මාවනැල්ලේ අලගල්ල අම්බලම – Alagalla Ambalama in Mawanella
RATE THIS LOCATION :
වසර 100 ක් පමණ පරණ අරණායක, මැදිලිය, අලගල්ල අම්බලම මෙ වන විට අබලන් තත්වයේ ඇති බව එම ප්‍රාදේශවාසීන් පවසයි. දැනට අම්බලමේ ඇති වහලය රදවා ඇති මුක්කු කිහිපයක්ම ඉතා අඹලන් තත්වයේ ඇති අතර ප්‍රාදේශවාසීන් පවසන්නේ මෙම ගරා වැටෙන අම්බලම ඉතා ඉක්මනින් නඩත්තු නොකර හොත් ඉක්මනින් කඩා වැටිමේ අවදානමක් ඇති බවයි.
කුඹුරු යායක් මැද පිහිටා ඇති අම්බලම ගොවිතැන් කටයුතු ඇති කාලයේදි බොහෝ දෙනෙක් සිය දෛනික කටයුතු වලට සහ විවේක ගැනිමට යොදා ගන්නා අතර අලගල්ල හරහා කලල්පිටිය ගමන් කරන ජනතාව වැසි පවතින විට ද මෙම අම්බලම ප්‍රයෝජනයට ගන්නා අතර කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් නිරන්තයෙන් විවේක ගන්නා මෙ ස්ථානයේ ඇති අම්බලම ඉතා නඩත්තු කර දෙන මෙන් ප්‍රදේශවාසීහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ
- අලගල්ල අම්බලම අභාවයටම යයිද? , සමන් විජය බණ්ඩාර
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
© www.amazinglanka.com
ප්‍රතිචාරයක් ලබාදෙන්න