මාවනැල්ල වැත්තෑව අම්බලම – Mawanella Waththewa Ambalama

අද හමුවන අම්බලම් බොහොමයක් නුවර රාජධානි කාලයේ නිර්මාණය කල ගොඩනැගිලි. සමහර අම්බලම් කාගෙවත් පිහිටක් නොමැතිව විනාශ වෙමින් පවතිනවා එහෙමත් නැත්නම් දැනටමත් විනාශ වෙලා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සංරක්ෂණය කරන ලද අම්බලම් බොහොමයක්ද පවතිනවා.
කොළඹ නුවර පාරේ හිඟුල දැඩිමුන්න දේවාලය දිහාවට තොරණ යටින් හරවා හිගුල ප්‍රදේශයෙන් වැත්තෑව මාර්ගයට හරවා කිලෝමීටර 1.2ක් ගියවිට මනරම් වෙල්යායක් ඉදිරිපිට වැත්තෑව අම්බලම දැකගන්නට පුළුවන්.
වැත්තෑව අම්බලම කුඩා සතරැස් අම්බලමක්. කුඩා පාදමක් මත මෙම අම්බලම සාදා තිබෙනනවා. අඩි 2½ ක පමණ උසට බිත්ති ගොඩගනවා ඒමත සිලින්ඩරාකාර කුළුණු 4 ක් ගොඩ නංවා වහලය ඒමත රඳවා තිබෙනවා. වැත්තෑව අම්බලම මෑත කාලයකදී සදා තිබෙන්නේ සිමෙන්තියෙන්. ඉන් පෙර මෙහි පුරාණ අම්බලමක් තිබී එය නැවත ගොඩනැඟුවාදැයි දන්නේ නැහැ.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
මාවනැල්ල වැත්තෑව අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මාවනැල්ල වැත්තෑව අම්බලම රියදුරු දිශාවන්
මාවනැල්ල (හිඟුල) සිට වැත්තෑව අම්බලම දක්වා |
හරහා : ශ්‍රී ධර්මරතන මාවත ඔස්සේ මුළු දුර :කිලෝමීටර 1.5 ගතවන කාලය : විනාඩි 10 ගතකල යුතු කාලය : විනාඩි 10-15 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
ප්‍රතිචාරයක් ලබාදෙන්න