
photograph by : Mihira Bandara
පුරාණ කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්. වන්දනා හෝ වෙළඳාමට යන ගමන් මැන්නේ දින ගණනින් දැන් වගේ පය ගණනින් නොවේ. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. මෙම අම්බලම් මගීන්ට සුරක්ෂිතව රාත්‍රිය ගත කිරීමට සුළු ආහාරයක් පිස ගැනීමට භාවිතා උනා. ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.
ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.
අද හමුවන අම්බලම් බොහොමයක් නුවර රාජධානි කාලයේ නිර්මාණය කල ගොඩනැගිලි. සමහර අම්බලම් කාගෙවත් පිහිටක් නොමැතිව විනාශ වෙමින් පවතිනවා එහෙමත් නැත්නම් දැනටමත් විනාශ වෙලා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සංරක්ෂණය කරන ලද අම්බලම් බොහොමයක්ද පවතිනවා.
මාවනැල්ල මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම කුඩා සතරැස් ශෛලමය අම්බලමක්. මෙය හීනටිපාන අම්බලම ලෙසද යම් විට හඳුන්වනවා. මෙය දෙවටකුඹුරේ අමබලම ලෙසද හීනැටිපන අම්බලම ලෙසද හඳුන්වා තිබෙනනවා. ගොයමින් සරුවූ වෙල්යායක් මද්‍යයේ නැගී සිටින මෙම ගලින් නිමවූ අම්බලම අලංකාර දර්ශනයක්.
අඩි 2½ක් පමණ උස ශෛලමය පාදමක් මත මෙම අම්බලම සාදා තිබෙනනවා. මේ සඳහා හොඳින් කැපූ විශාල ගල් කුට්ටි භාවිතා කර තිබෙනවා. ඒමත චාම් ලෙස බොරදම් කැටයම් කල ගල් කණු 4ක් සිටුවා තිබෙනවා. මෙම ගල්කණු උඩ හා යට කොටස් සතරැස් වන අතර මද්‍ය කොටස අටපට්ටම් හැඩයක් ගන්නා අයුරින් හැඩ ගන්වා තිබෙනවා. කණු මුදුණ ලීයෙන් කල පේකඩ මෝස්තරයකින් හැඩගන්වා තිබෙනවා.
මෙම ගල් කණු මත තැබූ ලී බාල්ක 4ක් මත වහලය රඳවා තිබෙනවා. වහලය පැති සතරක්. මුදුනේදී ආනතිය වැඩිකොට තිබෙනවා. වහළය කැණිමඩලකින් එක් කොට පිටතින් මැටි කොතක් සවි කොට තිබෙනවා. වහලයට භාවිතා කර ඇත්තේ පෙති උළුයි.
මෙහි කොට්ටපිලක් සදා නැහැ. අම්බලම මද්‍යයේ පොලවේ සෘජුකොනාශ්‍ර කොටසක් අඟල් කිහිපයක් උඩට නංවා තිබෙනවා. හොවිට මෙම අම්බලම සාදන්නට ඇත්තේ කුඹුරු කොටන ගොවියන්ට සෙවණ සැලසීමට හා ගැමියන්ට සවස්යාමයේදී එක්රැස්වීම සදහා විහ හැකියි.
මෙම අම්බලමේ එක ගල්කණුවක සිංහල අක්ෂරයෙන් අම්බලමේ ගොඩනැගීම වාර්තා කරනවා.
“බු.ව. 2490
මෙය හීනටිපන U. B. හඳකුඹුරේ විසින් කරවා 25.7.47 වැනි දින නිමවන ලදී “
ඒ අනුව මෙම අම්බලම ගොඩනගා තිබෙන්නේ 1947දී දී පුද්ගලික දානපතියෙකුගේ අනුග්‍රහයෙන්. අද වනවිට මෙහි වහලය ගරා වැටිලා. නමුත් මෙය වසර 100ක් සම්පූර්ණ නැති බැවින් පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් වන්නේත් නැහැ. එමනිසා සියල්ලන්ට අවුහරණය දුන් පිංකුඹුරේ අම්බලම අද කාගේත් අවුහරණක් නොමැතිව ගරාවැටෙමින් පවතින තත්වයට පත්වෙලා.
මෙම අම්බලම ආසන්නයේම මොල්ලිගොඩ වලව්වත් පිහිටලා තිබෙනවා. නමුත් වර්තමාන හිමිකරු බාහිර කිසිදු පුද්ගලයෙකුට එහි ඇතුඵ වීමට අවසර ලබා දෙන්නේනැති බවයි පවසන්නේ.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම සිතියම
The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites
Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.
මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම රියදුරු දිශාවන්
මාවනැල්ල (හිඟුල) සිට මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම දක්වා |
හරහා : ශ්‍රී ධර්මරතන මාවත ඔස්සේ මුළු දුර :කිලෝමීටර 3 ගතවන කාලය : විනාඩි 10 ගතකල යුතු කාලය : විනාඩි 15 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |