අභාවයට යමින් පවතින මාවනැල්ල මොල්ලිගොඩ පිංකුඹුර අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 3.50 out of 5)

පුරාණ කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්.  වන්දනා හෝ වෙළඳාමට යන ගමන් මැන්නේ දින ගණනින් දැන් වගේ පය ගණනින් නොවේ. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. මෙම අම්බලම් මගීන්ට සුරක්ෂිතව රාත්‍රිය ගත කිරීමට සුළු ආහාරයක් පිස ගැනීමට භාවිතා උනා.  ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.

⚙️ [Google Ad 01 -SI]

ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

අද හමුවන අම්බලම් බොහොමයක් නුවර රාජධානි කාලයේ නිර්මාණය කල ගොඩනැගිලි. සමහර අම්බලම් කාගෙවත් පිහිටක් නොමැතිව විනාශ වෙමින් පවතිනවා එහෙමත් නැත්නම් දැනටමත් විනාශ වෙලා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සංරක්ෂණය කරන ලද අම්බලම් බොහොමයක්ද පවතිනවා.

මාවනැල්ල මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම කුඩා සතරැස් ශෛලමය අම්බලමක්. මෙය හීනටිපාන අම්බලම ලෙසද යම් විට හඳුන්වනවා. මෙය දෙවටකුඹුරේ අමබලම ලෙසද හීනැටිපන අම්බලම ලෙසද හඳුන්වා තිබෙනනවා. ගොයමින් සරුවූ වෙල්යායක් මද්‍යයේ නැගී සිටින මෙම ගලින් නිමවූ අම්බලම අලංකාර දර්ශනයක්.

අඩි  2½ක් පමණ උස ශෛලමය පාදමක් මත මෙම අම්බලම සාදා තිබෙනනවා. මේ සඳහා හොඳින් කැපූ විශාල ගල් කුට්ටි භාවිතා කර තිබෙනවා. ඒමත චාම් ලෙස බොරදම් කැටයම් කල ගල් කණු 4ක් සිටුවා තිබෙනවා.  මෙම ගල්කණු උඩ හා යට කොටස්  සතරැස් වන අතර මද්‍ය කොටස අටපට්ටම් හැඩයක් ගන්නා අයුරින් හැඩ ගන්වා තිබෙනවා. කණු මුදුණ ලීයෙන් කල පේකඩ මෝස්තරයකින් හැඩගන්වා තිබෙනවා.

මෙම ගල් කණු මත තැබූ ලී බාල්ක 4ක් මත වහලය රඳවා තිබෙනවා. වහලය පැති සතරක්. මුදුනේදී ආනතිය වැඩිකොට තිබෙනවා. වහළය කැණිමඩලකින් එක් කොට පිටතින් මැටි කොතක් සවි කොට තිබෙනවා. වහලයට භාවිතා කර ඇත්තේ පෙති උළුයි.

මෙහි කොට්ටපිලක් සදා නැහැ. අම්බලම මද්‍යයේ පොලවේ සෘජුකොනාශ්‍ර කොටසක් අඟල් කිහිපයක් උඩට නංවා තිබෙනවා. හොවිට මෙම අම්බලම සාදන්නට ඇත්තේ කුඹුරු කොටන ගොවියන්ට සෙවණ සැලසීමට හා ගැමියන්ට සවස්යාමයේදී එක්රැස්වීම සදහා විහ හැකියි.

මෙම අම්බලමේ  එක ගල්කණුවක සිංහල අක්ෂරයෙන් අම්බලමේ ගොඩනැගීම වාර්තා කරනවා.

“බු.ව. 2490
මෙය හීනටිපන U. B. හඳකුඹුරේ විසින් කරවා 25.7.47 වැනි දින නිමවන ලදී “

ඒ අනුව මෙම අම්බලම ගොඩනගා තිබෙන්නේ 1947දී  දී පුද්ගලික දානපතියෙකුගේ අනුග්‍රහයෙන්. අද වනවිට මෙහි වහලය ගරා වැටිලා. නමුත් මෙය වසර 100ක් සම්පූර්ණ නැති බැවින් පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් වන්නේත් නැහැ. එමනිසා සියල්ලන්ට අවුහරණය දුන් පිංකුඹුරේ අම්බලම අද කාගේත් අවුහරණක් නොමැතිව ගරාවැටෙමින් පවතින තත්වයට පත්වෙලා.

මෙම අම්බලම ආසන්නයේම මොල්ලිගොඩ වලව්වත් පිහිටලා තිබෙනවා. නමුත් වර්තමාන හිමිකරු බාහිර කිසිදු පුද්ගලයෙකුට එහි ඇතුඵ වීමට අවසර ලබා දෙන්නේනැති බවයි පවසන්නේ.

සම්බන්ධ වෙනත් පිටු

මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම රියදුරු දිශාවන්

මාවනැල්ල (හිඟුල) සිට මොල්ලිගොඩ පිංකුඹුරේ අම්බලම දක්වා
හරහා : ශ්‍රී ධර්මරතන මාවත ඔස්සේ
මුළු දුර :කිලෝමීටර 3
ගතවන කාලය  : විනාඩි 10
ගතකල යුතු කාලය : විනාඩි 15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply