කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුච්චවේලි පොලිසියට යාබදව කුච්චවේලි පැරණි තානායම තිබු භූමිය හා ඒ අවට හමුවන නටඹුන් සහිත ප්‍රදේශය වර්ථමානයේ පිච්චමල් විහාරය යන නමින් හදුන්වනු ලබයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුච්චවේලි පොලිසියට යාබදව කුච්චවේලි පැරණි තානායම තිබු භූමිය හා ඒ අවට හමුවන නටඹුන් සහිත ප්‍රදේශය වර්ථමානයේ පිච්චමල් විහාරය යන නමින් හදුන්වනු ලබයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආන්දම්කුලම වැව් ඉස්මත්තේ වැව් බැම්ම කෙලවර පිහිටි ගල් කදුවැටියේ මෙම නටඹුන් සහිත පුදබිම පිහිටා ඇත. ආන්දම් කුලම වැවෙහි දකුණු පස වැව් බැම්ම මතින් ගමන් කිරිමෙන් පසුව ලෙන් ආරණ්‍ය සේනාසනයට ප්‍රවේශවිමට හැකිය.
ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 7.5ක් පමණ ගියවිට හමුවෙන අඩම්පනේ ප්‍රදේශයේ පහලගම පුරාවිද්‍යා භූමිය පිහිටා ඇත. මෙය විශාල භූමියක් නොවුනත් අප මෙහි යනවිට හොඳින් නඩත්තු කරතිබුණි. සංරක්‍ෂිත නටබුන් ස්ථූපයක්, බෝධිඝරයක් සහ පිළිම ගෙයකින් මෙම පුජා භූමිය සමන්විත වේ.
ත්‍රිකුණාමලය නුවර පාරේ ත්‍රිකුණාමලයේ සිට තඹලගමුව දෙසට ගමන් කර කප්පල්තුරේ දැව සංස්ථාව අසල 188/5 වන බෝක්කුව ඉදිරිපිට පෙනෙන තේක්ක වත්ත තුල මෙම නටඹුන් පිහිටා තිබෙනු දක්නට ලැබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කුඹුරුපිටිය ගුවන් විදුලි සංස්ථා අධි සම්ප්‍රේෂණ කුළුණු සංකිර්ණය පසුකර මඩුවාකුලම වැව දෙසට ගමන් කල පසුව වැව් බැම්මේ වම් කෙලවරේ මෙම නටඹුන් සෑය සහිත පුරාවිද්‍යා භූමිය දැකගත හැකිවේ.
කවර කලෙක කවර නිරිදෙකු විසින් ඉදිකරන ලද්දක්ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුවත් මෙම මලයඩිකුලම වැව ස්ථුපය අනුරාධපුර මුල් යුගයේ ඉදිකරන ලද එකක් බව නිසැකවම කිව හැකිය. යටි වනයක් සහිත පැතිර ගිය සම බිමක ස්ථුපය පිහිටා ඇත. අඩි තුන හමාරක් පමණ උසින් යුතු වට අඩි 45 ක් පමණ වන දා ගැබේ ගර්භය පාදම දක්වා හාරා විනාශ කර ඇත.
නටඹුන් සහිත මෙම පුලියුත්තු වැව පුරාවිද්‍යා භූමිය නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇත. පිළිම ගෙයක් බවට අනුමාන කල හැකි පුදබිමකි. විනාශ වු සහ නොවු පෙති උළු රැසක් ඒ අවට පසින් යටව විසිර පවති. විශාල ප්‍රමාණයේ කණු පාදම් ගල් දෙකක් කොළ රොඩු වලින් වැසි ගොස් තිබේ. නිධන් හොරුන් වැනසිම නිසා අනුරාධපුර මුල් යුගයට අයත් ගඩොලු රැසක් තැන තැන විසිර පවති.
කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටද එසේත් නැතිනම් ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වන්නේදැයි නිසැක වශයෙන්ම කිව නොහැකි මෙම නටඹුන් පිහිටි බිම ගෝමරන්කඩවල තිරියාය මාර්ගයේ මහ ආලංකුලම වැවට නුදුරින් පිහිටා තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර හා කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 229 බි සුමේධංකරපුර ග්‍රාම නිලධාරි වසමේ කප්පල්තුරෙයි ආයුර්වේද රෝහලට මදක් දුරින් නටඹුන් වු මෙම දා ගැබ් ගොඩැල්ල දක්නට හැකිය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මනාව සංරක්ෂණය කර නඩත්තු කරනු ලබන ගෝමරන්කඩවල ආඳාගල පුරාවිද්‍යා ස්ථානය තුල ගොඩනැගිලි දෙකක නටඹුන් දක්නට ඇත. ගොඩනැගිලි දෙකම ගඩොලින් නිර්මාණය කර ඇත. මෙම ස්ථානයට ඇතුළු විමේදි පළමුව හමුවන ගොඩනැගිල්ල මෙහි ප්‍රධාන ගොඩනැගිල්ලයි.
ත්‍රිකුණාමලය ශාන්ත ස්ටීවන් යුධ සුසානයට යාබදව නෙල්සන් සිනමා ශාලාව ඉදිරිපිට බිමෙහි මෙම බෝ රුක් සතර දක්නට ලැබේ. කපුටු බෝ රුක් ලෙස සිතා කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කලක් අතහැර දමා තිබු මෙම ස්ථානය පිළිබදව හා එහි වැදගත්කම පිළිබදව ගත් කතුවරයෙකු හා පුරාවිද්‍යා ගවේෂකයකු වු කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි දිවංගත පී. ඇල්. සිරිසේනයන් විසින් 2003 දී හෙළි කරන ලදි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කලකට පෙර සංරක්ෂණය කරනු ලැබු මෙම ගෝමරන්කඩවල මයිලවැව දාගැබ ඉන් පසුව නිසි නඩත්තුවක් නොමැතිවිම නිසා වල්බිහිවි ගොස් සෑ ගර්භය තැන තැන පුපුරා ගොස් තිබේ. අගල් 156 ක් පමණ උසින් යුතු දාගැබෙහි උතුරු දෙසට වන්නට ගර්භය මැදින් කොටසක ගඩොලු ගැලවි තිබේ.
අක්කර දෙකක භූමියක් පුරා විසිර පවතින නටඹුන් අතර නයි පෙන හැඩැති ලෙන් යුගලය නිසා මෙම වන සෙනසුනට නාගලෙන නම ලැබි තිබේ. තිරියාය ගිරිහඩු සෑයට සමගාමිව ඉදිවු මෙම නටඹුන් ස්ථානය පිහිටි කදු මුදුනතේ ලිප් ගල් තුනක් ආකාරයට පිහිටි විශාල ගල් තුනකි. ගල් ලෙන් කිහිපයක් දක්නට ඇති අතර ඉන් නයි පෙන හැඩැති ලෙන් යුගලයේ කටාරම් කොටා තිබේ.
ත්‍රිකුණාමලය නිලාවෙලි පාරේ කුඹුරුපිඩ්ඩි රෙඩ් රොක්ස් තුඩුවේ නටඹුන් සහිත මෙම ස්තානය පිහිටා තිබේ. සයුර දෙසට පැතිර පවතින විශාල ගල් තලාවක් සේ විහිදෙන ගිරි මුදුනතේ එක් පසෙකට වන්නට දා ගැබ් ගොඩැල්ල පිහිටා ඇත. මෙම වෙරළ තිරය ආශ්‍රීතව මෙම ස්ථානය මුහුදට ආසන්නයේ පිහිටිම නිසාත් අවට සමුද්‍ර විහාර කිහිපයක් පෙර රජ දවස ඉදිව තිබිමෙන් මෙම ස්ථායේ පවතින ගඩොලු ස්ථරය එම කාලයේදි ඉදිවු දා ගැබක අවශේෂ බව සිතිය හැකිය.
ධාතු වංශයේ සදහන් වන පරිදි ගෝඨාභය රජුන් විසින් මහවැලි ගග දෙපස ඉදිකල බව පැවැසෙන වෙහෙර විහාර 500 න් එකක් විය හැකි යැයි විශ්වාස කරන ත්‍රිකුණාමලය සේරුනුවර, දෙහිවත්ත, එල් බී හය ප්‍රදේශයේ සිරිවඩ්ඩනාරාම විහාරස්ථාන භූමියේ තිබි හමුවු පැරණි දා ගැබ් ගොඩැල්ල කැණීම් කර සංරක්ෂණය කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කලේය.
නටඹුන් විසිර පවතින මෙම මුතුගම භූමියේ දා ගැබද ඇතුළුව ස්ථාන හයක් පමණ නිධන් සෙවිමේ අරමුණින් නිධන් හොරුන් විසින් හාරා ඇත. ඉඩම් අල්ලා ගැනිමේ අරමුණින් අක්කර 10 ක් පමණ නටඹුන් අවට කැලය කපා දමා පැල්කොට ගසා ගෙන ඇත.
ත්‍රිකුණාමලය සාම්පූර් කෙවිලියට මදක් ඔබ්බෙන් කුඩා කඳු ගැටයක් මත තිබූ මෙම ස්තුප ගොඩැල්ල 2017 දී සේරුවිල පුරාවිද්‍යා ව්‍යාපෘතිය සොයාගෙන දින 2ක් තුල දෙමල අන්තවාදීන් විසින් එය බැකෝ යන්ත්‍ර යොදා සම්පූර්ණයෙන්ම විනාශකර දැමුවා.
කන්නියා උණු දිය ළිං අවට පිහිටා ඇති මේ වනවිට කැණීම් කර මතුකර ගනු ලැබු දා ගැබ අවධි දෙකකට අයත් එකක් බවට තහවුරුව තිබේ උණු දිය ලිං පිහිටි මට්ටමට වඩා මීටරයක් පමණ උසින් දා ගැබෙහි අත්තිවාරම ආරම්භව ඇති අතර මතුපිට පොලවේ සිට මීටරයක් පමණ උසින් යුත් වේදිකාවක් මත කුඩා ප්‍රමාණයේ දා ගැබක් ඉදිකර තිබු බව පෙනි යයි.
ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර රජමහ වෙහෙරට බටහිරට වන්නට මහ වන මැද ගොපල්ලන් නටඹුන් වැව යැයි හදුන්වන වැව් ඉස්මත්තේ පිහිටි ශිලා ලිපි සහිත කටාරම් කොටන ලද පැරණි ලෙන් සංකීර්ණය හා දා ගැබක නටඹුන් වනයෙන් වැසි යමින් තිබේ.
කුච්චවේලි හා ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙක අතර මායිමේ පිහිටි නීලපනිච්චන්කුලම වැවෙහි වැව් බැම්මේ කෙලවර කදු මුදුනතෙහි පිහිටි මෙම නටඹුන් සංකිර්ණය අනුරාධපුර මුල් යුගයට අයත් බව සිතිය හැකිවේ.