මාවනැල්ල මාකඩවර අම්බලම – Mawanella Makadawara Ambalama

photo credits to Explore Ambalama Team
මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග අසලකරන ලද විශ්‍රාමශාලා හෙවත් ගිමන්හල අම්බලම නමින් හැඳින්වෙනවා. පුරාණයේ මේවායේ රාජරාජ මහාමාත්‍යාදීන් පවා ලැගුම් ගත්තා. අතීතයේ පයින් හා දෝලාවෙන් ගමන් ගිය මගීන් ගමන් වෙහෙස නිවීම සඳහා අම්බලමක් සැදීම මහත් ඵල ගෙනෙන කුසල් කර්මයක් ලෙස සැලකුවා. ලංකාවේ තිබෙන බෞද්ධ ප්‍රවේශය මේ සඳහා තවත් දායක වුණා. එම නිසා ප්‍රසිද්ධ මාර්ගවල සැතපුම් දෙක තුනකට ඈතින් අම්බලම් දකින්න ලැබුණු අතර බොහෝ පැරැණි ගම්වල අම්බලම් දෙක තුනක් පවා දක්නට ලැබුනා. ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා.
ඇතැම් අම්බලම් ඉතා විශිෂ්ට ලෙසින් කැටයම් කරලා තිබුණා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.
නව මාවනැල්ල වට රවුම් පාර පසුකොට කිලෝමීටර 4ක් නුවර පාරේ කඩුගන්නාව දෙසට ගමන් කොට වම් දිශාවට ඇති ගනේතැන්න ශ්‍රී සුධර්මාරාම විහාරයට හැරවීමට ඇති මාර්ගයේ කිලෝමීටර 3½ ක් ගමන් ගත් තැන මාකඩවර අම්බලමට ලඟා වීමට පුළුවන්. මෙම අම්බලම උඩමාකඩවර අම්බලම ලෙසද හඳුන්වනවා.
මෙම අම්බලම තරමක් විශාලයි. ප්‍රමාණයෙන් අඩි 20ක් දිග හා පළල සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් වන මෙහි වහලය විශාල අටපට්ටම් කණු සතරක් මත රඳා පවතිනවා. මෙම අම්බලම මුලින් කුඹුරු යායක් මැද පිහිටා තිබුනත් අම්බලම තිබෙන ප්‍රදේශය දැන් පුරවා නිවාස සෑදිලා. එමනිසා මෙහි මුල් පාදමේ උස පෙනේනේ නැහැ. ඝනකම් ලෙසට බඳිනලද කෙටි බිත්ති එහි ආසන පෝරු ලෙසද භාවිතා උනා. මාකඩවර අම්බලම සදා තිබෙන්නේ ගඩොල් හා බදාම භාවිතයෙන්.
වහලය සිංහළ උළු භාවිතාකර නිමවා තිබෙනවා. වහලය මද්‍යයේ සියලු බාල්ක එක්කරවන මඩොල් කුරුපාව ලී ඇනයේ පියුමක කැටයමකි. කැණිමඩල කොත ලෙස ඇත්තේ මැටියෙන් තැනූ පියුමකි.
මෙම අම්බලම සාදා ඇත්තේ බක්මීවත්තේ වෙදමහතා විසින්. දැනට ජීවත්වන ඔහුගේ වයස්ගත මී මුණුපුරාට අනුව ඔහු ජීවත්වන්නේ වසර 150කට පෙරාතුවයි. එමනිසා මම අම්බලමද වසර 150කට වැඩි වයසක් ඇති බව නීර්ණය කිරීමට පුළුවන්.මෙම අම්බලමේ මුල් ආකෘතිය අදටත් වෙනස් වී නොමැති බව පෙනෙනවා.
මෙම අම්බලමට දකුණින් සැතපුම් ¼ක් පමණ දුරින් තිබූ දුණුගොම අම්බලම වසර 50කට පමණ පෙර විනාශ වුනු බව පවසනවා.
ආශ්රිත ලිපි හා ග්රන්ථ
- අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
මාවනැල්ල මාකඩවර අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මාවනැල්ල මාකඩවර අම්බලම රියදුරු දිශාවන්
මාවනැල්ල (කොළඹ – නුවර මාර්ගය) සිට මාකඩවර අම්බලම දක්වා |
හරහා : ගනේතැන්න ශ්‍රී සුධර්මාරාම විහාරය මාර්ගය මුළු දුර :කිලෝමීටර 3.3 ගතවන කාලය : විනාඩි 10 ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
ප්‍රතිචාරයක් ලබාදෙන්න