ත්‍රිකුණාමලය ශ්‍රී සුනන්දාරාම රජමහ විහාරය පුරාවිද්‍යා නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 3.50 out of 5)
Lakmal K. Baduge
By Lakmal K. Baduge

ත්‍රිකුණාමලය නගර හා කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කප්පල්තුරේ ග්‍රාම නිලධාරි වසමේ කප්පල්තුරේ දැව සංස්ථාව ඉදිරිපිට තේක්ක වත්ත තුල මෙම දාගැබ පිහිටා ඇත.

ත්‍රිකුණාමලය නුවර පාරේ ත්‍රිකුණාමලයේ සිට තඹලගමුව දෙසට ගමන් කර කප්පල්තුරේ දැව සංස්ථාව අසල 188/5 වන බෝක්කුව ඉදිරිපිට පෙනෙන තේක්ක වත්ත තුල මෙම නටඹුන් පිහිටා තිබෙනු දක්නට ලැබේ.

⚙️ [Google Ad 01 -SI]

‍පුජ්‍ය පාද රොටවල නන්දාරාම හිමියන් මෙම පැරණි දා ගැබ සහිත නටඹුන් බිම පසෙක දා ගැබට මිටර් 70 ක් පමණ දුරින් ආවාසයක් කරවා එකි පුදබිම සුනන්දාරාමය ලෙස නම් කර එහි විහාරාධිපතිත්වය දරමින් මෙම පුදබිම රැක බලා ගනිමින් වාසය කරති.

මෙම ස්ථානයෙහි විශාල ස්ථුපයක ගොඩැල්ලකි. ප්‍රධාන මාර්ගයේ සිට යාර 150 කට වඩා දුර නැත. මෙම ස්ථුප ගොඩැල්ල වට අඩි 200 ක් පමණ පුළුල් වන අතර අඩි 12 ක් පමණ උස්වේ. නිධන් හොරුන් විසින් ගර්භය හාරා ඇත. ගඩොලු හැම තැනම විසිරි ඇත. අගල් 28 ක් පමණ දිගැති ඒ හා සමාන පළලැති ශෛලමය සිරිපතුල් ගලක් ස්ථුපය පාමුල දක්නට ඇත.

කුමන කලෙක කවරෙකු විසින් කරවුවක් දැයි නොදන්නා නමුත් මේ අවට පිහිටි සෙසු නටඹුන් හා ඒවා පිහිටා ඇති ආකාරය දෙස බැලිමේදි මෙම ස්තූපයද අනුරාධපුර මුල් යුගයට අයත් එකක් බැව් සිතිය හැකිය.

සම්බන්ධ වෙනත් පිටු

ත්‍රිකුණාමලය ශ්‍රී සුනන්දාරාම රජමහ විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ත්‍රිකුණාමලය ශ්‍රී සුනන්දාරාම රජමහ විහාරය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට ශ්‍රී සුනන්දාරාම රජමහ විහාරය දක්වා
හරහා :පුනෑව
මුළු දුර : කිලෝමීටර් 11
ගතවන කාලය : විනාඩි 20
ගත කිරිය යුතු කාලය : විනාඩි 45-60  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply