අත්තනගොඩ ශ්‍රී විශුද්ධාරාමය පුරාණ ටැම්පිට විහාරය - Attanagoda Sri Vishuddharamaya Purana Tampita Viharaya

අත්තනගොඩ ශ්‍රී විශුද්ධාරාමය පුරාණ ටැම්පිට විහාරය

දෙමහල් අත්තනගොඩ ටැම්පිට විහාරය පිහිටියේ ප්‍රසිද්ධ අම්බුළුගල රජමහා විහාරයට ආසන්නයේය. කෑගල්ලේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීටර 5 ක් පමණ ගමන්කොට මොලගොඩ ප්‍රදේශයෙන් හරවා තවත් කිලෝමීටර 5 පමණ ගමන්ගෙන මෙම විහාරයට ලඟා විය හැක.

Read More
කෑගල්ල යටිදොල පහළ පුරාණ රජමහා විහාරයේ ණටබුන්

කෑගල්ල යටිදොල පහළ පුරාණ රජමහා විහාරයේ ණටබුන්

කෑගල්ලේ සිට පොල්ගහවෙල මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගිය විට හමුවන දේවාලගම මංසන්ධියෙන් පුස්සල්ල අතුරු මාර්ගයට හැරී කිලෝමීටර 3.5ක් පමණ ගමන් කළවිට යටිදොල පහළ පුරාණ රජමහා විහාරය හමුවේ.

Read More
ගලින් නිමකළ අලවතුර ගණේගොඩ රජමහා විහාරයේ ණටබුන් - Alawathura Ganegoda Rajamaha Viharaya

ගලින් නිමකළ අලවතුර ගණේගොඩ රජමහා විහාරයේ ණටබුන්

1890 දශකයේ දී සී පී බෙල් මහතා විසින් කෑගලු කෝරළ වාර්තාවේ කෑගල්ල දිස්ත්රික්කයේ ඇති මෙම එකම ශෛලමය විහාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඇතුලත් කොට ඇත.

Read More
Selawa Rajamaha Viharaya - සැලව රජමහා විහාරය

සැලව රජමහා ලෙන් විහාරය (Selawa Rajamaha Len Viharaya)

සැලව විහාරය ගොඩනැගීම මොරතොට හිමියන් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ආරම්භ කොට ඇත.මෙම විහාරයේ ගොඩනැගීම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය යටතේ වූවත් විහාරය බොහෝ දුරට අවසන් කොට මොරතොට හිමිට පූජා කරන ලද්දේ ‍ රාජාධි රාජසිංහ රජු (1781 – 1798) විසිනි.

Read More
Tampita Viharaya sketch og

කෙහෙල්පන්නල ශ්‍රී පබ්බතාරාම පුරාණ ටැම්පිට විහාරය

කෙහෙල්පන්නල (කෙසෙල්පන්නල) අයත්වන්නේ පරණකුරු කෝරළයටයි. අතීතයේදී ඉන්දියාවේ සිට දිවාකර නම් බ්‍රාහ්මණයෙක් තම ගෝලයින් දෙදෙනෙකු සමග ලංකා භූමියට ගොඩබස මෙම කෙහෙල්පන්නල ගම් පෙදෙස තම වාසස්ථානයට තෝරාගෙන ඇත. ඔවුන් ඉදි කළ පැල සඳහා කෙසෙල් කොල භාවිතා කළ හෙයින් මෙම ප්‍රදේශයට කෙහෙල්පන්නල යන නාමය ලැබූ බව විශ්වාස කරයි.

Read More
මාවනැල්ල මාකඩවර අම්බලම - Mawanella Makadawara Ambalama

මාවනැල්ල මාකඩවර අම්බලම

මාවනැල්ල මාකඩවර අම්බලම තරමක් විශාලයි. ප්‍රමාණයෙන් අඩි 20ක් දිග හා පළල සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් වන මෙහි වහලය විශාල අටපට්ටම් කණු සතරක් මත රඳා පවතිනවා. මෙම අම්බලම මුලින් කුඹුරු යායක් මැද  පිහිටා තිබුනත් අම්බලම තිබෙන ප්‍රදේශය දැන් පුරවා නිවාස සෑදිලා. එමනිසා මෙහි මුල් පාදමේ උස පෙනේනේ නැහැ. 

Read More
මාවනැල්ලේ අලගල්ල අම්බලම - Alagalla Ambalama in Mawanella

මාවනැල්ලේ අලගල්ල අම්බලම

වසර 100 ක් පමණ පරණ අරණායක, මැදිලිය, අලගල්ල අම්බලම මෙ වන විට අඹලන් තත්වයේ ඇති බව එම ප්‍රාදේශවාසීන් පවසයි. දැනට අම්බලමේ ඇති වහලය රදවා ඇති මුක්කු කිහිපයක්ම ඉතා අඹලන් තත්වයේ ඇති අතර ප්‍රාදේශවාසීන් පවසන්නේ මෙම ගරා වැටෙන අම්බලම ඉතා ඉක්මනින් නඩත්තු නොකර හොත් ඉක්මනින් කඩා වැටිමේ අවදානමක් ඇති බවයි.

Read More
මාවනැල්ල වැත්තෑව අම්බලම - Mawanella Waththewa Ambalalma

මාවනැල්ල වැත්තෑව අම්බලම (Mawanella Waththewa Ambalama)

වැත්තෑව අම්බලම කුඩා සතරැස් අම්බලමක්.  කුඩා පාදමක් මත මෙම අම්බලම සාදා තිබෙනනවා. අඩි  2½ ක පමණ උසට බිත්ති ගොඩගනවා ඒමත සිලින්ඩරාකාර කුළුණු 4 ක් ගොඩ නංවා වහලය ඒමත රඳවා තිබෙනවා. වැත්තෑව අම්බලම මෑත  කාලයකදී සදා තිබෙන්නේ සිමෙන්තියෙන්.

Read More
මොල්ලිගොඩ පුරාණ අම්බලම හා බෝධිය - Molligoda Ancient Ambalama and Bodhiya

මොල්ලිගොඩ පුරාණ අම්බලම හා බෝධිය (Molligoda Ancient Ambalama and Bodhiya)

මොල්ලිගොඩ අම්බලම කුඩා සතරැස් ශෛලමය අම්බලමක්.  අඩි  2½ක් පමණ උස ශෛලමය පාදමක් මත මෙම අම්බලම සාදා තිබෙනනවා. මේ සඳහා හොඳින් කැපූ විශාල ගල් කුට්ටි භාවිතා කර තිබෙනවා. ඒමත ගලින් බැඳී කණු 4ක් සදා තිබෙනවා.  මෙහි වහලය සම්පූර්ණයෙන් විනාශ වෙලා. කණු 4 න්  ඉතිරිව ඇත්තේ තුනක් පමණයි.

Read More
අභාවයට යමින් පවතින මාවනැල්ල මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම - Mawanella Molligoda Pinkumbura Ambalama

අභාවයට යමින් පවතින මාවනැල්ල මොල්ලිගොඩ පිංකුඹුර අම්බලම

මාවනැල්ල මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම කුඩා සතරැස් ශෛලමය අම්බලමක්. මෙය දේවතාකුඹුරේ අමබලම ලෙසද හීනැටිපන අම්බලම ලෙසද හඳුන්වා තිබෙනනවා. ගොයමින් සරුවූ වෙල්යායක් මද්‍යයේ නැගී සිටින මෙම ගලින් නිමවූ අම්බලම අලංකාර දර්ශනයක්.  

Read More