.  මෙම අම්බලම ඉදිරියේ ත්‍රීරෝද රථ ගාලේ සිටින තරුණ රියදුරෙකු සමග මම කතාවට වැටිණි. ඔහු මෙම අම්බලම පිලිබඳ විශේෂ ඇල්මක් දක්වන්නෙකි.

මෑතක් වනතුරුම මෙම අම්බලම ඉදිරිපස වෙල්යාය අසල පුරාණ පොදු නාන ලිඳක් තිබී ඇත. විශාලකළුගල් කුට්ටි භාවිතෙන් තනා ඇති මෙම ලිඳට බැසීමට පඩිපෙලක් හා ඒ වටා බැම්මක් සදා තිබිණි. පුරාණයේ බොහෝ අම්බලම් සමග පොකුණක් හෝ ලිඳක් දක්නට ලැබේ. ඒ සැතපුම් ගණනක් ගෙවා එන මගීන්ගේ පහසුව තකාය. එම නිසා මෙම ළිඳද මෙම අම්බලම හා සම්බන්දව ගොඩනැගූ බව උපකල්පනය කල හැක.  පසුගිය වසරක් ප්‍රාදේශීය සභාවෙන් පැමිණ බැමි කඩා මෙම නාන ලිඳ පසෙන් පුරවා වසා දමනලද බව ඔහු පැවසුවේ දුකකිනි. මෙම ලිඳ පිළිබඳව අදහසක් ලබාගත හැක්කේ ගූගල්  වීථි දර්ශන (google street view) කැමරාවෙනි. 2015දී මෙම කැමරාවට හසුවූ පොදු නාන ලිඳ පහළ ඡයාරූපයක තිබේ.

මෙම අම්බලමේ ගොඩනැගීම පිළිබඳව කිසිවෙකු නොදනී. නමුත් මුලදී මෙය සාදා ඇත්තේ වහල් පළ 4කට බෙදා චතුරශ්යාකාරවය. බොහෝ විට මෙම අම්බලමද බද්දේගම අම්බලම හා සමාන විය හැක. මෙහි මුල් අම්බලම ගරාවැටීමෙන් පසු  වසර 1967දී වැනියරවෙල අම්බලම නැවත ගොඩනගා ඇත්තේ අද දක්නා හැඩයටය. එබැවින් මෙහි පුරාණ වටිනාකම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

අද පවතින අම්බලමද නඩත්තු කරන්නේ අවට ගම්වාසීන් හා එහි ත්‍රීරෝද රථ ගාලේ රියදුරන් විසිනි.

සම්බන්ධ වෙනත් පිටු

වැනියරවෙල අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වැනියරවෙල අම්බලම රියදුරු දිශාවන්

හික්කඩුව සිට වැනියරවෙල අම්බලම දක්වා
හරහා : ගෝනපිණුවල
මුළු දුර : කිලෝමීටර 12
ගතවන කාලය  : විනාඩි 20
ගතකල යුතු කාලය : විනාඩි 15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply