කෑගල්ල මිනියම්පිටිය වත්ත පුරාවිද්‍යා ස්ථානය
කොළඹ සහ මහනුවර අතර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන අතරතුර මින් පෙර වාර්තා නොවූ පෞරාණික ස්තූප දෙකක නටඹුන් වසර කිහිපයකට පෙර වාර්තා විය. මෙම ස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මිනියම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇත.
කොළඹ සහ මහනුවර අතර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන අතරතුර මින් පෙර වාර්තා නොවූ පෞරාණික ස්තූප දෙකක නටඹුන් වසර කිහිපයකට පෙර වාර්තා විය. මෙම ස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මිනියම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇත.
මැදිලිය ටැම්පිට විහාරය අඩි 2½ ක් උස කුළුණු 20 ක් මත ඉදිකර ඇත. මෙම ප්‍රතිමාගෘහය ඉදිකිරීම සඳහා අඟල් 9×9 ලී බාල්ක කණු මත රඳවා ඒමත අඟල් 4ක් පළල දැව ලෑලි තට්ටුවක් සදා ඒමත බිත්ති නංවා ඇත. ටැම්පිට විහාරයේ දිග අඩි 20 ක් සහ පළල අඩි 12 කි. අභ්‍යන්තර ප්‍රතිමාගෘහයේ ප්‍රමාණය අඩි 12×7 කි. වරිච්චි බිත්ති ඉදිකර ඒමත හුණු ආලේප කොට වහලය පැතලි උළු යොදා සම්පුර්ණ කොට ඇත.
අස්මඩල ටැම්පිට විහාරය සැඟවී තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උස්සපිටිය සහ හෙට්ටිමුල්ල අතර පිහිටි දුෂ්කර අස්මඩල ගම්මානයේ පුරාණ සුගත බිම්බාරාම විහාර භූමියේ.
මාවෙල මල්වතු පුරාණ ටැම්පිට විහාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ මහනුවරමාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට මීටර් සියයක් ඈතින් ඇති ටැම්පිට විහාරයක් සහිත පුරාණ විහාරයකි. අද මෙම විහාරස්ථානයේ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ටැම්පිට විහාරයයි.
මෝරගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරය යනු කෑගල්ලේ අරනායක හා හෙට්ටිමුල්ල අතර සැඟවී ඇති ටැම්පිට විහාරයක් සහිත පුරාණ විහාරස්ථානයකි. ද මෙම විහාරස්ථානයේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ටැම්පිට ව්‍යුහ දෙකකි. එනම් ටැම්පිට විහාරය සහ ටැම්පිට ආවාස ගෙයයි.
මාවනැල්ල උඩුමහන අම්බලම මැටි බදාමයෙන් සාදන ලද කුඩා අම්බලමයකි. ජනප්‍රවාදයට අනුව, මෙම අම්බලම වලගමබා රජුගේ (ක්‍රි.පූ 89-77) සමය දක්වා දිව යයි. එහි ගොඩනැගිලි සැලැස්ම හතරැස් වන අතර විශාල කුළුණු හතරක් ගොඩනැගිල්ලේ වහලය රඳවා තබා ගනී.
නෑපලාන අම්බලම යනු කෑගලු දිස්ත්‍රික්කයේ යටිමහන නෑපලාන ප්‍රදේශයේ මැටි බදාමයෙන් සාදන ලද ගොඩනැගිල්ලකි. ජනප්‍රවාදයට අනුව, මෙම අම්බලම වලගමබා රජුගේ (ක්‍රි.පූ 89-77) සමය දක්වා දිව යයි. අම්බලම පිහිටා තිබෙන්නේ මාවනැල්ල තලගොල්ල මාර්ගයේ නරම් කුඹුරකට යාබදවයි. මෙම අම්බලම ඉතිහාසය පැහැදිළි නැත.
මෙම ලෙනගල රජමහා විහාරය අනුරාධපුර යුගය දක්වා දිව යයි. මෙම විහාරස්ථානය මුලින්ම ඉදිකරන ලද්දේ වලගම්බා රජු (ක්‍රි.පූ. 89-77) ලෙස ජනවහරේ පවතී. මෙය අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇත්තේ සතර කෝරලේ ලෙව්කේ දිසාවේ විසිනි.
රාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ කළේ යැයි සන්නසකින් හෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි.
පොඩාපේ රජමහා විහාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක හා බුලත්කොහුපිටිය අතර ගුරුගල්ලෙන නමින් හඳුන්වන දුර බැහැර ප්‍රදේශයක සැඟවී ඇති පුරාණ විහාරයකි. මෙම විහාරස්ථානයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ පන්සලේ ටැම්පිට විහාරයයයි.
බෙලිගල ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය සාමාන්‍ය වහරේ බෙලිගල රාජමහා විහාරය ලෙස ප්‍රචලිතය. එය කෑගල්ල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නෙලුන්දෙනිය අතර පිහිටි පුරාණ විහාරයකි. ඓතිහාසික වාර්තාවලට අනුව, බෙලිගල විහාරය ශ්‍රී මහා බෝධි (දෙතිස්පල මහා බෝධි අංකුරයක් රෝපණය කළ ස්ථානයකි.
දෙවනගල රජමහා විහාරය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නිතර ආන්දෝලනයට හා ජාතිවාදී ඉස්ලාම් ජාතිකයින්ගෙන් බැටකන පුරාණ විහාරස්ථානයකි. දෙවනගල විහාරය ඉදිකර ඇත්තේ පොලොන්නරුව රාජධානියේ මහා පරක්‍රමබාහු රජුගේ (1153-1186) යුගයේදී බව විශ්වාස කෙරේ.
1897 දී ඊ. සී. ඩේවිස් නම් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු විසින් ගුරුගොඩ ඔය හරහා පුරාණ නිල්ඔලුව දේදුණු පාළම රජයේ කර්මාන්ත ශාලාවේ ඉදිකර ඇත. මොහු මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ පාලම් ගණනක් ඉදිකිරීමට දායක වූ ඉංජිනේරුවරුවෙකි.
අරන්දොර බළකොටුව මැණික්කඩවර ප්‍රධාන බලකොටුවේ මූලික කඳවුරක් ලෙස භාවිතාවූ පෘතුගීසි බලකොටුවකි. මෙම බලකොටුවේ මූලෝපායික පිහිටීම වටහා ගත් ලන්දේසීන් 1666 දී මහනුවර IIවන රාජසිංහ රජුගේ කැමැත්තට එරෙහිව බලකොටුවක් ස්ථාපනය කරන ලදි.
හොලොම්බුව බලකොටුව ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති එකම පැති හතරේ තරු හැඩයේ බලකොටුවයි. මෙම බලකොටුව යුරෝපීය හා ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් සංකලනයකින් ගොඩනැගී ඇත. සාමාන්‍යයෙන් බලකොටුවේ කොන් වල ඇති මුර අට්ටාල වෙනුවට මෙහි ඇතිතේ සතරැස් බැම්ම මද්‍යයේය.
වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය යනු පොල්ගහවෙල සහ කෑගල්ල අතර වසර 2200 කට අධික ඉතිහාසයක් ඇති විහාරයකි. මෙම විහාරස්ථානය නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අවසාන මහා අරහත් යැයි විශ්වාස කෙරෙන මලියදේව රහතන් වහන්සේ සමඟ ඇති සමීප සම්බන්ධතාවය සලකමිනි.
මාස්පොත අම්බලම අලව්වේ සිට කිලෝමීටර 4.5ක් දුරින්ද නෙලුම්දෙනියේ සිට බෙලිගල මාර්ගයේ ගමන් ගන්නවානම් කිලෝමීටර 5.7ක් දුරින්ද පිහිටා ඇත. රමණීය කෙත්යායක් ආසනයේ පිහිටා ඇති මෙම අම්බලම කබොක් ගලින් හා බදාමයෙන් සාදා ඇත. අම්බලම පරිහරණය කරන්නන් සඳහා ඒ අසලම ලිඳක්ද පවතී.
මාකෙහෙල්වල අම්බලම ගඩොල් හා බදාමයෙන් සාදා ඇති ප්‍රමාණයෙන් විශාල අම්බලමකි. මෙහි වහලය ඵල දෙකකට සාදා ඇත. අම්බලම වටා සහ ඵල එක්වන ස්ථානය වටා ඇති කණු විශාල වූ වහලය දරා සිටියි.
පුරාණ බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ගන්දොළහ පත්තුවට අයත් ජීවාන ග්‍රාමයේ ඇති මෙම විහාරයේ ටැම්පිට විහාරය උස් වූ ශෛලමය කුළුණු මත ගොඩනැඟුණු බුදු මැදුරකි.
වසර ගණනාවක් මහා බලකොටුවක්, දන්ත ධාතු මන්දිරයක් , රජ මාලිගාවක් හා විශාල සන්ඝාරමයක්ව පැවති සීගිරියට නොදෙවෙනි බෙලිගල අද කිසිදු අවුහරණක් නොමැතිව නිදන් සොරුන්ගේ රජ දහනක්ව පවතී. මෙම පර්වතය නැගීමට ඇති දුෂ්කරතාවය නිසා සාමන්‍ය ජනතාව හෝ ගැමියන් මෙහි ගමන් කරන්නේ කලාතුරකිනි.