
Photo Credits : www.samkathana.lk
දෙමහල් අත්තනගොඩ ටැම්පිට විහාරය පිහිටියේ ප්‍රසිද්ධ අම්බුළුගල රජමහා විහාරයට ආසන්නයේය. කෑගල්ලේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීටර 5 ක් පමණ ගමන්කොට මොලගොඩ ප්‍රදේශයෙන් හරවා තවත් කිලෝමීටර 5 පමණ ගමන්ගෙන මෙම විහාරයට ලඟා විය හැක.
මෙම විහාරයේ විශාල දෙමහල් ටැම්පිට විහාරයක් පවතී. ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල නප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.
මෙම ගොඩනැගිල්ලේ ටැම්පිට විහාරය ඇත්තේ උඩ මාලයේය.ටැම්පිට විහාරයන්හි සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ප්‍රදක්ෂිණා පථයක් මෙහි නොමැත. මෙහි ප්‍රථිමා ගෘහයේ දිග මීටර් 6.93 ක් සහ පළල මීටර් 3.66 කි. මෙම ටැම්පිට විහාරය 1977 ජනවාරි 28වන දින ගැසට් පත්‍රයක් මගින් ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස නම් කරන ලදී.
ආශ්‍රිත මුලාශ්‍ර
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ටැම්පිට විහාර ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
අත්තනගොඩ ටැම්පිට විහාරය සිතියම
The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites
Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.
අත්තනගොඩ ටැම්පිට විහාරය රියදුරු දිශාවන්
කෑගල්ල සිට අත්තනගොඩ ටැම්පිට විහාරය දක්වා |
හරහා :මොලගොඩ මුළු දුර : කිලෝමීටර් 11 ගතවන කාලය : විනාඩි 30 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |